(ඉන්දිකා රාමනායක)
දියතලාව කහගොල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් තුළ අත්බෝම්බයක් පිපිරීමේ සිද්ධියෙන් අත්බෝම්බය රැගෙන ආ බව කියන යුද හමුදා සැරයන් මේජර්ගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙමින් සිටින බවට පොලිස් ආරංචි මාර්ග කියයි.
තවත් දින කිහිපයකින් ඔහු සාමාන්‍ය වාට්ටුවකට මාරුකිරීමට නියමිත බවත් සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම සැරයන් මේජර් දැනට දැඩි සක්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
මෙම අත් බෝම්බය කිසියම් ස්ථානය වළදා තිබු ඉතා පැරණි එකක් බවත් එය බිම වැටුණ සැනින් ආරක්ෂික පිං එක ගැලවී පුපුරා ගියේ ඒ හේතුවෙන් බවට පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන පරීක්ෂණ වලට අමතරව යුද හමුදාව පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇත.
ඉකුත් 14 දින අලුයම සිදු වු මෙම සිද්ධියෙන් හමුදා සාමාජිකයින් 7 දෙනෙකු , ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙක් ඇතුළු 19 දෙනෙකු ද තුවාල ලැබුහ.
බණ්ඩාරවෙල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ පැවත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙනාපු මිනිහාගෙන් ප්‍රශ්න කරන්නත් ඉස්සෙල්ලා, බෝම්බය පරණ එකක්, වලදාලා තිබුණු එකක්, බිම වැටුණාම පින් එක ගැලවුනේ ඒ හින්දා කියලත් හොයාගත්තේ කොහොමද?
මෙම පර්යේෂණ වැඩ පිළිවෙලේ කටයුතු කරනා සියලු දෙනාට ස්තුතිවන්ත වෙමු. එතුමන්ලා මෙය කොටින්ගේ වැඩක් නොවන බව පැවසීම සතුටට කරුණකි. මමද එය කොටින්ගේ වැඩක් නොවන බවට තීරණය කොට සිටියෙමි. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පටු වාසි බලාගෙන මෙය කොටින්ගේ වැඩක් බව පෙන්වා ජනතාව නොමග යැවීමට බොහෝ උත්සාහ දැරුවේය.
දැන් ඉතින් කතා හදාවි "සංහිදියාව" වෙනුවෙන්. මේ බෝම්බය ඔහු ගෙනාවා නම් මෙතරම් දුරක් , කොහොමද දියතලවේදීම බිම වැටිලා, හරියටම පින් එකත් කැඩිලා තමයි පුරන්නේ... අනෙක සාජන් මේජර් කෙනෙක් දන්නේ නැතිද වැටිලා පින් එක කැඩුණාම? ඒ තත්පර 15 සිට 20 ඇතුලත ඕක අහුලලා එළියට දමන්න. මේවා අපිට පිළිගන්න බැරි කතා...
ඇති යාන්තම් රට ගිනි තියන්න හදපු බයියන්ගේ කටවල් දැන්වත් වැහේවි....
මේක තමයි පොහොට්ටුව බලාපොරොත්තුවෙන් හිටියේ.. ඔක්කෝටම කළින් ආයිත් බස් බෝම්බ මතුවෙයි කියලා. ඔවුන්ට ඕනෑ වෙලා තියෙන්නේනැවතත් කොටි මතුවෙලා හරි බලයට ඒමයි.
මහින්ද පාක්ෂිකයන් නිතරම මතුරන්නේ කොටි නැගිටපන්, බෝම්බ පුපුරපන්, මිනිස්සු මැරියන් කියලයි.
නැහැ මේක තිබුනේ පොලව මතු පිට අහුලා ගන්න පුළුවන් වුනේ මේ නිසා පසුව එය බස් බෝම්බයක් වුනා
අවස්ථාවාදී දෙසපලුවෝ මෙය කොටින්ගේ වෙඩක් කියල කියවගන්න අසාවෙන් ඉන්නේ දෙසපලනෙට ඕනෙම බලුවෙදක් කරන්න පුළුවන් රටක අපි ඉන්නේ
කොටි නැතිකළා කියන පොහොට්ටු කාරයෝ උදේ හවස බලා ඉන්නේ ආයෙත් කොටි නැඟිටලා එයි කියලා. නමුත් සරත් ෆොන්සේකා මහත්මයා අයෙත් නොඑන්නම දුන්නා දෙන එක. අර කවුද පස්සේ දවසක ඇවිල්ලා බිම ඉම්බට.
රණවිරුවන්ට ගැරහීම වැරදියි. අපි මොහුට සෙත් පතා පූජාවක් තියමු. මොහු යුද්ධයට සක්‍රීයව මැදිහත් වූ කෙනෙක්. රට බේරාගත් රණවිරුවෙකුට බෝ්ම්බයක් ගෙදර ගෙනියන්න බැරි රටක්නේ මේක.
කෝ අර ගම්මන්පිල? මෙහෙම කියනවා නම් දාන්න ඕනෑ බෝම්බයක්...
මේ වගේ වැඩ කරන්නේ ආණ්ඩුව එපා කරවන්න. තව වසර 2ක් නේ කියලා කිසි කෙනෙක් කියන දේට හා නොකියා තම කැමැත්තට තීරණ ගන්නවා නම්, ජනාධිපතිතුමාට හොඳ නමක් ඇතිව විශ්‍රාම යන්න පුළුවන් 2020 දී...