විකුණාගැනීමට නොහැකි වීම නිසා දඹුල්ලේ එළවළු කොරටු අතහැර දැමීමට ගොවීන්ට සිදු වී තිබේ.
ගලේවෙල,දඹුල්ල,සීගිරිය,හබරත්තෑව ආදී ප්‍රදේශවල මෑකරල්,බණ්ඩක්කා,වම්බටු,කරවිල,මාළු මිරිස්,කැකිරි, ආදී එළවළු නෙලීමට අතහැරදමා ඇත.
එවැනි එළවළු කිලෝවක් රුපියලකටවත් විකුණාගැනීමට නොහැකි බව ගොවියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සපිරි ගමක්, සුපිරි රටක්... (නි)
බලධාරින්ටයි නිලධාරින්ටයි එයාලගේ වන්දි බට්ටයන්ටයි අකුණු වදියවූ! අහසින් විදුලිය කොටවූ!(දෙවියෙක් ඉන්නවා නම්... දිට්ට ධම්ම වේදේ ඇත්ත නම්...) (නි)
මට නම් හරිම දුකයි මේවා බලද්දී.මේවට පිළියම් කරන්නේ නැතුව බොරුවට මිනිස්සුන්ගේ ජාතිවාදය අවුස්සලා හිනා වෙනවා සමහරු.මම ඉන්න රටේ අපේ එළවලු කොච්චර ගනන්ද? (නි)
ඇයි මේ එළවලු ප්‍රශ්ණය කවුරුත් බාරගන්නේ නැත්තේ? (නි)
හැබැයි උදාර, කතිරෙ ගහපු අය විතරයි, ඕං කීවා. (නි)
අපි වවමු රට නගමු... ඔය කොරලා තියෙන්නේ අපූරුවට. (නි)
උදැල්ලක් හම්බ වුණහම කතිරේ ගහන එකේ විපාකේ! මෙතෙක් කල් අවුරුදු ගාණක් තිස්සේ රැවටෙන රටේ හැමෝටම පාඩමක්. (නි)
මම ඉන්නේ කටාර් වල. ගිය සතියේ මම මාලු මිරිස් කිලෝවක් ගත්තා. මිළ ලංකාවේ මුදලින් රුපියල් 350යි. (නි)
ඕවා අත්හැරලා සංචාරක ව්‍යාපාරයට එක්වෙන්න. (නි)
මැද පෙරදිග ලංකාවේ එළවලු කිලෝ 1ක් ලංකා මුදලින් රුපියල් 350න් ඉහළ මිළකට විකුණන්නේ. ලංකාවේ අය දමා ඇති කඩවල ඊටත් වඩා මිළ වැඩියි. ඇයි මේ එළවලු ටික මෙහෙට එවන්න වගකිවයුතු අය වැඩ පිළිවෙලක් නොයොදන්නේ? (නි)
අපි ලබන පාරත් මෙයලවම පාර්ලිමේන්තු යවමු ගොවි මහතුනේ. (නි)
හමුදාවේ අයත් දැන් ගොවිතැන් කරන නිසා විකුණගන්න විදියකුත් නැහැනේ. (නි)
කෝකටත් තෙල් බෙහෙත් තියෙන අපේ මහත්තයා ළග ඕකට තෙලක් නැති හැටි? (නි)
අනේ අහිංසක.මිනිස්සු. මොනතරම් දුක්විදලද එළවලු වවන්නේ. ඇත්තටම මටනම් හරිම දුකයි. පිට රට ඉන්න අපිටනම් හරිම වටිනවා මේ එළවලු. ඉක්මන් විසදුමක් ලැබෙන්ඩ කියා මම ප්‍රර්ථනා කරනවා.(නදී)
නිසි ප්‍රමිතියට මේ එළවලු නෙලනවා නම් සහ ප්‍රවාහනය කරනවා නම් අපනයනය කරන්න පුළුවන්. නමුත් කාටද මේවා කියන්නේ? (නි)
පඳුරක් ගානේ ඇමතියෝ. ජනතාව දුකේ. මෙන්න අපි ආශ්චර්යයට යනෝ. (නි)
ජනතාවාදී රජයක් නේද රට පාලනය කරන්නේ? අනේ රටකට ගිය කලදසාවක්! හරිම දුකයි. (නි)
හම්බන්තොට වරාය විවෘත කරන දවසේ කිව්වා මේ වරායෙන් 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' බඩු පිටරට යනවා දකින්න ඕනෑ කියලා. පාරවල් වලට කාපට් දාලා හැදුවම කිව්වා මේ පාරවල් ගම සහ නගරය අතර තියෙන හිඩැස පුරවාවී කියලා. පාලම් හැදුවම කිව්වා මේ පාලමෙන් ගමේ බඩු නගරෙට අරන් එන්න කියලා. දැන් බලපුවාහම මේ සංවර්ධනයේ දොරටුයි කියලා විවෘත කරපු මොන දේකින්ද මිනිස්සුන්ට පලක් වුණේ? හදවතයි සිතුවිලියි නවතිනවා මෙහෙම දේවල් අහලම. අනේ අපොයි..!! (නි)
මේ එළවලු රට යවන්න පුළුවන්නේ. එහෙම කරන්නේ නැත්තේ මොකද? මම ඉන්නේ මැදපෙරදිග. මෙහේ එළවලු හරි ගනන්. ඉතින් මේ වගේ රටවල් වලට යැව්වා නම් අපේ ලංකාවට කොච්චර හොදද? අපේ ගොවි මහතුරුන්ටත් හොදයිනේ. කාට හරි මේ එළවලු රට යවන්න පුළුවන් නම් ගොඩක් හොදයි. (නි)
ගොවිමහතුන් 2 හෝ 3 දෙනෙක් එකතුවෙලා, ඔය එළවළු ටික මහනුවරට පැත්තට ගේන්නකෝ. වාහනේම තියාගෙන කිලෝ 1 බෑගයක් රු 40කට විතර දුන්නොත් ඉක්මණින් විකිණෙයි. කරදරයි තමයි. එහෙත් අතරමැදි වෙළෙන්දන්ට පාච්චල් වෙන්න එපා. (නි)
මේවා ලංකාවෙ විකුණන්න බැරි නම් රට යැව්වානම් ඉවරයි... තව කොපමණ ක්‍රම තියෙනවාද මේවා රැක ගන්න..!(නු)
රටේ ලොකු ලොක්කෝ උදේ නැගිටපු වෙලාවේ ඉදලා රෑ නිදා ගන්න යනකම් කල්පනා කරන්න බොහෝ වැදගත් දේවල් තියෙනවා. එලවලු ගොවියන් ගැන හිතන වෙලාවක් නැහැ එයාලට. (නි)
අපිට ඕවා වැවක් නැහැ. ලැම්බෝගිනි කාර් රේස් තියෙනවා නම් ඇති. (නි)
ආසියාවෙ ආශ්චර්ය නොවැ. (නි)
මේචාට සුළු විසදුම්නේ තියෙන්නේ. පත් කරන්නකෝ එළවලු ඇමතියෙක්. (නි)
දේශපාලකයෝ රට කනවා. විදේශ සංචාරකයන්ගෙන් සල්ලි හොයලා රට දියුණු කරන්න බැරි බව මෙයාලා දන්නේ නැද්ද? නිෂ්පාදනයෙන් තමා රටක් දියුණු කරන්න පුළුවන් (නි)
කොයි මිනිහත් කබලෙන් ලිපට තමයි (දී)
