සිරාජ් හසීම්
නව හැවිරිදි පාසල් දැරියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියකට වරදකරු වූ විදුහල්පතිවරයෙකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා අද බරපතල වැඩ සහිත දසවසරක සිරදඬුවම් නියම කළේය.
අගතියට පත් දැරිය හට රුපියල් දස ලක්ෂයක වන්දියක් සහ රුපියල් පන්දහසක දඩයක්ද නියම කළ අධිකරණය වන්දි මුදල සහ දඩ මුදල නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත තවත් දෙවසරක සිරදඬුවමක් සහ මාසයක සිරදඬුවමක්ද නියම කෙරිනි.
යාපනය නාරන්තනෙයි ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන නව හැවිරිදි දැරියක පාසලේ විදුහල්පතිවරයා විසින් 2009 නොවැම්බර් 1 වනදා සිට 2010 දෙසැම්බර් 26 තෙක් කාල සීමාව තුළ අවස්ථා කිහිපයකදීම අපයෝජනය කළේ යැයි කියන සිද්ධියට අදාල නඩුවේ තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා මෙම දඬුවම නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ නඩුකාරතුමන්ලා මුළු ලංකාවේම හිටියොත් ළමා හා ස්ත්‍රී අපයෝජන මුළුමනින්ම වගේ නැතිවෙයි.
මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාට අපගේ ප්‍රණාමය...
මේ වගේ අය අවුරුදු 10 නෙවෙයි අවුරුදු 100ක් හිරගෙට දැම්මත් මදි..
විනිසුරුතුමාට අපේ ප්‍රණාමය !!!
මෙම විනිසුරුතුමා වඩාත් සුදුසු උතුරට වඩා දකුණටයි.
විනිශ්චය නියමයි. පොඩි ළමයා දැන් එයාගේ ළමයින් එක්ක ඉස්කෝලේ යනවා ඇති... ගුරුතුමා මැරිලත් ඇති...
දැන් පේනවා නේද කා අතින්ද උතුරේ දැරියන් දුෂණය වෙන්නේ කියල.
මෙම විනිසුරු තුමා ගැන මගේ හදවතේ අප්‍රමාණ භක්තියක් ඇත. ඔබතුමාට දීර්ග ආයුෂ සහ නිදුක් නීරෝගී සුවය පතමි.
ව්නිසුරුවරයෙකු තම විනිශ්චය ආසනයේ අසුන් ගත්තාම එතුමා රජෙක්.නිදහස් නිවහල් ස්වාදීන ස්වියිරී පුද්ගලයෙක්.සත්‍ය වශයෙන්ම මෙතුමා එවන් කෙනෙක්.විනිසුරුතුමාට අපේ හදපිරි ප්‍රණාමය.
ඇත්තටම උතුරේ තියෙන්නේ වෙනම පාලනයක්. බොහොම අපුරු අධිකරණ පද්ධතියක්. අනේ ලංකාවේ අනිත් පළාත් වලටත් මෙවැනි පාලනයක් තිබුණා නම්.....