‘සමූහ දූෂණයකට ලක්වී කපා කොටා ඝාතනය කැරුණු දැරියකගේ මළ සිරුර සමහරුන් දේශපාලන අවස්ථාවාදයට භාවිතා කරන්න හදනවා. අපි දන්නවා තවමත් මේ රටේ ලේ පිපාසිත දේශපානඥයන් ඉන්නා බව. ඔවුන්ට බලය ලබා ගැනීමට ජාතිවාදය, ආගම් වාදය අවුස්සා ජනතාව කුපිත කර රට අස්ථාවර කරන්න හදන බව අපි දන්නවා.‘ යැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
‘හිටපු ජනපති පෙර දින මාධ්‍යයක කළ ප්‍රකාශයෙනුත් ඒ බව පැහැදිලි වෙනවා. ඔහුගේ කාලයේ දර්ගා නගරයේ කඩ පුච්චනකොට, මිනිස්සු මරනකොට මිනීමරුවන්ට පොලිසිය ලවා ආරක්ෂාව දුන්නා වගේ අපි කටයුතු කළේ නෑ. අපි පොලිසිය යෙදෙව්වේ ඉතා ප්‍රශස්ථ ලෙස සිවිල් සේනාවක් ලෙස සියලු ජනතා ආරක්ෂා කරන්නයි. මේ රට නැවත රාජිකත්වයට ගෙනියන්නට හිටපු ජනපති හිරකරගෙන සිටින ලේ පිපාසිත ජාතිවාදී කණ්ඩායම් වලට අපි ඉඩ දෙන්නේ නෑ කියන පණිවිඩයයි අපි දෙන්නේ. ඔහු පෙරදින කදා කළේ මේ රටේ වුණු එකම අපරාධය මෙය විදියට හුවා දක්වමින්.‘
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන -
‘මේක මේ දැරියක ඝාතනය වීම නිසා කෝප වී ජනතාව පාරට බැහැලා කළ උද්ඝෝෂණයක්. මේක මේ ජාතිවාදයක්වත්, හමුදාවට විරුද්ධ වීමක්වත්, රජයට විරුද්ධ වීමක්වත් නොවෙයි. මං කණගාටු වෙනවා, අපේ හිටපු ජනාධිපතිතුමා මේ දිනවල පංසල් ගානේ යනවා මල් පූජා කරමින්. එතුමා පිං ගන්නවාට වඩා බොරු කියලා පව් පුරවා ගන්නවා විතරයි. එතුමා කියා තිබෙනවා දැන් යාපනේ කොටි සැමරුම් පවත්වන බව. එල්ටීටීඊ සංවිධානය කියන්නේ තහනම් සංවිධානයක්. ත්‍රස්තවාදී සංවිධානයක්. මේ කතා කරන පිරිසිට රට ගැන ආදරයක් නෑ. ඔවුන්ට තිබෙන්නේ බලයට කෑදරකමක්. ජාතිවාදය අවුස්සා එළියට දමා බලයට එන්නේ කොහොමද කියලයි බලන්නේ.‘
හිටපු ජනපති කළැයි කියන ප්‍රකාශය මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී විදේශ නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා ද විවේචනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යසනයට පත්වුයේ කාගේ වුණත් දියණියක්. නමුත් රටේ පවතින නීතිය අනුව පොලිසිය සුදුසු පරිදි කටයුතුකොට චුදිතයින් උසාවිය දක්වා ගෙනඒමට කටයුතු කළා. ඒ තැන දක්වා සිදුවීම් දකුණ හා සමානයි. නමුත් එතනින් එහාට අද දක්වා ගිය උතුරේ සංවිධානාත්මක පිරිස යන ගමන අස්වාභාවිකයි. සැකසහිතයි. උසාවියේදී චුදිතයින් සම්බන්ධයෙන් ගන්නා තීරණය නොදැන ගාල් පිටින් උසාවිය වටකර පහරදීම දකුණට නොගැළපෙන්නකි. මේ ගැන විමසා බැලීමේදී අතීතයේ සිදුවීම් මතකයට නඟාගත යුතුවේ. කොටි ත්‍රස්තවාදය ඇරඹෙන මුල් කාලයේදීත් ඔවුන් ක්‍රියාකළේ මේ ආකාරයටමය. එමෙන්ම එවකට උතුරේ දේශපාලකයින්ද කටයුතුකළේ දැන් කෙරෙනාකාරයටමය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය සිංහල ජනතාවට ඉතාම වැදගත්ය. රටේ ඒකීයභාවය තහවුරු කිරීම සඳහා කැපවුණේ එතුමාය. ඒ නිසා එතුමාට උතුර ගැන කතාකරන්නට පුර්ණ අයිතියක් ඇත. ව්‍යසනයකට පෙර පුරෝකතනයක් කරන්නට එතුමාට අන් කාටත් වඩා අයිතියක් ඇත. එතුමා කී දෙය සාධාරණය. නිවැරදිය. (නි)
එක එක්කෙනාට ඇඟිල්ල දික්කරන්න එපා. දැන් රටේ ආරක්ෂාව නැතිවේගෙන එන බව හොඳට පැහැදිලියි.යළිත් බෝම්බ පුපුරන්න ඉඩ තියන්න එපා (නි)
උද්ඝෝෂණය කළ හලාවත ධීවරයාට සිදුවුණ දේ කාට කාටත් අමතකවෙලා වගෙයි (නි)
ශාමන්ත, ඔබට මතක් කර දියුතු වැදගත් දෙයක් ඇත. යුධ ජයග්‍රහණය තමන්ගේ යැයි කියමින් එය සාක්කුවේ ලාගන්නට මහින්ද කිසිදාක දත කෑවේ නැහැ. එය ඔහුට ජනතාව විසින් පිරිනැමුවා. එයට හරස්වුණේ බටහිර අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ ඩයස්පෝරාවයි. (නි)
මිනිසුන්ට ඕනෑ බලය තමයි! (නි)
දැන් රට යන පැත්ත හිතාගන්න බැහැ (නි)
ඇත්තටම බුද්ධි වාර්තාවක් අරගෙන උතුරේ තත්වය ගැන අවබෝධ කරගන්න. එක සිද්ධියක් නිසා මුළු ප්‍රදේශයටම හර්තාල් ගියේ කොහොමද? අනුන්ට ඇඟිල්ල දික්කරන්න කලින් වෙලා තියන දේ අවබෝධ කරගන්න. (නි)
මේ සමුහ දුෂණයට ලක්ව නැතිවුණ දැරියගේ මරණාසන්න මොහොතේ වේදනාව සහ හැදු වැඩු දෙමාපියන්ට පවුලේ අයට ඇති වූ අගතිය ගැන ශෝකයක් ප්‍රකාශ කරන කට්ටිය මම දැක්කේ අතළොස්සයි. බහුතරයකට මේකත් එක්තරා දේශපාලාන මාතෘකාවක්. මේ රටේ මනුස්සකමට ගිය කලක් ! (නි)
උතුරේ ජනතාව කලබල වන්නේ මෙම සිදුවීම ආරංචිවීමත් සමඟයි. තමන් විසින් අල්ලා භාරදුන් මෙම දූෂකයා සහ ඝාතකයා නිදහස් කිරීම පිළිබඳ ඔවුන්ගේ කෝපය ඉහවහා යන අතර ඔවුන් මෙලෙස හැසිරෙන්නේ මේ කියන පසුබිම යටතේය (නි)
ඒ ළමයාගේ මව ගෙවල් බිඳුම් නඩුවක සාක්කි කාරියක්. ඒ නඩුවේ විත්තිකරුවන් පළි ගන්න කොන්ත්‍රාත්තුවක් දීල දැරිය දුෂණය කරලා මරන්න. සමහරුන්ට හැම දේටම දේශපාලනය ඇදල ගන්න ගියාම ඇත්තටම වෙච්ච දේවල් ගැන සොයා බලන්න හිතෙන්නේ නැහැ. (නදී)
රටේ නීතියට ගල් ගැසීම බිහිසුණු අනතුරක පෙරනිමිති විය හැක (ම)
සමහර නිගන්ටයින්ට උන්ගෙන් වෙන ඕනෑම අඩුපාඩුවක් වහගන්න පාවාදීම් කරනවා.එදා යු එන් පි එක කොටින්ට දොලපිදේනි දෙන කොට රටට ආදරය කරන අය එය විවේචනය කරමින් හරි දේ කිව්වා. නමුත් ඒවා ගණන් නොගෙන හිතුමතේ රට කොටියාට ලියා දෙන්න කටයුතු කළා. කොටින්ට විරුද්ධව සටන් වදිද්දී හිටියෙත් කොටියාගේ පැත්තේ. එදා මහින්ද මහත්මාව විවේචනය කළා. එතුමා නිදහස් කරගත් රට අද කොටියාටම් දෙන්න කටයුතු කරමින් එතුමාට නිග්‍රහ කරනවා. ආණ්ඩුව තමන්ගේ නොහැකියාව රටට කියා මහින්ද මහත්මාගෙන් සමාව ගත යුතුය. (නදී)
