ගාල්ල කරාපිටිය රෝහලේ දී ප‍්‍රතිජීවක විෂවීමෙන් නම හැවිරිදි දැරියක මිය යෑමත් සමග දැරියගේ මරණයට හේතුවී යැයි සැළකෙන ප‍්‍රතිජීවක කාණ්ඩය වෙනත් රෝගීන්ට දීම නවතා දැමූ බව ද රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසයි. මෙලෙස මියගියේ ගාල්ල හීන්පැන්දල පදිංචි කවීෂා ජයෝදා ජයවර්ධන දැරියයි. දැරියගේ මරණයට හේතුව සෙෆ්ටි‍්‍රයක්සෝන් නමැති ප‍්‍රතිජීවකයක් දීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවක් හෙවත් විෂ වීම බව රෝහලේ වෛද්‍යවරු පවසති. උදරාබාධයක් හේතුවෙන් රෝහල්ගත වූ දැරියකට බ්‍රහස්පතින්දා (11) සවස ද මෙම ඖෂධය ලබාදී ඇතත් අද (12) උදෑසන යළි එහි දෙවැනි මාත‍්‍රාව දීමෙන් පසු ආසාත්මිකතාව ඇතිවී දැරිය මියගියාය. කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ දොස්තර ශෙල්ටන් පෙර්රා මෙසේ කීවේය. දැරියගේ මරණයට හේතුව ‘‘ සෙෆ්ටි‍්‍රයක්සෝන්‘‘ ආසාත්මිකතාවය යැයි අපි සැකකරනවා. නමුත් එය තවමත් ස්ථිරවම තහවුරු කරගෙන නැහැ. ඇයට පෙර දිනයෙත් මේ ඖෂධ දුන්නත් විෂ වී තිබුණේ නැහැ. ඒ වනවිටත් තවත් දරුවන් 10 දෙනෙකුට එම ඖෂධ කාණ්ඩයම ලබාදී තිබුණා. නමුත් ඔවුන්ගේ වෙනසක් නැහැ. ඔවුන් ඉතාමත් නිරෝගීව සිටිනවා. අපි වහාම ආරක්ෂිත පියවරක් ලෙස එම ඖෂධ ලබාදීම නවතා දැමුවා. ’’ වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ දැරියගේ මරණයට හේතුව නිශ්චිතවම තීරණය කළ හැක්කේ සෙනසුරාදා (13) කරාපිටිය රෝහලේදී පැවැත්වෙන හදිසි මරණ පරීක්ෂණයෙන් අනතුරුව බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳටම ෂුවර් ද ? හරි බෙහෙත නියම ප්‍රමාණයම දුන්නද කියලා මොකද දැන් දොස්තරලා ඉන්නේ මේ ලෝකේ සිහියකින් නොවේ. (ස)
ලංකාවේ දවසට දොස්තරලා අතින් හොඳවෙන ලෙඩ්ඩු ගාන අවමය ලක්ෂයක් කියලා ගමුකො. හරි ඊටත් අඩු කරමු 50 000 ක් කියලා.දවසට මේ වගේ සිද්දියක් වෙනවා කියලා හිතමු. % විදිහට බැලුවොත් 0.002 %. අද මාධ්‍යයයි මිනිස්සුයි ඔක්කොම කරන්නේ මේ මිනිස්සු නිසා තව දවසක් හරි වැඩිපුර ජීවත්වෙන/මේ මිනිස්සු නිසා හොඳවෙන 49 999 ගැනම අමතක කරලා මේ වගේ එක සිද්දියක් අල්ලං හෙන ගහන්න ඕන කිය කිය මේ මිනිස්සුන්ට ශාප කරන එක. දොස්තරවරු කියන්නේ දෙවිවරු නෙවෙයි.ඒ නිසා යන හැමෝවම එයාල අතින් හොඳවෙයි කියලා කවුරුහරි විශ්වාස කරනවා නම් ඒක වෙන්නේ නෑ!(නු)
අනේ අපොයි. (ස)
අපි මොනවා කියන්නද නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ (ස)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.. තවමත් එල්ටීටීඊ අය ජාත්‍යන්තරව ක්‍රියාත්මකයි..(නු)
