(ඩී.ජී.සුගතපාල)
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර කිරිම සම්බන්ධයෙන් ඇයගේ පියා සහ බාප්පා යක්කලමුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සිසුවියගේ මව සහ පියා නිත්‍යනුකුලව වෙන්ව ඇති අතර දැරිය මිත්තණියගේ නිවසේද , ඇයගේ සොහොයුරා ඒ අසලම නිවසක පියා සමඟද ජීවත්ව ඇත.
දැරිය එම නිවසේ සිටින අවස්ථාවේදී දැරියගේ බාප්පා පැමිණ ඇය අපයෝජනයට ලක් කර ඇති අතර අනතුරුව පියාද , දැරිය අපයෝජනයට ලක් කර ඇතැයි ලැබුණු පැමිණිල්ලක් මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
දැරියගේ ඥාති සහෝදරියකට සිද්ධිය පැවසිමෙන් පසු ඇය ඒ බව දැරියගේ කොළඹ සිටින මවට පවසා තිබේ.අනතුරුව මව පැමිණ පොලිසියට පැමිණිලි කර ඇත.
අත් අඩංගුවට ගන්නා ලද පියා , බාප්පා අද (17)ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැන් වසංගතයක් වගේ. ලෝකේ වෙන කොහෙවත් මේ වගේ තිරිසන් වැඩ කරන මිනිස්සු නෑනේ. කියන්නේනම් ලෝකෙන් උතුම් රට කියලා. මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදුන එකත් පාපයක්.
මේ මිනිස්සුද? තිරිසන්නුද? තමන්ගේම ලෙයින් ජාතක කරපු දරුවා කෙළෙසන්න තරම් මෘගයෝ ඉන්න රටක් මේක.
දවසකට මේ වගේ සිද්ධි දෙක තුනක් වාර්තා වෙනවා. වාර්තා නොවෙන සිද්ධි මොන තරම් ඇතිද? අවුරුදු දෙදහස් දෙසීයක් බුදු බණ අහන මිනිස්සු ඉන්න දේශයක් නේද මේ.
මේ අය මුස්ලිම්ද?
මරණ දඬුවම එපා කියන අය මේවට මොකද කියන්නේ.
බටහිර රටවල්වල සාපේක්ෂව ලංකාවේ මේ වගේ තිරිසන් ක්‍රියා අඩුවෙන් සිදුවෙන්නේ. මේ ළඟදී යූ.කේ වල පුවත්පත්වල ෆොටෝ සමගම පලකරලා තිබුණා අම්ම පුතාගෙන් දරුවෙක් බලාපොරොතු වෙනවා කියලා... ලෝකේ අවසන් කාලය ආසන්නයි
මනුස්ස ගුණ ධර්ම නැති මිනිසුන්ට මිනිසුන් කියන්නේ කොහොමද කියල හිතෙනවා. විශාල කල කිරීමක් ඇති වෙනවා මොකද? මටත් දරුවන් ඉන්න නිසා ලංකාව එන්න, එන්නම පිරිහෙනවා.
බටහිර රටක පියා තමන්ගේ පුතුන් දෙදනාටම ලිංගික අපරාධ කරලා දැන් නඩු . තවත් පුද්ගලයෙක් තමන්ගේ ගුවන් සේවිකාවන් වන දියණියන් දෙදනාම දුෂණය කරලා මෙවැනි දිනපතා දුසිම් ගණනින් වාර්තා වෙන්නේ.
මේක නුගත් කමනම් නොවෙයි. ඔය තිරිසනුන් අගේට ඉගෙන ගන්නේ
අති උතුම් යයි කියාගන්නා හීන යාන (නොහොත් ථේරවාද) බුදු දහමෙන් පෝෂණය වූ රටක සිදුවන මෙවැනි අමානුෂික ක්‍රියාකාරකම් පිළිබඳව බෞද්ධ ආගමික නායකයින්ගේ අදහස් කවරේදැයි දැනගැනීමට කැමැත්තෙමු. දිනපතා නොකඩවා බණ පිරිත් දෙසීමේ ඵලය කුමක්ද? කාලානුරූපීව නිසි පියවර ගැනීම සඟ පරපුරේ වගකීමයි...
මේ මනුස්සයා දකුණේ... රට කන්නේ මොන ජාතියේ අයද කියලා හොඳට පැහැදිලියි.