රට එක්සේසත් කරමින් සාමය උදාකර මරණ බිය නැතිකළ රණවිරුවන්ගේ ජිවත ගලවාගත් මහින්ද රාජපක්ෂට උතුරේ සිදුවන ව්‍යසනය තේරුම් ගන්නට අන් කිසිවෙකුට වඩා බුද්ධියත් අත්දැකීමත් හැඟීමත් ඇත. රටේ සාමය රැකීමට ඔහුට තරම් උවමනාවක් වෙනත් කිසිම රාජපක්ෂ කෙනෙකුට නැහැ. ඒ වාගේම පුහු කතා කියා ඔහුගේ ගමන නවත්වන්නටත් බැහැ. ඒ බව කෙමෙන් වැඩිවන ජනතා එකරාශිවිම තුළින් පෙනී යනවා ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ගැන නැවත නැවතත් අප සිතිය යුතුය.(නදී)
මහින්ද කියන්නේ මේ දුෂණය උන දරුවාගේ සිද්දිය "දඩමීමා කරගෙන උසාවියට පොලිසියට රජයේ ආයතන වලට ජනතාවට අලාබ කරන අයට දෙමල පොලිටික්කෝ විෂ කවනවා (නදී)
ඇත්ත එලිවෙනවට බයයි වගේ මෙයාලට. මෙයාල තවම පොඩි අය. උතුරේ අය දැරිය විකුණලා කරන්න හදන සෙල්ලම මොකක්ද කියල තේරුම් ගන්න.(නදී)
පිවිතුරු අංකල් අපිනම් දන්නවා කාවද අත් අඩංගුවට ගත්තේ එයාට තිබෙන සම්බන්දකම් මොනවද කියා. (නදී)
මේ ආණ්ඩුවේ ඉන්නා පිරිස අතරින් අධිකරණ ඇමතිතුමා බුද්ධිමත් කෙනෙකු ලෙසින් මා සිත පිළිගැනීමක් තිබුණා. නමුත් මේ ප්‍රකාශය මා තුළ ඇතිකළේ හුදු සිනහවක් පමණි. එය රසවත් විහිළුවක් නිසා නොවේ. ඉන් එහාට කිවයුතු නොවන්නේය. (නදී)
කොටියාගේ සිතියම දෙස හොඳින් බලන කෙනෙකුට පැහැදිළිවන කරුණ නම් ටිකෙන් ටික ඔවුන්ගේ භූමිය සඳහා දකුණ සහමුලින්ම ගිල ගන්නට සැරසෙන බවකි. වසර පහක පමණ කාලයක් රට තුල ඇති නොවූ යුධ බියක් කෙමෙන් ඇතිවෙමින් පවතින බව මෙහි සටහන් යොදන ඔබට පැහැදිළි නොවන්නේ මන්ද.? බස්නාහිර ප්‍රසන්න මහා ඇමතිතුමා හිටපු ජනාධිපති පසුපස යාම නිසා ඔහු පලවා හරින්නට ක්‍රමෝපාය සොයන ආණ්ඩුව උතුරේ විග්නේශ්වරන් මහ ඇමතිතුමා ප්‍රභාකරන් පසුපස යාම නිසා ඔහු පලවා හරින්නට කටයුතු කොකරන්නේ මන්දැයි ප්‍රශ්නයක් නොවන්නේද.? ප්‍රසන්න යන්නේ රට බේරාගත් හෙළ විරුවකු පසුපසය. විග්නේශ්වරන් යන්නේ රට බෙදන්නට කටයුතු කළ රුදුරු ඝාතකයෙක් පසුපසය. (නදී)
අද ඉතින් මොනවා වුණත් හිටපු ජනාධිපති හෝ හිටපු ආණ්ඩුවනේ පලි. ඒකට කමක් නැහැ. එයා ඕනෑදෙයක් කියපුදෙන්. ඔයාලා ජනවාරි 9 භාරගත් රට ඒ විදිහට නොබෙදී තියාගන්නකො (නි)
රටේ මිනිසුන් මැරිලා ඉපදුනොත් ඔය කියුම් පිළිගනීවි. (නි)
සමහරු අහනවා දකුනේ මෙහෙම උනේ නැත්තේ ඇයි කියලා. වෙන මොකවත් නෙවෙයි දකුණේ නපුන්සක කම තමයි (නදී)
