(සුජිත් හේවාජූලිගේ)
මිනීමැරුම් ඇතුළු බරපතල අපරාධවලට සම්බන්ධවී සිරදඬුවම් විදින දරුණු ගනයේ අපරාධකරුවන්, තවත් 35දෙනකු ගාල්ල බූස්ස බන්ධනාගාරයේ හුදෙකලා සිරමැදිරිවල අවුරුද්දෙන් පසුව රදවන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරසිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසීය.
මේ සදහා බූස්ස බන්ධනාගාරයේ වෙනම සිර මැදිරි තිස් පහක් සූදානම්කර අවසන් යැයිද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ජංගම දුරකථන යොදා බන්ධනාගාරවල සිට විවිධ අපරාධ මෙහෙයවීම් සංවිධානාත්මක ජාලය අඩපණ කිරීමේ අරමුණින් යුතුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කී රත්වත්ත මහතා බන්ධනාගාවල සිට අපරාධ මෙහෙයවීම සියයට බිංදුව දක්වා අඩු කිරීම තමාගේ අපේක්ෂව යැයිද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ජාතියේ මහා අපරාධකරු රංජන් රාමනායකට නම් කිසිම බුරුලක් දෙන්න එපා හොඳේ. මොකද නැතිනම් ආයෙත් සර්ගේ ඉඳලා ඔක්කොගේම හොරකම් ගැන කියවලා රටේ ජාතික ආරක්ෂාව නැතිකරලා දායි.
ඒ කාලේ හිරගෙවල්වල වෙන සිදුවෙනවා යැයි කියපු අකටයුතු නවත්වන්න සී.සී.ටී.වී හයිකරන්න ගත්තු තීන්දුවට මොකද වුනේ ඇමතිතුමෝ...? ඒ වැඩේ වුණාද නැද්ද කියලා ආරංචියක් නැති නිසයි අහන්නේ...
ගොනා හැරෙන්නේ "පොල් පැලේට" බව අපි දන්නවා. ලඟදීම නිදොස් කොට නිදහස් වෙන්න තියෙන ඉඩ කඩ බොහෝමැයි..!!!