
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දඹුල්ලේ ප්රභාෂ්වර ශීතාගාරයට හොරු පැන එහි වායු සමීකරණවල රුපියල් ලක්ෂ ගාණක් වටිනා තඹ කම්බි කපාගෙන ගොස් ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත්රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවෙනි වර කියවීමේ විවාදයේදීය.
ලංකාවේ ගොවියට හදපු ශීතාගාරයේ වැඩ පටන් නොගැනීම හේතුවෙන් මේ තත්වය මතුව ඇති බව පැවසූ මන්ත්රීවරයා වහාම එහි වැඩ අවසන් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කළේය.
ආචාර්ය හර්ෂද සිල්වා මහතා මෙසේද පැවසීය.
මීට විනාඩි කිහිපයකට කලින් මට දඹුල්ලෙන් කෝල් එකක් ආවා. ප්රභාෂ්වර ශීතාගාරයට පොලිසියෙන් පැනලා කියලා දැනුම් දුන්නා. අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා ඕගොල්ලන් විවෘත කරපු ප්රභාෂ්වර එකට හොරු පැනලා. අන්න ඔක්කොම තඹ කම්බි කපාගෙන ගිහිල්ලා.ලක්ෂ ගාණක පාඩුවක්. ඉවර කරන්න කෝ හත් දෙයියනේ. මොකක්ද තියෙන ප්රශ්නය. මාස කීයක්ද. බියුටමන් ඕනේ නෑ. සෝලා ගහන්න ඔච්චර කල් යනවද. ඒක වටේට පිටරටින් ගේන ටැංකි ගහලා තියෙනවා. අපේ ගොවියට හදපු එක විවෘත කරලා නෑ. ඒක හැදුවනම් මෙතන ලොකු විසඳුමක් තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd