දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය අසළදී බසයක් හා වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ ගමන් කළ 23 දෙනෙක් තුවාල ලදහ. බසය වව්නියාවේ සිට කොළඹ යමින් සිටියේය.
මේ අනතුරත් සමග මාහාමාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති විය.
දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය අසළදී බසයක් හා වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ ගමන් කළ 23 දෙනෙක් තුවාල ලදහ. බසය වව්නියාවේ සිට කොළඹ යමින් සිටියේය.
මේ අනතුරත් සමග මාහාමාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු දුප්පත් මිනිස්සු .රියදුරෝ මීට වැඩිය කල්පනාකාරී වීම වැදගත්. (නි)
අද තමුන්ගේ ගෙදරක වුණත් ඉන්න අමාරුයි, හොරු නිසා. පාරක බැහැලා යන්න බැහැ, රිය අනතුරු නිසා. අනේ මන්දා මේ දේවල් අපේ මිනිස්සු කවදා තේරුම් ගනීවිද කියලා! (නි)
මේක නම් දේව ශාපයක්ම තමයි. (නි)
ඔය කියන පාරවල්වල බස් යන්නේ සියලුම මාර්ග නීති කඩමින්. පොලිසිය කිසිම දෙයක් නොදැක්ක වගේ ඉන්නේ. හේතුව කව්රුත් දන්නවා. (නදී)
අනේ මේ මොනවද ලංකාවට වෙන්න යන්නේ ?අලුත් අව්රුද්ද පටන් ගත් දවසේ ඉදන් අද දක්වා කී දෙනෙක්ගේ ජීවිත නැති උනාද ? මීට කලින් මේ වගේ කවදාවත් වෙලා නැහැ...(නදී)
තුවාල ලැබූවන්ට ඉක්මන් සුව ලැබේවා..!(නු)
පොලිස් රාළහාමිලා පාරේ ඉන්නේ හැංගිලා හොරු අල්ලන්න වගේ ඉර කපනවා බලන්න. එයාලට ඉර කපනවා ඇරෙන්න වෙන ට්‍රැෆික් වැරදි නැහැ මොන තරම් පාරේ දුවන්නන නොසුදුසු වාහන දැක්කත් ඔහේ බලාගෙන ඉන්නවා. අර පාරේ තියෙන ඉර ඇරෙන්න වෙන මොනවත් ඒ උත්තමයන්ට පෙනෙන්නේ නැහැ (අ)
මෙවන් රියදුරන්ගේ බලපත්‍රය තහනම් කරන්න.(නදී)
මමනම් හිතන්නේ මත් පැන් තමා මේවට වග කියන්න ඕන. කෝ මේ මතට තිත?(නදී)
කෙතරම් අනතුරු සිදුවූවත් නීතිය පෑත්තෙන් මෙම අනතුරු වලක්වා ගෑනීමට පියවරක් නොගෑනීම ඉතාමත් කනගාටුවට කරුනක්.(නදී)
මාරා ගස් අස්සේ හැංගිලා ඉන්න ට්‍රැපික් රාලහාමිලා බලන්නේ කොට ලොරි, ආදායම් බලපත්‍ර, රක්ෂන සහතික, හෙල්මට් ගැන මිසක් අනතුරු වලක්වා ලීමේ කටයුතු නම් නොවේ.(නදී)
රියදුරන්ට විනය පිලිබදවත් පුහුණුවක් දීල පරික්ෂණයක් තිබ්බනම් අනතුරු ගොඩක් අධුකරගන්න තිබුන (නු)
සුක්කානම කරකවන්න පුලුවන්නම් ඕනෑම කෙනෙකුට ලයිසන් එක ගන්න පුළුවන්, හැබැයි රියදුරන්ට විනය පිලිබදවත් පුහුණුවක් දීල පරික්ෂණයක් තිබ්බනම් අනතුරු ගොඩක් අධුකරගන්න තිබුන (නු)
අනතුරු වලක්වා ගැනීමට ගත හැකි හොඳම පියවර මාර්‍ග නීති සහ එම නීති පිළිපැදීමේ වැදගත් කම ගැන නිසි අධ්‍යාපනයක් සෑම අයෙකුටම ලබා දීමයි. (නු)
බොහොම අවස්ථා වල මම දැකපු විදියට බස් රථ රියදුරන්ට කිසිම විනයක් නැහැ. මේ කියන්නේ අනික් රියදුරන් ඔක්කොම හොඳයි කියල නොවෙයි. (නදී)
ළකුණු කීයක් කැපිලද? (නි)
ඩිසල් වලින් දුවන බස් වේගෙන් යන්න කියල මෝඩ රියදුරෝ ඩිසල් එක්ක කලවම් කරලා පෙට්රෝල් දානවා.මේවා පොලිසිය දන්නවද මන්ද. ටික කාලෙකින් බස් එකත් ඉවරයි අයිතිකාරයත් ඉවරයි. රියදුරයි කොන්දයි හම්බ කරලා. මේ වේගය හින්දා පාරේ යන අහිංසකයොත් ඉ වරයි (ස)
ජනාධිපතිතුමා කිවුවනේ වේග සිමා දික්කරන්න ඕන කියලා (ස)
වෑන් රියේ කොහොමද 23 දෙනෙක් ගියේ? (නි)
තව වේගෙන් යමු අපි. (නි)
රටේ මිනිසුන්ට දැරිය නොහැකි ආර්ථිකය හා දිනෙන් දින ජීවන වියදම ඉහල යෑමත් රියදුරන්ගේ නොසැළකිළිමත්කමත් නිසා විදවන මිනිස්සු පව් (නි)