දැරියගේ මිලේච්ඡ ඝාතනයට ජාතිවාදයෙන් තොරව අපි සියලු දෙනාගේ ශෝකය! සිදුවිය යුත්තේ විධිමත් පරිදි පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට නීතියෙන් දඩුවම් කිරීම විනා උසාවි පොලිසි වලට ගල් ගැසීම හෝ හර්තාල් කිරීම නොවේ. නමුත් පසුගිය දිනවල සිදුවූ උද්ඝෝෂණ වල දුටු වීඩියෝ දර්ශන වල බොහෝවිට දුටුවේ හෙල්මට් දමාගෙන සිදුකළ සංවිධානාත්මක කඩාකප්පල්කාරී ක්‍රියා බවයි මගේ අදහස. මෙවැනි දේවලට ඉඩ ලබානොදිය යුතුය. (නි)
විනාශය ළංවුණාම උඩ පනිනවා වැඩියි (නි)
හිටපු ජනපති කරන්නේ අනතුරු ඇඟවීමට වඩා රට රැකගැනීමේ වගකීම මතක් කරදීමක් කියලයි මට හිතෙන්නේ. ත්‍රස්තවාදයෙන් බැටකාපු අයට නම් මෙහි අවදානම දැනෙනවා. (නි)
මෙතන අදහස් දාලා තියන ගොඩක් කට්ටිය කියනවා පහුගිය කාලේ දකුණේ ඔයවගේ කොචර දේවල් වුණාද? කවුරුත් උද්ඝෝෂණ කළේ නැහැ කියලා.. ඒක හරි.මොකද එදා ඔය වගේ ඒවාට වැරදිකරුවෝ වූ කට්ටියට ලොකු අයගේ රැකවරණය තිබුනනේ (නි)
ලැජ්ජයි! (නි)
අපිට අතීතයත් මතකයි. වර්තමානයත් හොඳට පෙනෙනවා (නි)
ඇත්ත නේන්නම්..! හිටපු ජනපතිවරයෙක්ද කියලත් හිතෙනවා කියන කතාවලට.ඒ පොඩි ළමයට මහා කාන්තාවක් වගේ කතා කරන්නේ.තිරිසන් විදියට ඝාතනය වූ දරුවාට දරුවා කියන්න (නි)
එයා දැන් ඔහොම නම් , අගමැතිකම දුන්නොත් මොනවා කරයිද? (නි)
මමත් දැක්කා හිටපු ජනපතිගේ ප්‍රකාශය.හරිම පිළිකුල්සහගතයි එයාගේ හැසිරීම (නි)
රටේ නීතියක් තියෙනවනේ.ඒක අධිකරණයෙන් බලාගනිවී. ඇයි මේ දේශපාලකයෝ වලිකන්නේ මේකට. (ස)
හිටපු ජනපති නිසා නේද යුද්ධය ඉවර වුනේ? අනේ මෝඩයිනි , රටට ආදරයක් තිබෙන එකම මනුස්සය කොටි නැටුම් බලාගෙන කට වහගෙන ඉන්නේ නැහැ. විජේදාස වගේ මිනිසුන්ට රටට හෙන ගැහුවත් කමක් නැහැ. බලන්නේ හිටපු ජනපති ගැන බොරු පතුරවන්න. (ස)
ඔය දැරිය දූෂණය කලේ කොටියන්ම වෙන්න පුළුවන්. උන්ට වාසි සහගත තත්වයක් ඇති කරගන්න. කලබලයක් ඇති කරන්න පොටක් පාදා ගන්න. ඔය මහලොකු යූඇන්පී කාරයෝ ජූලි කලබල ඇති කළා වගේ. ජූලි කලබල ඇති කලේ එල්ටීටියට වාසි ගන්න. දෙමල මිනිසුන්ගේ අනුකම්පාව ගන්න. සේරම ඇමරිකන් උගුල්. (ස)
හා හා! ඇමතිවරු ඔයතරම් කලබල මොකද? එතුමා කියලා තියෙන්නේ පවතින යථාර්ථය.සත්‍යයට ඇයි බයවෙලා කෑගහන්නේ? (නි)
නුවන් චාමර කුමනාකාරයේ කෙනෙක්ද වග අපි දන්නවා (නි)
වෙල්ගම මහත්තයෝ මහින්දට ඒකපාර්ශීව පහර ගහනකොට ඊට උත්තර දෙන්න පංසල හරි වේදිකාවක් කරගන්න වෙනවා. (නදී)
අම්මෝ! ඔයාලට රට ගැන හරිම ආදරයක් තියෙනවා කියලා නම් අපිට පේනවා. (නදී)
ලවන්. ඔබගේ ඇගැයීම තර්කානුකුලයි. එය කවුරුත් අගය කරන්නට ඕනෑ කියල මට හිතෙනවා. (නදී)
අම්මෝ! ඔයාලට රට ගැන හරිම ආදරයක් තියෙනවා කියලා නම් අපිට පේනවා. (නි)
