දිවයිනේ නමගිය අපරාධ කණ්ඩායමක තිදෙනෙක් දඹුල්ල පොලිසිය විසින් දඹුල්ලේ දී අද (03) අත්අඩංගුවට ගනු ලැබූහ. ගිනි අවි හා බෝම්බ විකිණී යැයි චෝදනා ලැබ උසාවි ඇප මත සිටි හමුදා ලුතිනන්වරයකු ද මේ අතර සිටින බව පොලිසිය කියයි. අනෙක් දෙදෙනා අපරාධ රැසකට හවුල්කරුවන් බවත් අවුරුදු 21ක සිරදඬුවම් නියමව සිට සිරේන් පැන ආ අයකු ද ඒ අතර සිටින බවත් පොලිසිය පවසයි. රුපියල් ලක්ෂ නවයක රන් බඩු හා ගිනි අවියක් ද උණ්ඩ 15ක් ද පොලිසිය සොයාගෙන තිබේ. මොවුහු ගල්කිස්ස, සපුගස්කන්ද හා දඹූල්ලේ පදිංචිකරුවෝ වෙති.

1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධකාරයන්ට සමාවක් දෙන්න එපා
දඹුල්ල පොලිස් කාර්යමණ්ඩලයට මගෙන් සුභපැතුම්
හොදයි
පොලිස් අයගෙ හොද වැඩ අගය කිරීමක් නෑ. වැරදිමයි හොයන්නේ. මේක කාටවත් පේන්නේ නැතිද?
ඕවට හොද දඩුවම් දෙන්න ඕන
දඹුල්ල පොලිස් නිලධාරීන්ට මගේ ආචාර්ය
රාබි දඩුවම් දෙන්න ඕන
වීරයන්ව සැගවූ ගිනි අවි බලන්න අරන් යන්න....
වැඩේ නම් ගොඩක් හොදයි. ස්ථානාධිපතිතුමාව මාරු කරයිද දන්නෑ.
පොලීසියට ප්‍රනාමය