දඹුල්ලේ කොන්ත්‍රාත් කරුවෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැක පිට දඹලු උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න අල්ලස් කොමිසම විසින් දඹුල්ලේදි අත් අඩංගුවට ගනු ලබීය. ඔහු ගලේවෙල පොලීසියට බාරදිමට නියමිතයි
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම දැම්මට ස්තූතියි (ස)
පරණ පළිගැනීමක් කියලා විශ්වාස කරන්න බැරිද? (නි)
අනේ මෙහෙමත් නාටක! (නි)
නගරාධිපති පළතුරු අල්ලස් දෙන්න පැමිණි කෙනෙක් එළවාගත්තා. හොදයි. සන්තෝෂයි. නමුත් ඔහුගේ අනෙක් අය? මේවටනේ අපේ අයත් කතිර ගහන්නේ. (නි)
ඕක සුඵ දෙයක් ඔයිට වඩා මහ පරිමාණයෙන් කරන අය ඉන්නේ . ලොකු අයව අල්ලන්න බයද ? (ස)
මම හිතන හැටියම මේක ලංකාවේ ආශ්චර්‍ය(ස)
කන්න උණාම කබරගොයිත් තලගොයි වෙනවා කියන්ෙන මෙවාට, කවුරු කවුරුත් පරිස්සම් වෙන්න වෙයි (ස)
ඔය අහුවුණේ ලක්ෂයකට එක්කෙනයි (ස)
දැන්නම් පොඩ්ඩ පොඩ්ඩ ගොරවනවා. ළගදිම ලොකු වැස්සක් වහී. (නි)
සමන් ඔය කියන වගේ දේවල් වෙන්නේ එංගලන්තේ. අපේ අස්චර්යමත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(ස)
පොඩි අය කනකොට තමා වටකරලා අල්ලන්නේ. ඔයාලා ලොකු අයගෙන් ශිල්පය හරියට ඉගෙනගෙන කන්න. මේක ජරා සාගරයක්. (නි)
කොන්ත්‍රාත්කරු ඇතුලට යයි.. නගරාධිපති එළියට එයි.. නෑ... නෑ.. එංගලන්තේ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නේ නැහැ.!(නු)
මනිත්‍රිවරු කවුදැයි පගා නොගන්නා? (නි)
අල්ලසක් නෙමේ. නගරය හදන්න සල්ලි දීලා. (දඩ ගෙවන්න කෙලින්ම පොලිස් නිලධාරීන්ගේ අතට මුදල් දෙන්න ඇමතිවරුන්ට පුලුවන් නම් මේක මොකක් ද?) (නි)
අන්තිමේදි කොන්ත්‍රාත් කරුවෙක්‍ට හිරේ යන්න සිද්ධ වේවිද දන්නේ නෑ (ස)
රට හදන අයම නේ රට කන්නේ (ස)
පගා ගත්තට ඒව වියදම් කරන්නෙ රටේ වැඩ වලටමයි ඒක නිසා ලොකු වරදක් පේන්නෙනෑ.(ස)
රටට ආදර්ශවත් විදියට ඉන්න ඕනි අනිත් අය වැරදි කරාට කමක් නෑ හොදේ (ස)
බොරු කියන්න එපා . මෙයාලා හොරු නෙමෙයි...දෙවිවරු වගේ (ස)
මේ අයට කොහොමත් ගොඩක් වියදම් තියෙනවානේ (ස)
මේගොල්ලෝ ඡන්දය ඉල්ලගෙන සමාජ සේවය කරන්නද නැත්නම් රට කන්නද ඇවිල්ලා තියෙන්නේ? (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? ඔහොම ගියොත් නම් රට හැදේවි. (නි)
පගාව ගන්න අය විතරක් නෙමෙයි දෙන හෝ දෙන්න හදන අයටත් දඩුවම් දියයුතුයි.මොකද? ඔය කියන කොන්ත්‍රාත් කරු දුන් පළමු අල්ලස නෙමෙයිනේ.ඒ කියන්නේ කොන්ත්‍රාත් ක්‍රියාවලියේ එක පියවරක් තමයි අල්ලස.සමහර විට මීට පෙර උප නගරාධිපති සමග හොද සහජීවනයෙන් කටයුතු කරන්න ඇති.මෙවර ගාන ටිකක් වැඩිකරන්න ඇති.ඉතින් ඉතිරි හරිය ලියන්න අවශ්‍ය නැහැනේ (ස)
පුහුල් හොරා කරෙන් දැනේ .....මේවා කට කසනවට කිව්ව දේවල් නෙමෙයිනේ (ස)
20/20 තරඟයකට වඩා වේගයෙන් හතරවරම් ගහනවනේ මේ ගොල්ලෝ (ස)
මේක හොද දෙයක්. කවුරු කවුරුත් නිතරම පගාකරුවන් ගැන සෙවිල්ලෙන් සිටිය යුතුයි. නැතුව ඔවුන් අල්ලන්න බැහැ. (නි)
අලුත්ම ඡන්ද ප්‍රතිඵලයක් (ස)
ඔය වගේ දේවල් වලින් තමන්ගේ පවුලේ අයට කන්න දෙන්න පුලුවන්ද? මට නම් අප්පිරියයි. (නි)
දේශපාලන ව්‍යාපාර (ස)
දෙන්න පුලුවන් උපරිම දඩුවම් දෙන්න. (නි)