අපිටත් හිටපු ජනාධිපතිතුමාගේ කතාවේ කිසිම වැරැද්දක් පෙනුනේ නැහැ (නි)
අපිට මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ (නි)
ඉස්සර කොටි බංකර හදද්දි ලූණූ දාන්න හදන්න ඒවා කියපු අයනේ(නදී)
ත්‍රස්තවාදය පටන්ගන්මේදීත් සමහරු කිව්වේ ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි කියලා තමයි. අන්තිමේදී ගණන් නොගත්තට යුද්ධය අවුරුදු 30ක්ම ඇදුනා. (නි)
2002/2004 කාල සීමාව මතක් වෙනවා.ඒ අවුරුදු දෙකේදිත් අපි මේ වගේ මාධ්‍ය සංදර්ශන ඕනෑතරම් දැක්කා. (නි)
අපිත් හිටපු ජනාධිපතිතුමාගේ ඒ කතාව ඇහුවා. හැබයි අපිට නම් ඒ කතාවේ ඔය කියන විදියට ජාතිවාදය, ආගම්වාදය අවුස්සා ජනතාව කුපිතකරවන බවක් හැඟුනේ නැහැ. එතුමා පැහැදිලිව කිව්වේ ත්‍රස්තවාදය පටන් ගැන්මේදීත් මේ වගේම උසාවි වලට ගහපු බව විතරයි. (නි)
සමහරු උදේ හවස පන්සල් ගියාට වැඩක් නැහැ. හොයන්නේම අනුන්ගේ දේවල් (නි)
කවුරුත් ඒ දැරියට වුණ අසාධාරණය ගැන කියන්නේ නැහැ දැන් (නි)
හොඳ කතාවක් (නි)
අද ගොඩක් දෙනා බලන්නේ කාගේමහරි කමක්නැහැ, මිනියක් හරි විකුණගෙන කන්න (නි)
මේ රටේ ලේ පිපාසිත දේශපාලඥයින් ඉන්නා බව කියන්නෙ කවුරු ගැනද? (නි)
මටනම් පුදුමයි මේකේ කමෙන්ට් දාල තියෙන සමහර කට්ටියගේ අදහස් දැක්කම. මහින්ද රාජපක්ෂ කරපු කථාව මම ඇහුවා. ඔහු ඒක කළේ පන්සලක තිබිච්ච උත්සවයකදි. ඔහු මේ මැරිච්ච දරුවාට කතා කළේ කාන්තාව කියලා. ඔහු ඒකෙදි කිව්වේ "දැන් උතුරේ උසාවි වලට ගල් ගහනව. ත්‍රස්තවාදය පටන් ගන්න මුල් කාලෙත් ඔහොම දේවල් තමයි වුනේ" කියල. දැන් මෙතන වුනේ මොකක්ද ? මිනීමැරුමකට විරුද්ධව පොලීසිය විසින් නිසි පියවර නොගත්ත නිසා ජනතාව කුලප්පු වීම. ඒ සිද්ධිය ත්‍රස්තවාදය නැවත ඉස්මතුවීමක් කියල කියන කට්ටිය කන්නේ පුන්නක්කුද කියල අහන්න කැමතියි. මහින්ද රාජපක්ෂ ඇතුලු සහචරයන් පිරිසට අවශ්‍ය කරල තියෙන්නේ ජාතිවාදය අවුස්සල හරි බලයට එන්න. ඒකට මේ රටේ ඉන්න බහුතරයක් වන ප්‍රගතිශීලී ජනතාව කිසිසේත්ම ඉඩ නොදෙන බව විශ්වාසයි. (බ)
මේවා ඇහෙන දකිනවිට මට ඇඟේ මාලු ගඟේ නටනවා (නි)
ඇමතිතුමාගේ කතාවට හරි ලැජ්ජයියි. ඇත්ත ජනතාව දන්නවා. උසාවි නියෝග නොතකා සමරපුවට නීති නැහැ, උසාවියට ගැහුවා කියන්නේ රටේ උත්තරිතර ආයතනය. මගෙත් අදහස. දිල්ෂාන් හරි. (ස)
ඔය කතා මොනවද සමහරු බලයට එන්න මිනීමරාගන්නකොට. (නි)
යහපාලනයට සුදු හුණු ගාන්න මහන්සි නොවන්න (නි)
ඔහොම තමයි පටන් ගන්නකොට (නි)
ලවන් සිදත් මහත්මයාගේ කතාව සිය දහස් වරක් ඇත්ත. නමුත් අවාසනාව මේ ටික අද අපේ රටේ සිටින දේශපාලකයන් සහ ඔවුන්ට ආවඩමින් ජනතාව නොමග යවන අපේම කියන සමහර බෞද්ධ පුජක පක්ෂය. (බ)
