ලොකු ලූනු අස්වැන්න නෙළීම ඇරැඹීමත් සමග කිලෝවක මිල රුපියල් 35-50 දක්වා පහත බැස ඇත. රටින් ගෙනන ලූනු වලට බද්දක් හෝ පනවා ලොකු ලූනු ගොවියා රැක දෙන්නැයි ගොවියෝ ඉල්ලති. අස්වනු නෙළිමට පෙර ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 75 - 90ත් අතර විය. මෙවර හෙක්ටයාර් හත් දහසක් වගා කර ඇත. ලොකු ලූනු ගොවියො පන්දහක් පමණ සිටිති. තවත් බිල බසිති ඔවුහු බිය පළ කරති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුතුවෙන් වැටෙන්න දෙයක් තිබ්බේ නැහැ වැටිලම තමයි හිටියේ (දී)
ගොවියට හා පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉෂ්ඨ කර දෙන්න...මුදල් පිටරට යාම වලක්වන්න.. (ස)
අස්වැන්නෙන් අඩක් රජය විසින් අඩු මිළට මිළදී ගෙන විනාශ කළ යුතුයි. එවිට වැඩි මිළක් ලැබේවි. (නි)
අස්වැන්න වැඩිනම් ආණ්ඩුවට ඒවා රට පටවන්න උදවු කරන්න බැරිද? කාටවත් එහෙම දෙයක් හිතෙන්නේ නැද්ද? (ස)
නීති දමන්නන් මේ අහිංසක ගොවියන්ට කරදර කරන්න එපා.. මේ අය තමයි රටේ පිට කොන්ද අපිට ඔබගේ සේවය අවශ්‍ය්‍යි.. අපි ඔබ සමගයි..!!(නු)
වවන්න වවන්න කියලා කිව්වට වැඩක් නෑ මේ මිනිස්සුන්ගේ මහන්සියට සාදාරණයක් ඉෂ්ඨ නොකර...(ස)
අපේ රටේ ගොවියන්ගේ මේ ආශ්චර්‍යය විද ගන්න රට වැසියන්ට ඉඩදීම පාලකයන්ගේ වගකීමකි.. (ස)
තවත් චන්දෙ දෙන්න (දී)
ලබා උපන් හැටියට තමයි බබා වැනෙන්නේ (දී)
කෝ මේ අපි වවමු රට නගමු කට්ටිය....(ස)
පාලකයිනි වස පොඩ්ඩ පොඩ්ඩ හැම ගොවියටම දෙන්න (දී)
අස්චර්යය (දී)
බි ලූණු රු 75-90 මිළ වැඩි වන එකද මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ?දේශීය ගොවියා රැකගත යුත්තේ ක්‍රමාණු කූලවයි.ගොවියාටත් සාධාරණයක් සිදුවිය යුතුයි,මහජනයාටත් සාධාරණයක් විය යුතුයි.එක අස්වැන්නක් ලබා ගැනීම තුලින් සුපිරි නිවාස,සුපිරි වාහන මිළදී ගැනීමට හීන දැකීම නොකල යුතුයි.එම නිසා අස්වැන්නේ ස්වභාවය අනුව හා ඊට ගිය වියදම සැලකිල්ලට ගෙන මිළ තීරණය විය යුතුයි..... (ස)
අපේ ගොවියා කොහොමත් අමාරුවේ තමයි (දී)
මේ අයගේ කැපවීමට සදාරණයක් ඉෂ්ඨ නොකරොත් හරි අපරාධයක්...(ස)
රුපියල් 75 ටම විකුනන්න ඕනේ කියන එක සාධාරන නෑහෑ. නෑවුගාස්තු බදු යන්නේ නෑහෑනේ ගොවියන්ට පාඩුනොවෙන හොදමිලක් ලෑබුනොත් ඈති මම හිතන්නේ. (ස)
පව් අසරණ ගොවියෝ. විදිමත් සැලසුමක් නැති කම තමයි. (ස)
ගොවියන් රැක ගන්නයි.. පාරිබොගිකයන්ට සාධාරණය ඉශ්ඨ කරන්යි නම්..අන්ඩුවෙන් සල්ලි දිලා අරන් අඩු ගානට පරිබොගිකයන්ට දුන්නා නම් කට්ටිය කැමතිද... (ස)
අස්චර්යය. (දී)
අපි අපේ ගොවීන්ට උදවු කළ යුතුයි. (නි)
අහිංසක ගොවිමහතුනි....ඔබ කරන්නේ වැරදි රැකියාවකි... කංසා වැව්වානම් ඔබ කිරුළු පැළදි ගොවි මහතෙක් වේවි..ඔබලාට අපගේ උපහාරය.. (ස)
ගොවිතැන ගැන රජයේ ඇමතියන්, නිලධාරීන් බුරුතු පිටින් සිටින රටක ගොවිතැන මෙන්ම ලූනු ගොවිතැනද රැකිය යුතුව තිබියදී රටින් ගෙනන ලූනු වලට බද්දක් හෝ පනවා ලොකු ලූනු ගොවියා රැක දෙන්නැයි ගොවියන් ඉල්ලුවත් සිදුවන්නේ ගොවියාට ලූනු ගොවිතැන එපා වන පරිදි ලූනු ආනයනයට අනුබල දීමයි. මේ වෙලාවේ රටින් ලුණු ගෙන්වන්නේ යම් සැලසුම් සහගත ක්‍රියාවන් අනුව බව පෙනේ. (නි)
කියන්නද හොදම විසදුම, ගොවියෝ ඔක්කොම පේලියට හිටෝල වෙඩි තියමු. පුදුම වදයක් නේද මේ කට්ටියගෙන් තියෙන්නේ, අපි රජ වෙලානේ ඉන්නේ තවත් මොකටද අපිට මෙයාලව (දී)
මිළ අඩු වුණත් ආණ්ඩුවට බණිනවා. මිළ වැඩි වුණත් ඒත් ආණ්ඩුවට බණිනවා. (නි)
බණ්ඩාර - ඔබ සමග මම එකයි .
නිකරුණේ පිිටරවලට මුදල් ගලා යන්න දෙන්න එපා.. ගොවියට හොද මිලක් ලබා දෙන්න..!! (නු)