කලා වැව ඉස්මත්තේ සිටින අලි කලා වැවට පැමිණ දිය කෙළියෙහි යෙදෙන අයුරු සුන්දර දසුනකි. ජලයට බෙහෙවින් ප්‍රියකරණ මේ අලි කලා වැවේ ජලය අතර ඇති ගස්වල කොළ කඩා කමින් පැය ගණන් එහි ගත කරති. අලි 40ක් පමණ මෙහි එන බව ගැමියෝ කියති. කලාවැවේ අලි ආනන්ද මේ අලි ගැන හොඳින් දනිති. ආනන්ද ඔරුවකින් අලි බලන්න යන්නේ පරෙස්සමෙනි. වනයේ අලි බැලීම සාමාන්‍ය දෙයක් වුව ද වැවක දිය කෙලින අලි බැලීමට ඔරුවක සවාරියක් යාම අලුත් අත්දැකීමකි.
අලි ආනන්ද පවසන්නේ ගැමියන් මේ අලි රංචුවෙන් 20ට වැඩි පිරිසක් හොඳින් හඳුනන බවයි. ඔවුන්ට විවිධ නම් තබා ඇති බවත් අලින් ළඟට නොගොස් වනයේ අලි බලනවාට වඩා හොඳින් වැවේ සිට අලි බැලිය හැකි බවත් අලි ආනන්ද පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපුරු ලිපියක් (බ)