ඒ දැරිය ගැන කණගාටුයි (නි)
අහිංසක දරුවාගේ මරණය මතින් තමන්ගේ දේශපාලන ගමන යන්න හදන එක නම් අනුමත කරන්න බැහැ. මෙතන අදහස් සටහන් තබන සමහර අයට ඔය ලෙඩේ තියනවා. (නි)
මෙයාල හිටපු ජනාධිපතිට දොස් කියනවා,සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙක් ආණ්ඩුවේම නියෝජ්‍ය අැමැතිවරියකගේ නියෝගයෙන් නිදහස් කළා.පසුව මහජන විරෝධයමත ඔහුව වැල්ලවත්තේදී නැවත අත්අඩංගුවට ගත්තා.හොදමදේ වැල්ලවත්තේ පොලිස් ස්තනාධිපතිවරයා මාරුකළා. යහපාලනය. (බ)
ලේ පිපාසයෙන් මිරිකී සිටින නිශාචරයන්ට නැවත වරක් අසරණ ජනතාවගේ ලේ බීමට ඉඩ නොදෙමු (නි)
ඉසුරන්දි. අනේ මනුස්සයෝ. ලංකාවේ අධිකරණයක් තියෙනවා තමයි. එත් එක බලපාන්නේ අපිට - දකුණට පමණයි. උතුරට නීති නැහැ කියල පහුගිදා වෙච්ච දේවල් වලින් තේරෙන්නේ නැද්ද.? උතුර ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙන්නේ මහින්ද මහත්තයාට පමණයි. එතුමා කතා කරද්දී උතුරේ යුද්ධයට අකමැති සාමාන්‍ය ජනතාව එතුමා අනුව යන බව දන්නා නිසා තමා ඉසුරන්දි නමැති ඔබ ආවඩන දේශපාලකයෝ තක්කු මුක්කු වෙලා ඉන්නේ. (බ)
දෙමළ ඩයස්පෝරාව අරඅඳින්නේ මේ සිද්ධිය ජාත්‍යන්තරව ශ්‍රී ලංකා හමුදාව පිට පටවන්න. සිසුවිය ඝාතනයට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සම්බන්ධ බවත් ඊට විරෝධය පා මේ විරෝධතා දැක් වූ බවත් ඔවුන් ජිනීවා වලට පෙන්නාවි. කැබිතිගොල්ලෑවේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සිංහල දරුවා සහ පියාගේ පින්තූර ජිනීවාවලට ගියේ ශ්‍රී ලංකා හමුදාව ඝාතනය කළ දමිළ දරුවෙකුගේ හා ඒ දරුවාගේ පියා ලෙස විකෘති කර බව අමතක කරන්න එපා.(බ)
අපිට නම් මහින්ද කියන්නේ වීරයෙක් (නි)
අර මීගමුවේ ධීවරයාගේ සිද්ධිය මතකද ඔයාලට? (නි)
2002/2004 කාල සීමාව මතක්වෙනවා.ඒ අවුරුදු දෙකේ අපි එක්සත් ජාතික පක්ෂයේ සාම කුරුල්ලන්ගේ මේ වගේ මාධ්‍ය සංදර්ශන ඕනෑතරම් දැක්කා.එදා මිනිස්සු මෙයාලා ඒ කියපු දේවල් ඇහුවා නම් අද මේ රට රටවල් දෙකක්.එදා වගේම අදත් මේ කියන දේවල් පිළිගන්න තරම් බහුතරයක් මේ රටේ නැහැ.දැරියගේ මරණයේ වේදනාවයි එදා උසාවිය ළඟ සිදුවීමේ වෙනසයි පැහැදිලිව දකින්න තරමට මේ රටේ මිනිස්සු බුද්ධිමත්.රාත්‍රියේ වැටුණු වළේ මහ දවල් වැටෙන්න මේ රටේ බහුතර සිංහල මිනිස්සු ආයේ සුදානම් නැහැ.ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියක් දැක්කත් බයවෙන එක ස්වාභාවිකයි (නි)