විමල්, හැම දීකටම ජාතියන්තර කුමන්ත්‍රණ කියල කියන්නේ ඔබට සුව නොවන පොඩි කාලේ ඉදලාම පැවත ගෙන එන ලොකු මොලේ අමාරුවක් තියෙනවා වගේ. අංගොඩට ගිහින් බෙහෙත් ටිකක් ගන්න ඔය මොලේ අමාරුව වැඩි වෙන්න කලින්.(නදී)
මිනීමරු ප්‍රබාකරන්ටවත් මේ තරම් විනාශයක් කරන්න බැරි වුනා කියලා කියන්නේ කට කහනවට නෙමෙයි ආයුබොවන්ඩ. (නි)
වරායට මේ ළගදි ආපු කාර් එකක වටිනාකම කෝටි15ලු .එළවලු කිලෝ 50000 කුණු කූඩයට කියන්නේ සිම්පල් කේස් එකක්නේ . (අ)
මේවා හෙන ගහන අපරාද නේද? මේ ගොවියෝ කොයි තරම් නම් මහන්හි වෙනවද වගා කරගන්න? (අ)
මාතලේ , දඹුල්ල ,සිගිරිය, ,හබරණ අවට සංචාරක හෝටල් වල එදිනෙදා පරිහරණයට එළවලු ගෙන්වන්නේ පිටරටින්ද? දඹුල්ලේ ප්‍රදේශීය සභා , පළාත් සභා ,මාතලේ දිස්ත්‍රික් මැති ඇමතිවරුන් ඇයි තමන්ගේ ඡන්ද දායකයින්ට පිහිටක් වෙන්නේ නැත්තේ? ගොවියා වස බී මැරෙන කාලයක් බලන්න උදා වෙනකල් ඉන්න එපා හොඳේ! (නි)
අපේ රටට එලවලු ඇමති කෙනෙක් නැති පාඩුව. කොළඹ මිල බැලුවම මේ ගොවියන්ට සාදාරනයක් කරන්න පුලුවන්. කොළඹ කිලෝ 1ක් රු .80ත 90 වට යනවා. ඇයි මේවා කවුරුවත් බලන්නේ නැත්තේ. මේ ගොවියෝ කොච්චරනම් දුක් විදිනවද. කවුරු හරි බලදාරියෙක් මේවා බලා මේ ගොවියන්ට සාදාරනයක් ඉටු කරන්න.(නදී)
කෝ මේ සතොස අවුරුද්දට විතරද තියෙන්නේ? (නි)
කල් තබා ගත හැකි ලෙස පිළියෙළ කරන ලද වරකා, කොස්, පොලොස්, කුරුම්බා වගේම සමහර එළවළු, පලතුරු වර්ගත් මේ ගල්ෆ් රටවලට එවනවා ඕනෑ තරම්. ඒත් ලංකාවේ නිෂ්පාදන නම් නෙවෙයි. 1990 විතර කැන්ඩොස් චොකලට් මෙහෙ තිබුනා. දැන්නම් ඒකවත් නැහැ. කණගාටු වෙනවා හැරෙන්න වෙන මොනවා කරන්නද ? (අ)
ඇත්තටම ලංකාවේ එක පැත්තක එළවලු මිල අහස උසට තව පැත්තක එළවලු විකුණා ගන්න බෑ.ඇයි මේකට විසදුමක් හදන්න බැරි.මේවා මේ විදිහට වෙන්න නම් ඇමතිවරු නිලධාරීන් මොකටද?ඇයි මේ එළවලු ටික මිලදී ගෙන ඒ ටික බෙදාහරින්න විසදුමක් හදන්න බැරි.මේවා ඇත්තටම කරන්න පුළුවන් වැඩ.අතිරික්තය අපනයනය කරන වැඩ පිළිවෙලක් හදන්න බැරි ඇයි?පුළුවන්.ඉස්සේලම කරන්න ඕනි අපේ මිනිස්සු බුද්දිමත් වෙන්න ඕනි.රටට ආදරේ අධ්‍යපනයක් දැනුමක් තියන මිනිස්සු රටක් පාලනය කරන්න තොර ගන්න ඕනි.එතෙක් කල් මේ ප්‍රශ්න වලට විසදුමක් නම් ලැබෙන නැ....(අ)
මනුජ මම එකඟයි ඔයත් එක්ක.සංචාරක ව්‍යාපරයත් දියුණු වෙන්න ඕනි හබයි ඊට වැඩි වේගකින් නිෂ්පාදනය වැඩි වෙන්න ඕනි.මොකද රටක නිෂ්පාදනය වැඩි නොවී මිනිස්සු අතට මුදල් ලැබුණත් වෙන්නේ අයෙත් උද්දමනය වැඩි වෙන එකයි. (අ)
පව් අසරණ දුප්පත් ගොවියෝ (නි)
අත්ටටම මේ ගුල්ෆ් රටවල තියන බාන්ඩ වලින් 90% විතර ආනයන කරපු ඒවානේ..ලංකාවෙන් තියන්නේ බිස්කට් විතරි.කොච්චර දේවල් මේ රටවලට අපනයන කරන්න පුලුවන්ද ලංකාවෙන්.මට තේරෙන් නැ මොකද මේවට රජය හරි මැදිහත් වෙලා වැඩපිළිවෙලක් හදන්නේ නැත්ත කියල.කරනවානම් කොච්චර දේවල් තියනවද කරන්න.. (අ)
අපේ මිනිස්සු ඔක්කොම ආණ්ඩුවට බැන බැන ඉන්නවා මිසක් තමන්ගෙන් කෙරෙන්න ඕනෑ යුතුකම් ටිකවත් රට වෙනුවෙන් කරන්නේ නැහැ. මේකට ආණ්ඩුවට බනිනවා ඇරෙන්න වෙන විකල්පයක් ඇත්තේම නැද්ද? (නි)
මම පිටරටක ජිවත් වුණත් ලංකාවේ මගේ මවු බිමේ මේ වගේ දේවල් දැක්කම ඉතාම දුකක් දැනෙනවා. වෙන රටවල් නම් කරන්නේ මේ වැනි අවස්ථාවලදී ඉක්මන් විසදුම් ලබාදී නිෂ්පාදනය සහ විකිණීම වැඩි දියුණු කිරීම. ගොවි මහතුනි, ඉදිරියේදීවත් බොරු දේශපාලකයන්ට රැවටෙන්නේ නැතිව ඡන්දය පාවිච්චි කරන්න (නි)
සීනි වලට වගේ බන්ඩක්කා ඇමති, මෑකරල් ඇමති, බටු ඇමති කියලා ඒ ඒ එලවලු වලට ඇමතිලා පත්කරලා එයාලට කොමිස් එකක් යන ක්‍රමයක් හැදුවා නම් පටස් ගාලා ප්‍රශ්නේ විසදෙනවා. (නි)
ඇත්තටම හිතට දුකයි. මේවා හෙණ ගහන අපරාධ. වගකිවයුත්තො පොල් ගානවද මම දන්නෙ නැහැ. පව් අසරණ මිනිස්සු. අපිට ජාතියක් වශයෙන් දියුණු වෙන්න බැරි මේකයි. රටේ සම්පත් පිළිබදව නිසි කළමණාකරනයකුත් නැහැ , කැක්කුමකුත් නැහැ. බලධාරින්ගෙ මහ ලොකු පුරාජේරුව විතරයි. (නි)
ඔය කරවිල වේලලා පැක් කරලා වෙළඳ පොලට දාන්නකෝ . හොඳට අරන් ගිහින් බැදලා අනුබව කරාවි. මෑ අට අරන් වේලලා උදේ ආහාරයට ගන්න පුළුවන්.මිනිස්සු ගොවිතැන කරලා අහක දානවා දකිනකොට අපට හරිම දුකයි. (නි)
අපි මේකට ඇමරිකාවෙන් උදවු ඉල්ලමුද? අපේ අයගෙන් උදවුවක් ලැබෙන බවක් නම් පෙනෙන්න නැහැ. (නි)
රාජිත, එයාලා මොකට මහන්සි වෙනවද? මේ "රට විරුවෝ" කියන කට්ටිය ඉන්නවනේ කෝටි ගණන් විදේශ විනිමය හම්බ කරලා දෙන්න. එක මාසයක් අපේ රටට සල්ලි යැව්වේ නැත්නම් බලාගන්න තිබුනා ආශ්චර්යය. (නි)
නැති බැරි මිනිහා හැමදාම තැලුනා, මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. (නි)
අනේ පවු. මේ ගෙවිලිය දිහා බලනකොටම දුක හිතෙනවා. මෙච්චර මහන්සිවෙලා, සල්ලි වියදම් කරලා, කිසිම ලාබයක් ගන්න බැරිවුණු එක ගැන. (නි)
අපේ එළවලු එක ජාතියකට එක ඇමතිකෙනා ගානේ පත්කළත් වැඩක් නැහැ. මොකද එයාලා සේරටම ඕවා ගැන හොයනවට වඩා එයාලගේ බිස්නස් , රෙස්ටුරන්ට් තියනවා බලාගන්න. පුලුවන් නම් හොයලා දෙන්න එක ඇමති කෙනෙක් බිස්නස් නොකරන. කිසාගෝතමිට අබ ඇට හෙවූවා වගේ තියේවි. ගොවි මහතුන්ට පුලුවන් නම් අර එයාලට වෙන බිස්නස් වලින් ලැබෙනවා වගේ ලොකු කුට්ටි ටිකක් දෙන්න සමහරවිට ට්‍රයි එකක් දෙයි. (නි)
මේවා පිටරට පටවන්න බැරි හේතුව මොකද්ද? ලංකාවේ එළවළු වලට අරාබි රටවල නම් හොද ඉල්ලුමක් තියෙනවා. වගකිවයුතු උදවිය මේ ගැන උනන්දු විය යුතුයි. (නි)
මේකට තමයි රටක ආණ්ඩුවක් කියලා එකක් තියෙන්නේ. (නි)
පුංචි රට ඇතුලේ නිපදවන එලවලු වගේ දෙයක්වත් හරියට රට ඇතුලේ බෙදන්න බැරි අපේ ඇත්තො ඉන්දියාව වගේ ලොකු රට හිටියා නම් කොහොමට හිටීවිද?අතලොස්සක් දානපති දේශපාලන හෙන්චයියලා සමස්ත එලවලු වෙළදාමම අතට ගෙන. (නි)
මේක අතරමැදි මාෆියාවක් . ආමී එකේ ට්‍රක්ස් ටිකක් දිනපතා එළවලු කොටු වලට යවන්න. සාධාරණ මිළට එළවළු යම් ප්‍රමාණයක් මිළ දී ගන්න. යවන්න රටේ ප්‍රධාන නගර වලට (මහජන පොළ තියෙන තැන්වලට එම දිනවලදී නම් වඩාත් සාර්ථකයි. ) රටේ හමුදා කඳවුරු සඳහාත් කෙළින්ම එළවලු කොටු වලින් මිලදී ගන්න. රජයේ රෝහල්, පාසල් නේවාසිකාගාර, ආපනශාලා ආදිය ජාලගත කරන්න. ඒවා සඳහා අවශ්‍ය කරන එළවලු සඳහා ඇණවුම් ලබාගෙන හා අත්තිකාරම් මුදල් ලබාගෙන ඒ ආයතන සඳහාද කෙලින්ම එළවලු ලබාදිය හැකිය. (නි)
මොකට කියනවද ඒ ගැන උපුල්. (නි)
ලග ලගම කිහිප සැරයක්ම මේ විදියට ප්‍රවෘත්ති පළ වුණා. හරිම දුකයි. ජනතාවාදී රජයක් නේද රට පාලනය කරන්නේ? අනේ රටකට ගිය කලදසාවක්! (නි)
අපේ ඇමතිතුමන්ලා දෙන්නගෙන් එක්කෙනෙකුට කිවුවා නම් විසදුමක් දේවී. (නි)
ඕකට වගකියන්න ඕනෑ ගොවියෝම තමයි.මොකද එකම වගාවක් වවන්නේ නැතුව සාමුහිකව ගොවියෝ වෙන වෙන බෝග වැවුවා නම් ඕක වෙන්නෙ නැහැ. ඕනෑම දෙයක් සුලබ වුනාම මිළ අඩුයි. (නි)
නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රමවත් නැති වුණහම ඔහොම වෙනවා. එකම වර්ගය අසීමිතව වවනවා. මෙම වරද නිවැරදි කරන්න පුළුවන් ආකාරයට කෘෂිකර්ම නිලධාරින් සම්බන්ධීකරණය කළ යුතු වෙනවා.ඔවුන් හරහා ගොවීන් දැනුවත් කිරීමයි කළ යුතු වන්නේ. ඉස්සර මෙහෙම වුණේ නැත්තේ අදාළ නිලධාරින් තම රාජකාරිය හරියට ඉටුකළ නිසයි. (නි)
මේ ගැම්මටම වතුර බිලත් වැඩි කරමුද? (නි)
කොහොම හරි මැදිහත්වෙලා කොළඹට ගෙනෙන්න.මෙහෙ කිලෝ එකක් 200ක් විතර. වැඩි වුණ විදුලි බිලවත් අපිට ආවරණය කරන්න පුළුවන් ලාබෙට එළවලු ලැබුනොත්. (නි)
රාජිත, අපේ බිස්කට් මැද පෙරදිග විකුනන්නේ කීයටද? මට සැකයි මේ එළවලු මැද පෙරදිගට අපනයනය කළත් අඩු මිලට ඔහේදී මිලදී ගන්න පුලුවන් වෙයිද කියා? මොකද, අතරමැදියා තමයි හැමෝම සුරාගෙන කන්නේ. (නි)
අනේ අපොයි, අපරාදෙනේ.. (ස)
මේ ගොවිතුමාලා බොරුනම් කියන්න එපා, අපේ කෘෂිකර්ම ඇමතිතුමා කියුවා විසිකලාට ඔයාලට පාඩු නෑ කියලා. එන පාරත් එයාවම පත්කරගන්න. (ස)
මේවා ජාතික අපරාද.. අපි හැමෝම මේවට වග කියන්න ඕන .. (ස)
ඇයි මේ වගේ අපරාධ සිද්ධ වෙන්න දෙන්නේ? අපි මේකට පිළියමක් සොයන්න වෙනම එළවලු ඇමති කෙනෙක්වත් පත් කෙරුවොත් නරකද? (නි)
පව් අහිංසක ගොවි මහතුන් . මේවා දැක්කම පුදුම කේන්තියක් එන්නේ. අදාළ බලදාරින්ගේ ඇස් කන් යොමුවේවා! (නි)
ජාත්‍යයන්තර කුමන්ත්‍රණයක්වද්ද? (නි)
ඇත්තටම ලංකාවේ පැත්තක මිනිස්සුන්ට එළවලු ගනන්, කන්න නැහැ, ලෙව කනවා කියනවා. ගොවියෝ අස්වැන්න රුපියලකට විකුණා ගන්න බැරුව ඉන්නවා. ඇත්තටම කොහෙද වැරැද්ද ? (නි)
අර කලින් එක් කෙනෙක් කිව්වේ මිනිස්සුන්ට කන්න නැත්තම්, ඇගට ශක්තිය නැත්තම් මෙච්චර මේ රටේ ස්ත්‍රී දූෂණ ළමා අපචාර වෙන්නේ කොහොමද කියලා?අන්න ඒ වගේ උත්තරයක් තමයි මේකත්. (නි)