කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වේලායුදන් දයානිධි හෙවත් දයා මාස්ටර් බ්‍රහස්පතින්දා (11) තෙක් රිමාන්ඩ් කිරීමට වව්නියාව මහේස්ත්‍රාත් බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතා අද (10) නියෝග කළේය.
නීති විරෝධී ත්‍රස්ත සංවිධානයක මාධ්‍ය ප්‍රකාශකවරයකු ලෙස කටයුතු කිරීම යන චෝදනාවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්ත විමර්ශන අංශය ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
දයා මාස්ටර් හා ජෝර්ජ් මාස්ටර් 2009 අප්‍රේල් 20 වැනිදා පුදුමාතලන්හිදී රජයේ හමුදාවට බාර වූහ. ඒ යුද්ධය අවසන් වීමට දින කිහිපයකට පෙරදීය.
(ඡායාරූප සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංඛ)




COMMENTS
ගයා කොහොමද වෙනස, නියමෙට ක්‍රියාත්මක වෙනවා නේද. තෝරාගත් පිරිසකට විතරක්. දහ පාරකට වැඩියේ එන්න කියලත් අල්ලස් කොමිසමට නොගිය අය නිතිය ගැන දන්නේ නැතුව ඇති නේද.(අ)
ඕවයින් නෙවෙයි නිතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා බලන්න පුළුවන්, විදේශිය අධිකරණය පිහිටවපු දාට. රිමාන්ඩ් කරලා තියෙන්නෙත් හෙට වෙනකම් විතරයි. කොහොමත් එම උසාවිවල රිමාන්ඩ් කරන්නේ දවසකට දෙකකට විතරයි, මොකද එම අය අපිවගේ ජාතිවාදී නොවෙයිනේ. (අ)
නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා වගේ (ම)
පරාක්‍රම, ඔබතුමා වගේ මොකුත් දන්නේ නැති බබාලා අපේ රටේ ගොඩක් ඉන්නවා. ඒක පිහිටුවන්න ඕනෑ තැන සහ එහි අරමුණු දැනගන්න ඕනෑ නම්, ජිනීවා වලින් කරපු ඉල්ලීම් හොඳට දෑස් ඇරලා කියවලා බලන්න. (නි)
දැන් කට්ටිය මොකද කියන්නේ. කොටි හුරතල් කරේ කවුද කියල දැන් දන්නවා නේ.(අ)
මහාදේව , විදේශ අධිකරණයක් පිහිටුවනවා කියලා ඔබට හොඳටම විශ්වාසද ? එක පිහිටුවන්නේ ශ්‍රී ලංකාව තුලද , නැතිනම් අර ඊලාම් රාජ්‍ය වගේ වෙන කොහේදෝ තැනකද , එක පිහිටුවන්නේ කොහොමද කියන එක කරුණාකරලා හැමෝටම දැනගන්න තේරුම් කරලා දෙන්නකෝ අනේ .(රේ)
එතකොට කේ.පී සමාදානයෙන් සිටිනවාද?එයට නඩු නැතිද?(රේ)
එතකොට පහුගිය රජයෙන් සුරතල් කළ කේපීට මොනවද වෙන්නේ? (බ)