මේ වගේ අපරාධ සිදුවෙන්නේ ආරක්ෂාව අඩුවුණාමයි. පොලිස් මුරපොළවල් හමුදා කඳවුරු ඉවත් කරගන්න දඟලනකොට ඔය මොකුත් මතක නැහැ.රටේ අනිත් පළාත් වල පොලිස් මුරපොළක් දානවට ඒ පළාතේ මිනිස්සු අකමැති වෙන්නේ නැහැනේ.ඇත්තම කියනවා නම් උතුරේ සාමය කඩවෙන යමක් සිද්ධකරගන්න එයාලා කැමති ඇති (නි)
අපේ මිනිහ තවම ජාතිවාදය ගැන තොල මතුරනවා විතරයි. වැඩ පටන් ගන්න විදුලි පුටුවේ නොවෙයි අගමැති පුටුවෙම වාඩි කරවන්න ඕනේ. ජනාධිපති ධුරයේ දිව්‍ය සම්පත් විඳපු "සුර දුතයෙක්" නරයෙක් හැටියට අගමැති පුටුවේ ඉන්දන කොටම ඇතිවෙන ෂොක් එකම ඇති දඬුවමක් හැටියට. අපි ඕනනම් එකට "විදුලි පුටුව" කියල නම් තියමු ගැත්තාට අනුකම්පා කරලා. (නදී)
පිවිතුරු යහපාල, ඔයා කියන දේ ඇත්ත. 2002/2004 කාලෙත් ඔහොම තමයි. නමුත් නීතිය අතට ගන්න කාටවත් බැහැ. (නි)
මේකද ඉල්ලු වෙනස? (නි)
ඇමතිවරු මොකුත් නොදන්නා විදියට කතා කරනවා. කොටකෙතන කීයක් මැරුණද? දකුණේ තව කීයක් මෙහෙම දේවල් වුණාද? එහිදී මෙහෙම සංවිධානාතමක විරෝධ ආවද? රටේ මිනිසුන් බබ්බු නොකර ආණ්ඩුවේ වගකීම හරියට ඉටුකිරීමයි කළයුත්තේ. එහෙම නොවුණොත් අනාගතය දරුණු වන බව පැහැදිලියි. (නි)
විජේදාස රාජපක්ෂ ඇමතිතුමා කියන්නේ සම්පූර්ණ ඇත්ත. ඒත් ඒ මරණය දේශපාලනයට ගෙන්න දතකන්නෙ මහින්ද නොවෙයි, දමිළ දේශපාලනඥයින්. ඒක අදාල ඒ අයට. දමිළ දේශපාලනඥයින් දැරියගේ මරණයට මුවා වී සිය බලය පෙන්වන බව ඕන ගොනෙකුට තේරෙනවා. සමහර දේශපාලනඥයින් තේරුණත් නොතේරෙන සේ රඟනවා. කැලේ ඉන්න හරකා අනිනකොට ගෙදර ඇවිත් තමන්ට කිරිදීපු එළදෙනට තඩිබාන දේශපාලන වටපිටාවක් අද තියෙන්නෙ. (නදී)
මහජනයා උසාවියට ගල් ගහන්නේ උසාවිය පළිද මේකට? (නි)
අපි කලිනුත් කියලා තියෙනවා නියපොත්තෙන් කඩන්න තියෙනදේ පොරොවෙන් කපන්න තියාගන්න එපා කියලා. සුලුවට හිතන්න එපා. අපි ජාතික ආරක්ෂාව ගැන කතා කරණකොට ඒක ජාතිවාදය, ඒත් යාපනයේ තියෙන්නේ දුකට කරන උද්ගෝෂණයක්, අැමතියනි ඇත්ත තිත්තයි, එ්ත් යථාර්තය එය නම්, කරුණාකරලා රටේ ආරක්ෂාව තහවුරු කරන්න බැරිනම් කරන්න පුළුවන් අයට දීල යන්න. මේක ත්‍රස්තවාදී උද්ගෝෂණයක්, අපිට කණගාටුයි. මහින්දට ආපසු එන්න කාලය හරි. තව දුරටත් රටේ ආරක්ෂාව පිරිහුනොත් ගොඩ ගන්න අමාරුයි.(නදී)
කෑගල්ල පළාතේ පාසල් ගොස් එන පිරිමි ළමයෙක් දුෂණය කරලා මරලා දාලා තිබුණා පසුගිය කාලයක. එක්කෙනෙක් උද්ගෝෂණය කලාද , ඇමතිතුමනි වෙනසක් පේන්නේ නැද්ද ? (නදී)
