පෞද්ගලික වෙළෙඳුන් කුණු කොල්ලයට වී මිලට ගනිතියි විරෝධය පළ කරමින් දඹුලූ ගොවියෝ 2000ක් මඩාටුගම මහ පාරේ විරෝධතාවක් ඇරැඹූහ. නාඩු කිලෝවට රජය රුපියල් 27ක් ද, සම්බා කිලෝවට රුපියල් 30ක් ද ගෙවන නමුත් පෞද්ගලික වෙළෙඳුන් කිලෝවට රුපියල් 15කට වඩා නොගෙවතියි ගොවියෝ කියති. සැතපුම් 30ක් පමණ පයින් ආ දහසක් පමණ ගොවීහු දඹුල්ල නගරයේ වාඩි ලා සිටිති. රජයේ මිලට වී ගන්නා එකම තැනක් හෝ පෙන්වන්නැයි ඔවුහු රජයට අභියෝග කරති.