බාල බෙහෙත්, බාල පෙට්ට්‍රල්, බාල සිමෙන්ති , බාල ටින් මාළු , බාල දුම්රිය කට්ටල ..............මේ රටේ ඉන්නේ භාගෙට භාගයක්ම බාල වැඩ කරන මිනිස්සු... (අ)
දුන්න බෙහෙත මොකක්ද කියල දොස්තර සහ හෙදියනේ දන්නේ. (අ)
රෝහල්වල 25% අවංක දොස්තරලා හා හොදියන් ඉන්නවා (ස)
කළණ ඔබ හරි.. මමනම් දොස්තරලාට ගොඩක් ගරු කරනවා.. ඔවුන් මෙලොව දෙවිවරු ජීවිතයක් ගො දාන්න මහත් වෙහෙසක් ඔවුන් ගන්නවා..!(නු)
ලංකාවෙ දොස්තරලා ඔහොම තමයි... (නු)
වෛද්‍ය විද්‍යාෙව් වෙනුවෙන් තමන්ගෙ දරුවා ජීවිතේ කැප කලා දෙමාපියන්ට හිත හදාගන්නද? අපූරු බුද්ධිමත්තු නෙව මේ සමහරු? එහෙම නෙමෙයි මෙතන උනේ මොකද්ද කියල හරියටම හොයා ගත්තොත් තමයි ඉදිරියට එහෙම සිද්ධ නොවන්න වැඩ කරන්න පුලුවන්
බේත් තුණ්ඩුවෙ ලියලා තියෙන්නේ ඒකමද කියලා ආයෙත් වතාවක් බලන්න..!(නු)
කලන ඔබ නිවැරදියි..මේ ලොකු කතා කරන පණ්ඩිත මෝඩයින් හැමදාම කරන්නේ කාටහරි බනින එක...ඒක අපි කාටත් පේනවා මේකෙ දාලා තියෙන අදහස් වලින්ම.තමන් හැමදේම දන්නවා වගේ අනෙක් අයට බනින මෝඩයන්ට තේරෙන්නේ නැහැ.බල්ලො බිරුවට කදු පෙරලෙන්නෙ නැති බව. මේකෙන් කාගෙ හරි දරුවෙක් මැරුනා. ඒත් වෛද්‍ය විද්‍යාව මේ තරමට දියුණු වෙන්න මිනිස්සු කොච්චර නම් මැරිලා ඇද්ද? අපිටත් දුකයි ඒත් බෙහෙත් වලින් මිනිසුන්ට ඔය වගේ කලාතුරකින් හානි වෙන්න පුලුවන් ඒක තේරැම් ගන්න තරම් මොළයක් නැති අය කට වහගෙන ඉන්න එක තමයි හොද. මොකද එයලා ඔය වගේ කට ඇරපු දවසට සැබෑම මෝඩයෝ කියලා රටම දැන ගන්නවා.(ස)
අපේ රටේ ඉහළ සිට පහළටම ඉන්නේ බාල වැඩ කරන අය. (නි)
බාල බෙහෙත් ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන්ම රජයේ වෛද්‍ය සැපයීම් අංශය ගැනත් කතා කරන්න වෙනවා. මෙහි ගිහින් තියෙන අය දැකලා ඇති මෙතන පිරිලා ඉන්න කොම්පැනි රෙප්ලා පිරිසේ තරම. මොවුන් එක්තරා ආකාරයකට (මෙහි ඉහලම තැන වල අනුග්‍රහය ඇතිව) ඖෂධ ඇනවුම් කරන අංශ වලට බලපෑම් කරන්න තරම් බලවත්. ඒ වගේම දැනටම බෙහෙත් සමාගම් මෙහි පරීක්ෂණයට බලපෑම් කරනවා ඇති. වරක් රෝහලකින් තත්වයෙන් බාල බෙහෙත් වගයක් ගැන තත්ත්ව පාලන රසායනාගාරයට ලිපියක් යොමු කල විට, අදාළ සැපයුම් කරුගේ නියෝජිතයෙක් පහුවදාම රෝහලට විත් එම තොගය ඉවත් කර වෙන තොගයක් ලබා දීමට 'ගනුදෙනුවක්' කතා කල බව ආරංචියි. මොකද පරීක්ෂණය ගියා නම් ඔවුන් බ්ලැක් ලිස්ට් වෙන්න ඉඩ ඇති නිසා. දමිත් දක්වා ඇති අදහස ඇත්ත. මේ ගැන අගනා ලිපියක් පසුගිය දාක ඉරිදා පුවත්පතක තිබුණා (අ)
සුවර් එකම නර්ස් වෙන බෙහෙතක් දීලා වෙන්න ඇති. ඒකයි දෙවැනිවතාවෙ ඇලජික් වෙන්නේ.
