කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම හිමියෝ අපවත්වූහ.
අද උදේ ඒහිමියන් අපහත්වන විට 54 වන වියේ පසු විය.
කුසලධම්ම හිමියෝ කාලයක් රෝගාතුරව සිටි බව දැනගන්නට තිබේ.
කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම හිමියෝ අපවත්වූහ.
අද උදේ ඒහිමියන් අපහත්වන විට 54 වන වියේ පසු විය.
කුසලධම්ම හිමියෝ කාලයක් රෝගාතුරව සිටි බව දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා !!!
සම්බුද්ධ ශාසනය වෙනුවෙන්, එහි උන්නතිය වෙනුවෙන් බෞද්ධයා නාලිකාව තුලින් වෙර වීරිය දැරූ පින්වත් දරණාගම කුසලධම්ම ස්වාමින් වහන්සේට අමාමහ නිවන්සුව ලැබේවා.!!!
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!
ඔබ වහන්සේ කළ සේවය අති මහත්ය. විදේශගතව සිටින මට බෞද්ධයා රූපවාහිනිය ලබාදෙන දහම් අගනේය. නිවන් සුව පතමි !!!
ඔබවහන්සේ පතනා බෝධියකින් නිවන් දොරටුව වෙත ලඟා වේවා!
සම්බුදු සසුනඹර බැබලවු සුපුන් සඳක් වූ අතිපූජණීය දරණාගම කුසලධම්ම මාහිමිපාණන් වහන්සේගේ ශාසනික මෙහෙවර අනූපමේයයි. ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට පිරිමැසිය නොහැකි පාඩුවක්... නිර්මල ත්‍රිපිටක ධර්මය ලොවපුරා ඉතාමත්ම ගෞරවාන්විතව බෙදාදුන්නා. ලංකාවේ නන්දෙසින් වැඩසිටි ත්‍රිපිඨකාචාර්ය, සිල්වත්, ගුණවත්, විචිත්‍ර ධර්මකථික දේශකයන් වහන්සේලා, අතිපූජනීය නාඋයනේ අරියධම්ම මහානාහිමිපාණන් වැනි මහා බෝධිසත්වයන් වහන්සේලා ලෝකයට හඳුන්වා දුන්නා. කුමක් හෝ සසරේ දෝෂයකින් මෙවන් ආකාරයෙන් හදිසියේ අපවත් වූවත් නිදා පිබිදියාක් මෙන් දිව්‍ය ලෝකයේ පහළවෙන්න ඇති. එසේ නොවනවා නම් මේ සම්බුද්ධ ශාසනය බබළවන්න නැවත පහළවනු ඇති. සම්බුද්ධ ශාසනයක් බබලවන්න උපරිම ශක්තිය යෙදවූ මහා පුණ්‍යවන්ත උතුමන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධිය ඉක්මන් භවයකදී පසක්වේවා..! සාදු ..! සාදු ..!! සාදු ..!!!
ඔබ වහන්සේ ශාසනයට කරපු සේවය විශිෂ්ඨයි. බෞද්ධයා නාලිකාවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවට බණ අහන්න සලසපු පිනම ඇති නිවන් දකින්න.
බොහෝ දෙනා නිවන් සුව පතනවා. ඒක ප්‍රාර්ථනා කිරීමෙන් ලැබෙන දෙයක් හැටියට අපේ අය තේරුම් කරගෙන ඉන්නේ මේ වගේ නාලිකාවලින් කල වැඩ නිසා. කාලයක් තුළ පාරමිතා පිරීමෙන් ලැබෙන ප්‍රඥාව හේතුකොට අවබෝධය ලබාදේ යනු මගේ අදහස වේ. කුසලධම්ම හිමි කළ සේවය උන් වහන්සේගේ නිවන් මගට උපකාරීවේවා යනු මගේ පැතුම වේ.
ශ්‍රී සම්බෝධි විහාරවාසී දරණාගම කුසලධම්ම හිමිපාණන් විසින් මේ ලෝකය ඒකාලෝක කිරීමේ පුණ්‍ය ක්‍රියාව හේතුවෙන් උන්වහන්සේට බුදුබව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මා විසින් ගත කරන්නා වූ ජීවිතය සාර්ථක කිරීමට උපකාර කිරීමේ පින් මහිමයද උන්වහන්සේට ලැබේවා!!!
ඔබ වහන්සේ සම්බුද්ද සාසනය බබළවන්න කල මෙහය අතිමහත්. අතිපුජ්‍ය දරණාගම කුසලධම්ම හිමිපාණන්වහන්ස නැවත ශ්‍රී ලංකාද්වීපයට වැඩම කර ඔබ වහන්සේ නතර කල තැනින් නැවත සාසන සේවය ආරම්භ කරන ලෙස ගෞරව සම්ප්රයුක්තව ආරාධනා කරමු. එසේම අකල්හි භවයෙන් සමුගන්නට නොවේවා යි පතමු. ඔබ වහන්සේගේ ප්රාර්තනිය බෝධියෙන් උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්නට අප කරන්නා වූ පින් දහම් ද අනුමෝදන් කරමු.