(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ ආර්ථික මධ්‍යස්ථානය  ආසන්නයේ පිහිටා ඇති පෞද්ගලික ටයර් අලෙවි සැලක සහ ගබඩාවක අද( 20 ) අලුයම ඇති වූ ගින්නකින්       එය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බව දඹුල්ල පොලිසිය කියයි.
 දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ කණ්ඩායම ගින්න නිවා දැමීම අනෙකුත් වෙළඳසැල් වලට ගින්න පැතිරී යෑම වළක්වා ගැනීම සඳහා පැය ගණනාවක දැඩි මෙහෙයුමක් දියත් කිරීම හේතුවෙන්   සිදුවන්නට ගිය මහා විනාශ වළක්වාගතහැකිවූ බවද පොලීසිය කීවේය.

අලුයමදී මෙම ටයර් වෙළඳසැල ඇතුලෙන් ගින්න හටගෙන පැතිර යන්නට පටන් ගෙන තිබෙන බවත් ඒ අනුව පොලිසිය මහ නගර සභ විදුලි බල මණ්ඩලය සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව කඩිනමින් අවට පදිංචිකරුවන් දැනුවත් කරමින් ගින්න මැඩ පැවැත්වීම සඳහා විශාල මෙහෙයුමක් සිදු කර තිබේ. 

 මෙම ටයර් වෙළෙඳසැල කුමන හේතුවක් නිසා ගින්න හට ගත්තෙ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර  ගින්නෙන් සිදුවූ පාඩුවද තවමත් ගණනය කිරීමක් සිදුකර නැතැයි පොලිසිය කියයි.