බෙහෙත් සපයන අය ලොකු මාෆියාවන් කරනවා.. ඉතා ම කිට්ටු සම්බන්ධතා ඇතිව අමාත්‍යංශයන් සමග.. තහනම් කරන ලද ආයතනවලිනුත් ලංකාවට ඖෂධ ගේනවා.. (නු)
Ceftriaxone යනු නියුමෝනියාව හැදුනාම දෙන ප්‍රතිජීවකයක්.. බඩේ අමාරුවට ඇයි මේවා දුන්නේ..? ඒවගේම අසාත්මික තාවයක් හැදුනම බෙහෙත් දීලා සුව කරගන්න පුළුවං... මේ වෛද්‍යවරු මොකද කරලා තියෙන්නේ..!(නු)
ඔය බෙහෙත හදල තියෙන ඖෂධ සමාගමයි රටයි දැන ගත්තොත් බොහෝ දේවල් හෙලි වේවි.
නිව්මෝනියව වගේ බරපතල රෝග වලට දෙන මේ වගේ ඉතාම සැර ඖෂද බඩේ අමාරුව වගේ සුළු ලෙඩටත් දෙන වෛද්‍යවරයෙක් මේ පැත්තේ ඉන්නවා කියල ආරංචියි. මිනිස්සුත් හරි කැමතියි. එක බෙහෙතෙන් ලෙඩේ හොදයි. හැබැයි මේ වගේ අකරතැබ්බ වෙලා අහිංසක ජීවිතයක් කොයි වෙලාවක හරි නැතිවෙනවා. බෙහෙත් දෙන්නේ ක්‍රමානුකුලව. මුලින්ම සැරෙන් අඩු බෙහෙත. ඊට පස්සේ ක්‍රමානුකුලව සැර වැඩි බෙහෙත. (නි)
මේ වගේ දේවල් වලදී වෙන රට වල නම් වහාම පරීක්ෂණයක් කරලා නැවත මේ වගේ දේවල් නොවෙන්න කටයුතු කරනවා විතරක් නොවයි වන්දිත් ගෙවල වැරදි කරුවන්ට දඬුවම් පවා දෙනවා. අපේ රටේ ඉතින්............? (ස)
බාල බෙහෙත්, බාල පෙට්ට්‍රල්, බාල සිමෙන්ති , බාල ටින් මාළු , බාල දුම්රිය කට්ටල ..............මේ රටේ ඉන්නේ භාගෙට භාගයක්ම බාල වැඩ කරන මිනිස්සු....ඒවගෙන් දුක් විදන අය ගැන කාටවත් ගානක්වත් නෑ (ස)
හැමදාම මෙහෙම දේවල් සිද්ධවෙන්නේ කරාපිටිය රෝහලේනේ....ඔය කරාපිටිය කියන නම වෙනස් කරලා ගාලු රෝහල කියලා දැම්මානම් හරි...ඔය නමේ සමහරවිට අගුණයක් තියෙන්න පුළුවන් (ස)
ලංකාවේ දොස්තරලගේ දක්ෂකම තමයි (ස)
මේ සියලු දේටම ආණ්ඩුව වගකිව යුතුයි. (නි)
මේ වාට්ටුව භාර වෛද්‍යවරයා කවුද ? දොස්තරලට එරෙහිව නඩු දාන්න බැරි නිසා දෙන්න පුළුවන් හොඳම දඩුවම තමයි මෙයාලගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වලට යාමෙන් වැලකී සිටීම (ස)
