
(යොහාන් භාසුර)
මෙරටින් සොයාගත් විශාලතම සෙල්ලිපිය ලෙස සැලකෙන පොළොන්නරුව දිඹුලාගල සෙල්ලිපියේ තොරතුරුවලින් සටහන් කර ගැනීමට හැකිවුයේ සියයට 40 ක පමණ කොටසක බව සෙල්ලිපිය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට පත් කළ කමිටු සම සභාපති මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (8) පැවසීය.
සෙල්ලිපියේ ඉතිරි සියයට 60 ක ප්‍රමාණය දෝෂ සහිත බැවින් කියවීමට අපහසුතාවයක් ඇති අතර එය වැඩිදුරටත් අධ්‍යනය කළ යුතු බවත් මහචාර්වරයා කීය.
කියවා අවසන් කර ගැනීමට හැකි වූ සෙල්ලිපි කොටස පුරාවිද්‍යාත්මක සාධක සහිත බොහෝ කරුණු නිගමනය කර ගැනීමට හැකි වී තිබෙන බව ද මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති විශාලතම සෙල්ලිපිය ලෙස සැලකෙන පොළොන්නරුව දිඹුලාගල සෙල්ලිපියෙහි සඳහන් කරුණු පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් මහාචාර්යවරයා එසේ පැවසීය.
මෙම සෙල්ලිපිය මඟින් ජනාවාසයක් , මැණික් කර්මාන්තය, කුමාරවරයෙක්, ගම් පාලකයෙකු හෙවත් ග්‍රාම නිලධාරී පුද්ගලයෙක් , භික්ෂූන් වහන්සේලා, වෙළෙඳ ආයතයනයක්, දාගැබක් ආදී මුලාශ්‍රයන් 10 ක් පිළිබඳව කරුණු හෙළි කරගෙන ඇති බව කමිටු සම සභාපති ආචාර්ය මාලනී ඩයස් මහත්මිය එහිදී ප්‍රකාශ කළාය.
එමෙන්ම දැනට ශ්‍රී ලංකාවේ තිබෙන සෙල්ලිපිවලට වඩා වෙනස් තේරුම් තිබෙන පද මෙම දිඹුලාගල සෙල්ලිපියෙහි ඇතුලත් බවත් මේ පිළිබඳව වැඩිදුරටත් අධ්‍යනය කර ඉදිරියේදී තවත් කරුණු ඉදිරිපත් කරන බව ද මාලනී ඩයස් මහත්මිය සඳහන් කළාය.
යම් යම් පුද්ගලයන්ගේ විවිධ මත සෙල්ලිපිය සම්බන්ධව තිබුණද විද්වත් කමිටුවේ මතය පිලිගන්නා අතර මෙම සෙල්ලිපිය සම්බන්ධයෙන් තව දුරටත් හැදෑරීමක් කළ යුතු බවත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙහිදී සඳහන් කළේය. ජනතාවට මෙහි පිටපත බැලීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවස්ථාව ද සලසා දෙන බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් කීය.
දිඹුලාගල සෙල්ලිපිය කියවීම සඳහා පත් කළ විද්වත් කමිටුව ඉදිරිපත් කළ වාර්තාව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශ අතිරේක ලේකම් / පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්( වැඩ බලන) කේ.ඒ.ඩී.ආර්.නිශාන්ති ජයසිංහ මහත්මිය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත මෙහිදී පිළිගැන්වූවාය.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ලේකම් සෝමරත්න විදානපතිරණ , පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සහකාර අධ්‍යක්ෂ, (නාණක හා අභිලේඛණ ) බුද්ධි නාගොඩවිතාන යන මහත්වරු ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්වූහ.

2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිඹුලාගල සෙල්ලිපියේ වාර්තාව භාරදෙයි
Bandula Thursday, 08 February 2024 08:52 PM
අයියෝ සාමී. මෙය මහාචාර්ය වරුන්ට ඔව් කියන්න බැහැ දන් නැහැ .ඕක අර පතිරආරච්චිට දුන්න නම් හරියටම නිවැරදිව කියවයි
G. K. Ekanayake Thursday, 08 February 2024 11:10 PM
වජිර කියයිද දන්නේනෑ රනිල් ගේ පිනට මේ සෙල්ලිපිය හම්බ උනා කියල.
Balasuriya Friday, 09 February 2024 05:42 AM
මොකක්ද මේ ඇමතිතුමා විවිධ මත තියෙන කතාවක් කියන්නේ ?
Suman Udage Friday, 09 February 2024 07:46 AM
කරුණාකර වාර්තාව අන්තර්ජාලයේ පළ කරන්න