පැලවත්ත මිරිස්වත්තේදී අද (3) උදෑසන පැහැර ගැනුණු 9 හැවිරිදි දැරියක් කොස්කැටිය කැලේ සඟවාගෙන සිටියදී මීගහතැන්න පොලිසිය විශේෂ මෙහෙයුමක් කර බේරාගත්තේය.
පැහැරගත් පුද්ගලයා පැලවත්ත වැවට පැන පළා ගිය බව පොලිසිය කියයි.
ළමයාගේ මවගේ නැගණියගේ අනියම් සැමියා මෙම පැහැරගැනීම සිදුකළැයි අනාවරණය වී ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ කට්ටිය මේකටත් උද්ගෝෂණය කරයිද කියලා. (ර)
මේක දැන් පුරුද්දකට ගිහින් වගේනේ (බ)
යාපනේදී පැහැරගෙන, අපචාරකර, මරාදැමූ දැරියගේ මරණයට විරුද්ධ පක්ෂය රජය පතුරු ගැහුවා මෙන්ම, මෙම සිද්ධියටත් රජය වගකිව යුතුය කියා සන්ධානය බෙරිහන් දේවිද?නැහැදිච්ච, වනචර මිනිස්සු ඉන්නාතුරු මේ වගේ දේවල් රටේ උතුරේ, දකුණේ හෝ වෙන පළාතක සිදුවිය හැක.මේ සිද්ධියත් යාපනේ සිද්ධියත් මේ වගේ මිනිස්සු නිසා සිදුවූවක් මිස රජය නිසා ඇතිවුණ ප්‍රශ්නයක් කියා සද්ද දැමීම විපස්ෂයේ බංකොලොත් බව මුලුරටටම හඬගා කියන්නක්.... (නි)
මෙයාව නොවරදවාම ආයුධ බලන්න එක්ක යන්න. . (ම)
රටේ මොනවද වෙන්නේ කියලා ටිවී එකකින් හෝ පත්තරයකින් නොදකින නොකියවන මිනිස්සු තමයි මේ වගේ දහතුරා වැඩ කරන්නේ කියලයි මටනම් හිතෙන්නේ.(ම)