මෙම දරුවාගේ මරණය ගෙන මම කණගාටු වෙනවා. මම වෛද්‍ය පුහුණුව ගත්තේ කරාපිටිය රෝහලින්. ළමා වාට්ටු 3ක් ඇති එහෙ සතියකට ඇතුළුවන ළමා රෝගීන් ගණන 300කට අධිකයි. මරණ වාර්තා වුනේ කීයද? වසරකට ළමයි දහස් ගණන් සුවය ලබා යාම ගෙන කිසිම ඇගයීමක් නොකරන මිනිස්සු කලාතුරකින් ඇතිවෙන ළමා මරණයක් ගෙන නම් මහා ලොකුවට කතා කරනවා. මෙම ප්‍රතිජිවකය වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යයක්. එමගින් ලොව පුරා සුවය ලබන රෝගීන් මිලියන ගණනක් වෙනවා. ඒ වුනාට අසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. අසාත්මිකතාවයන් ඇති වෙන්නේ අදාළ පුද්ගලයාගේ ප්‍රතිශක්ති පද්ධතිය අනුවයි. ලෙඩ්ඩු 100ක් ගත්තම ඒ 100 දෙනාගේ ප්‍රතිශක්ති පද්ධතිය ප්‍රතිචාර දක්වන විදිය 100 ආකාරයක් වෙනවා. ඉතින් කලාතුරකින් අසාත්මිකතාවයක් වාර්තා වීම පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
අනේ ස්ට්‍රයික් කරන්නකෝ (ස)
ඉහතින් ප්‍රතිචාර දක්වා ඇති වැඩිමනක් පිරිස ප්‍රතිජීවක කියන්නේ මොකද්ද කියලාවත් හරියට නොදන්නා පිරිසක් කියලා විශ්වාසයකින් යුතුව කියන්න පුළුවන්. ලංකාවේ වැඩිමනක් මිනිස්සු දන්නා දෙයක් නැහැ, දන්නේ නැත්තම් කට වහගෙන ඉන්නෙත් නැහැ. ළමයාගේ ඥාතීන් දුකින් තමයි ඉන්නේ දරුවා නැතිවීම ගැන. ඒක වැඩිපුරම දැනෙන්නෙත් එයාලට. ඒ වුණාට එයාලා කියන්නේ බඩේ අමාරුව තිබුණා කියලා. ඒ ළමයට නියුරෝජිකල් සයින්ස් තිබුනද නැද්ද කියල එයාල දන්නේ නැහැනේ. ඇත්ත කතාව මොකද්ද කියලා ප්‍රතිකාර වාර්තාවෙන් හොයාගන්න පුළුවන්.වෛද්‍යවරු ප්‍රතිකාර ලබාදෙන්නේ හිතුමනාපයට නෙවෙයි. ලොවම පිළිගත් න්‍යායකට අනුවයි. රෝහලේ වෛද්‍යවරු උපාධිය ගත්තේ කොහෙන්ද කියලා සමහරු අහල තිබුණා. දැනට නම් වැඩිපුර ඉන්නේ රුහුණ, පේරාදෙණිය සහ කොළඹ උපාධිධාරීන්. ඒ වුනාට අනාගතේදී නම් ලක්ෂ 20-100 දීලා උපාධි අරන් එන අයත් ඉදිවී. එස් තුනටත් වෛද්‍යවරු වීමේ පහසුකම දැන් ලංකාවේ තියෙනවනේ....? (නි)
