ක්‍රීඩාංගනය ආරම්භයේ සිටම කොන්ත්‍රාත් පදනම මත සේවය කළ කම්කරුවන් 11 දෙනා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයන් ලෙස පත් කරන ලෙස ඉල්ලා දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවකයෝ පිරිසක් ක්‍රීඩාංගණයේ වහලය මත නැගී උපවාසයක් ඇරඹුහ.
පළාත් ක්‍රීඩා සංගම් වලට අනුයුක්ත කිරීමට අකමැති බවත් නිසි විසඳුමක් ලැබෙන තුරු උපවාසය අත්නොහරින බවත් ඔවුහු පවසති.
සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස ඉහළින් දැනුම් දී තිබෙන බව ආරක්ෂක නිලධරයෝ දැනුම් දුන්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයා බැලුවොත් මේ වගේ අවුරුදු දහය පහළොව රජයේ ආයතන වල වැඩ කරපු තරුණ පිරිස් බොහොමයක් ඉන්නවා. විශාල ලෙස ඔවුන්ගෙන් වැඩ අරගෙන ඒ ජීවිත අනාථ කරනවා. මේ වගේ ඉන්න සියලුම දෙනා ස්ථිර කර ඒ අයට ලැබියයුතු වරප්‍රසාද ලබාගැනීමට ඉඩදීම රජයේ වගකිවයුත්තන්ගේ වගකීමක්. නැත්නම් මේ ගැන ජනාධිපතිතුමා මැදිහත් සුදුසු පරිදි කටයුතු කළොත් ඒ අයට සහනයක් වේවි. දැන් වයස ගිහින් නිසා වෙනත් රැකියාවක් සොයාගැනීමත් අපහසු වෙලා තියෙන්නේ. (නි)
ජයා, අනියම් සේවකයෝ කියන්නේ හරි පාරෙන් ආ මිනිස්සු නොවෙයි. දේශපාලන පන්දමට, ඇඳුනුම්කමට වැඩට ගත්ත අය. එයාලව ස්ථිර කරනවා කියන්නේ රටටම කරන අසාධාරනයක් (නි)
බලෙන් වැඩ ගත්තේ නැහැ නේද? වැඩ කරන්න අකමැති නම් ගෙදරට වෙලා ඉන්න තිබුනනේ (නි)
අපේ රටේ මිනිස්සු කන්න නැතුව මැරුණත් අනියම් සේවකයෝ විදියට වැඩට ගන්න නරකයි. මොවුන් කරන්නේ කාගේහරි පිහිටෙන් කොහෙටහරි අනියම් සේවක කියලා රිංගලා ඊටපස්සේ ස්ථිර කරන්න, අරවා මේවා කියලා පිකටින්. මේ වගේ අය එක්ක රටක් ගොඩනඟන්න පුලුවන්ද (නි)
සංජය, විකාර කතා කියන්න එපා. ඔබටත් ඔහොම වුණා නම් ගෙදරට වෙලා ඉන්න තිබුනා. ඒ මිනිස්සු රටට සේවයක් කරන ගමන් තම ජීවිතයත් රැකගත්තා. එ්ක අමතක කරන්න එපා. (නි)
කොන්ත්‍රාත් පදනම යටතේ ගත්තා කියන්නේ ස්ථිර කරනවා කියන එක නොවෙයි. අනික මෙයාලා පළාත් මට්ටමින් යොදවනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පහුගිය කාලේ විශාල කළමනාකරණ ගැටළු තිබුණා. අතිරික්ත සේවකයො හිටියා. ඉතින් මෙයාලගෙන් වැඩක් ගන්න වැඩ තියෙන තැන් වලට අන්යුක්ත කරන්න වෙනවා. (නි)