(ඉන්දිකා රාමනායක)
නිකවැරටිය කොටවෙහෙරදි 13 හැවිරිදි දැරියකට අතින් පයින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොන්නැකුලම ග්‍රාම නිලධාරිනියගේ අද (4) වැඩ තහනම් කර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නියෝගයකට අනුව මෙම වැඩතහනම සිදුකර ඇති බව රාජ්‍ය පාරිපාලන අමාත්‍යාංශය පවසයි.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මොන්නෑකුලම ග්‍රාමසේවා නිලධාරිනිය වශයෙන් කටයුතු කළ ආර්.එම්. දිල්හානි රත්නකුමාරි නැමැත්තිය බවද අමාත්‍යාංශය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමට අමාත්‍යාංශයේ නිලධාරින් කණ්ඩායමක් ලබන සඳුදා නිකවැරටියට යාමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවයෙන් නෙරපා හැරිය යුතුයි. කිසිම රජයේ රැකියාවක්ට නොගත යුතුයි.මේ වගේ කාලකන්නි තමා රාජ්‍ය සේවය කන්නේ
ළමයෙකුට පහර දෙන්න ග්‍රාම නිලධාරියෙකුට අවසරයක් තියෙනවද ?
හොද වැඩක්. වැඩ තහනම් කර පමණක් මදි. නැවත රාජ්‍ය සේවයට එක්විය නොහැකි වන ලෙස නම අසාදු ලේඛන ගත කළ යුතුයි.