ඒකනම් ඇත්ත කරාපිටි ගියොත් කලාතුරකින් තමයි ගෙදර එන්න වෙන්නේ කියනවනේ (ස)
පෙරේරා මහත්මයා, මෝඩ අදහස් තිබුනට ඒවා ප්‍රසිද්ධ කරන්න එපා... ඔබ තුමා ඉපදුනේ ලංකාවේ රෝහලක නෙවේද? වෙලා තිබෙන ප්‍රශ්ණය ලොකු එකක්..නමුත් මෙය ලංකාවේ සියලුම දොස්තරලා පිට පටවන එක වැරදියි.(ස)
මොනවා උනත් මේ දුක වේදනාව දැරුවගේ දෙමව්පියන්ට විතරයි , කිසිදා කිසිවෙකු මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා . ඔබට නිවන්සුව දුවේ ..(ස)
අයියෝ සල්ලි
කට තියෙන නිසා ඕනෑ දෙයක් කතා කරන මේනකා, සේනාධීර,ජයන්ත, වගේ අයටයි මේ කියන්නේ. වසරකට ලක්ෂ ගණන් ලෙඩ්ඩු ප්‍රතිකාර ලබා සුවවී යන කරාපිටිය රෝහල ගැන ඔයාලා දන්නේ නැත්තම් කට වහගෙන ඉන්න. කරාපිටිය කියන්නේ ලංකාවේ තියෙන හොදම රෝහල් වලින් එකක්. එංගලන්තය, ඇමෙරිකාව, ජර්මනිය, ස්පාඤ්ඤය වගේ රටවල සමහර වෛද්‍ය සිසුන් ඔවුන්ගේ නිවාඩු කාලවලදී කරාපිටිය රෝහලට එනවා අමතර පුහුණුවීම් වලට. කරාපිටිය රෝහලට ඒ කාලවල් වලදී ගියපු අය දැකල ඇති. කරාපිටිය රෝහල නරක එකක් නම් එයාල වියදම් කරගෙන ඒවිද? සමහරු කියනව කරාපිටිය රෝහලේ නම වෙනස් කරන්නලු. නරකද ඊට කලින් නිදහස ලබලා වසර 60ක් ගත වෙලා තිබුණත් තාම දියුණුවක් නැති සිරි ලංකාවේ නම වෙනස් කළොත්? (නි)
නිව්මෝනියාවට දෙන ප්‍රතිජීවක බඩේඅමාරුවට ??? කොහොන්ද උපාධිය අරන් තියෙන්නේ ??? (ස)
වෛද්‍යවරු , හෙදියෝ සෙල්ලම් කරන්නේ අහිංසක ලෙඩ්ඩු බිල්ලට අරන් ..ඊලඟ බිල්ල ඔබේ දරුවා විය හැකියි...කල්පනාකාරී වන්න (ස)
ජයන්ත කියපු කතාවට අකමැත්තෙන් වුනත් එකඟ වෙන්න සිදු වෙනවා. හැබැයි නම මාරු කරලා වැඩක් නැහැ. මෙතන අනෙක් හරිය කෙසේ වෙතත් අලුතින් හදාපු 'හදිසි ප්‍රතිකාර ඒකකයේ' වෛද්‍ය වරුන්ගේ සේවය නම් කමකට නැහැ. මා හොඳින් දන්නා කීප දෙනෙකුට (කුඩා බිලිඳුන් ඇතුළුව) ඇඩ්මිට් කර දවසක් හෝ දෙකක් යනකල් කිසිම අවධානයක් දක්වලා නැති නිසා ටිකට් එකේ කැමැත්තෙන් යන බවට අත්සන් කර ගෙදර ගෙනත් තියෙනවා. ඉන්පසු