ශ්‍රී ලාංකික සැමියා දරුවනට අකමැති බැවින් තම කුසින් බිහි කළ බිලිඳිය නිවසේ කිලිටි ඇඳුම් කූඩයට දමා මිය යෑමට සැලැස්වූ බව කියන කාන්තාවක (36) රෝහල් පොලිසිය බාරයේ වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බව ඉතාලියේ රෝම අගනුවර කසිලිනෝ රෝහල් පොලිසිය කියයි. රෝමයේ ඇලෙසැද්‍රිනෝ ප්‍රදේශයේ පිහිටි නිවසේ තනියම සිටිද්දී ඇයට දරුවා ලැබී ඇත. ප්‍රසූතියෙන් ඇයට දැනුණු අධික වේදනාව නිසා ගිලන් රථයක් නිවසට ගෙන්වා රෝහලට ගොස් ඇති නමුත් වෛද්‍යරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ දරුවා තම සහෝදරයකුට බාරදුන් බව ඇය කියා ඇත. දරුවා රෝහලට රැගෙන ඒමට ගිලන් රථයක් සූදානම් කොට සහෝදරයා පදිංචි නිවසේ ලිපිනය ඉල්ලූ විට ඇය වෙනත් කතාවක් කියා ඇති හෙයින් සැක සිතූ වෛද්‍යවරු පොලිසිය කැඳැවූහ. බිළිඳු සිරුර සොයාගත් පොලිසිය ඇගේ 40 හැවිරිදි සැමියා සොයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසන් සතුන් මීට වඩා දියුණුයි.
ස්වභාව ධර්මයෙන් දඩුවම් දිය යුතුයි
මිනිසාට මේ මොනවා වෙලාද?
මිනිස්කමටත් නින්දාවක්
මේ ඉතා අකාරුණික මිනිස්සු