කොටියෙකු වේවා , කව්රුන් වේවා තමාගේ මිය ගිය අයෙකු සිහි කිරීමට මිනිසෙකුට බලය තියෙනවා. නමුත් කණ්ඩායම් වශයෙන්,දේශපාලකයන් වශයෙන් ,මිය ගිය කොටින් ,ඔවුන් මරණයට පත්වූ ස්ථාන වලදී සහ ඔවුන්ගේ නිජබිම් යි ප්‍රසිද්ධ ස්ථාන වලදී උත්සව ස්වරූප යෙන් සිහි කළ හැකිද?එවැනි සැමරුම් උත්සව උතුරේ පැවැත්වූ බව ඇමති තුමා නොදන්නේද? සිංහ කොඩියක් වැනිම ජාතික ධජයට අපහාසයක් කළා කියා නඩු පැවරිය හැකි නම් තහනම් සංවිධානයක් මියගිය නායකයන් සැමරීම අධිකරණයෙන් තහනම් කර තිබියදී එය කඩකළ අයට විරුද්දව පියවර ගන්නේ නැද්ද? (බ)
දැනට හෙළිවෙන කරුණු ඇත්ත නම් පසුගිය රජයේ ඇත්තන් සමාව දිය නොහැකි දේ කර තිබේ. නමුත් මේ රටේ ජනතාවට මේ සියල්ලටම වඩා තම ජිවිත වටිනවා. දැනටත් සිංහලයට දැනෙන්න රිදවා තියෙනවා. ඉදිරි මැතිවරණයේදී ප්‍රතිපල ලැබේවි. එදා ශ්‍රී ලංකාව සිංහලයාගේ රට යි පැවසු, එදා ලුතිනන් ජෙනරාල් අද ෆීල්ඩ් මාර්ෂල් අද නිශ්සබ්ද ඇයි ? (නදී)
අපි නම් ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
මේ රටේ ත්‍රස්තවාදය නැති කරන්නට ,සෑම අගමැති,ජනාදිපති කෙනෙක්ම දායක උනා,එහි ප්‍රතිපලයක් විදිහට මහින්දට ,මුළු රටේම සහයෝගය ඇතිව ,ත්‍රස්තවාදය නැති කිරීමට හැකි උනා. මහින්ද පමණක් එය එයාගේ සාකුවට ගැනීමට යාම සහ හොරු, තක්කඩි,හොරකම්,මැරකම් නිසා මහජන අප්ප්‍රසදයට ලක් උනා. එසේ නොඋනනම් අදත් මහින්දට රජෙක් වගේ ඉන්න තිබුන. දැන් ඔහු නමට පන්සල් ගිහින් දේශපාලන කතා කියනවා ,ලැජ්ජියි අහන්න. ධර්මයට නිගා නොකර විශ්‍රාම සුවයෙන් ඉන්න. (ස)
යාපන සිද්දිය තනිකරම දැරිය ඝාතනය කරපු නිසා ඇති වුවක්. සමහර අයට හරි සන්තෝස ඇති අායෙත් කලබල ඒවි කියලා. (නදී)
රටේ සාමය ඇති වෙලා යුක්තිය ඉටු වන බව සමහර අයට තාම පේන්නේ නැත (නදී)
අනේ ගාමිණි, මම නම් ඔය මොන දේශපාලකයෙකුටවත් ආවඩන්න ගොට්ට අල්ලන්න යන්නේ නැහැ. ඔබ තුමාල වගේ.දකුණට එක නීතියක් උතුරට එක නීතියක් කියල කියනවා නම් ඕවා සිද්ද උනේ කොහොමද කියල කියන්නකෝ පුලුවන්නම්. අනික ඔයාගේ ලොක්කට තියෙන කැමැත්ත අකමැත්ත මොනවට පෙන්නුම් කළා ගිය ඡන්දෙ ප්‍රතිපලවලින්ම උතුරු මිනිස්සු. එතකොට එහෙම උනේ කොහොමද කියන්නකෝ? (නදී)
සිසුවිය ඝාතනයටත් දැන් පළි පැවති ආණ්ඩුවද? (නි)
මේ දැරියගේ අම්මා ගෙවල් බිඳුම් නඩුවක සාක්කි කාරියක්. එම නඩුවේ විත්ති කරුවන් පළි ගැනීමක් ලෙස මේ දැරිය දුෂණය කර මරන්නට කොන්ත්‍රාත්තුවක් දුන්නා. හැම දෙයකටම දේශපාලනය ගාවා ගන්න කලින් ඇත්ත සිද්ධිය දැන ගන්න එක හොඳයි. (නදී)
අනික මම මෙයින් අදහස් කරන්න හැදුවේ පොදුවේ රටේ දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය ගැන මිසක් දේශපාලකයන්ට කඩේ යන ගොට්ට අල්ලන අයට රිදවන්න නෙමෙයි.(නදී)
ලොස් ඇන්ජලිස් කාරයන්ට මෙහෙ වැඩක් නැහැ නොවැ (බ)
පිවිතුරු යහපාල කවුද කියා අපි දනිමු (නි)