ඔවුන් ආසන්නයේ පිහිටි පෞද්ගලික තැන වලින් කොහොම හරි ලෙඩේ සුව කර ගන්නවා. නැත්නම් කොළඹ ගෙන යනවා. මේක දැන් සිරිතක් වෙලා. කවුරුත් කියන්නේ එකම කතාව. "ලොකු මහත්තුරු අපි දිහා බලලා අනෙක් ඩොක්ටර්ලට මොනවද කියාගෙන ඊළඟ ලෙඩා ලඟට යනවා.. ආයෙ කවුරුවත් පැත්ත පලාතක එන්නේ නැහැ, මිසීලගෙන් ඇහුවම අපිට මොකුත් කිවුවේ න, ඇයි ඔයාල ඩොක්ටර්ගෙන් අහගත්තෙ නැත්තේ කියා අහනවා.. ඉතින් අපි දවස් දෙකක් බලලා දරුවා අරන්--- එකට ගිහින් නැවැත්තුවා. කරාපිටියේ හිටපු දවස් දෙකටම පැනඩෝල් විතරයි දුන්නේ..." ඔහොමයි කියන්නේ. මේකේ ගොඩනැගිල්ල විතරක් ලස්සනට තියෙනවා. වැඩක් කෙරෙන්නේ නැත්නම් මොනවටද.. ආ.. තව එකක් මතක් වුනා. වරක් හෘද ආබාධයක් කියා සැක කොට හදිසි ඒකකයට ඇඩ්මිට් කරපු මගේ යාලුවෙකුව මෙතනින් 14 වාට්ටුවට යැවුවා. අපි ඔහුව එතනට ගෙන යනකොට වෙලාව 12.05 යි. ( පයින් මීටර් දෙසීයක් විතර යන්න තියෙන නිසයි ඒ වෙලාව ගතවුනේ) එහෙත් වාට්ටුවේ ඩොක්ටර්ලා කිවුවා " අපේ ඊටීසී එකේ ලෙඩ්ඩු බාරගන්නේ දොළහ වෙනකල් විතරයි " කියලා බාර ගත්තෙම නැහැ. අනේ අපි ලෙඩා ආයෙත් අතනට ගෙනිහින් ආයෙම වෙන ව්ව්ට්ටුවකට ලියවාගෙන ගිහින් දාලා අවා... ඉස්පිරිතාලේ ඵලදායිතා බෝඩ් නම් වැහි වැහැලා. හැමතැනම බලු මුත්‍ර (ස)
තමන් දන්නේ නැති දේවල් දන්නවා වගේ කියවන්න යන්න එපා. ඕනෑම ඉරිසියාකාර මෝඩයකුට අදහස් දක්වන්න පුළුවන් තමයි. එත් මේ බෙහෙත දෙන්නේ නිව්මොනියාවට විතරක් නෙවෙයි. බඩේ අමාරුවට, තුවාල වලට , මෙනින්ජයිටිස් වලට, තව ගොඩක් ලෙඩ වලට දෙනවා. පෙනිසිලින් වගේ අසාත්මික වෙන්නේ නෑ. වුනත් කලාතුරකින්.අනික කරාපිටිය කියන්නේ ගොඩක් හොඳට බෙහෙත් කරන ඉස්පිරිතලයක්. ගොඩක් ලෙඩ්ඩු එන නිසා කණගාටුදායක සිද්දීත් වැඩිපුර වාර්තා වෙනවා. දොස්තරලගේ වැඩේ ඒ යට කරන්න දීල, තමනේ බුද්ධි මට්ටමට ගැලපෙන දෙයක් බලාගෙන ඉන්න.නුඋගත් කමට බෙහෙත් නැනේ. ලබන ආත්මෙවත් ඉගනගෙන හොඳ තැනකට එන්න බලන්න (ස)