දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරුට වහාම ස්ථානමාරුවක් ගෙන මාරුවී යන්නැයි ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (04) දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ පැවැති රැස්වීමක දී නියෝග කළේය.
පසුගිය පොහෝ දින තමා බඩ ඉරිඟු මිල දී ගැනීමට ආර්ථික මධ්‍යස්ථානයට යන විට කළමනාකරු නොසිටි බව ද ඇමැති කීවේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු කියනුයේ පොහොය දිනවල එම මධ්‍යස්ථානය වසා තැබෙන බවයි.
අද ඇමැතිවරයා අතින් දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 30ක් සඳහා තිස් අවුරුදු බදු ඔප්පු බෙදා දෙනු ලැබීය.
ඇමැතිවරයා පිටව ගිය පසු එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා නැවත එම සහතිකපත් එකතුකරගෙන ගියේය. ඔහු කීවේ එ්වා රෙජිස්ටර් කර නැති බවයි. ඔප්පු රෙජිස්ටර් කර නැවත දෙන දිනයක් කිව නොහැකි බව ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දඹුලු ආර්ථිකේ බදු ඔප්පු බෙදා නැවත එකතු කරයි
නිහාල් Thursday, 04 June 2015 03:26 PM
යහපාලනයේ පරිපාලනය මෙහෙමනම්... (ර)
විජයබාහු Friday, 05 June 2015 07:41 AM
තවත් එක විහිළුවක් පමණි (බ)
අනිල් Thursday, 04 June 2015 11:03 PM
අනේ මෙහෙමත් නරිනාටක! මේවට වශී වෙලා දෙකොන මාරුවුණ අයත් වැහිවැහැලානේ රටේ...? (නි)
පිටබැද්දර ජයා Thursday, 04 June 2015 11:17 PM
ගාමිණි ජයවික්‍රම කියන්නේ දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙක්. එතකොට මේ වගේ වැඩ කරද්දී ඒකේ අවාසිය එතුමාට වගේම පක්ෂයටත් එනවා (නි)
අජිත් Friday, 05 June 2015 01:49 AM
අනේ මන්දා කවුරු හරිද කවුරු වැරදිද කියලා? (නි)
අජිත් කරුණාරත්න Friday, 05 June 2015 03:01 AM
ජයවික්‍රම පෙරේරා කියන්නේ හිටපු දිසාපතිවරයෙක් නේද? බදු ඔප්පු ලියාපදිංචි කර නැති බව නොදැනද ඒවා බෙදුවේ කියන එක හිතන්න අමාරුයි. මෙතන වෙනත් යමක් තිබෙන හැඩයි. (නි)
හේමන්ත Friday, 05 June 2015 03:05 AM
අජිත්ල වගේ දෙපැත්තට වැනෙන අය නිසා තමයි රට අරාජික වෙන්නෙ. (ස)
නිමල් ලාලිත Friday, 05 June 2015 04:00 AM
බලලෝභී දේශපාලනයට අවතීර්ණ වුණාම කාටත් රජයේ සේවකයෙකු වශයෙන් සේවය කළ කාලයේ තිබුන දැනුම අමතක කරන්න වෙනවා. (නි)
දර්ශ Friday, 05 June 2015 12:43 PM
අපි දන්න විදියට නම් පොසොන් පෝය කියන්නේ රජරට පළාතට වෙසක් පෝයටත් වඩා විශේෂ දිනයක්.ආගමික කටයුතු පහසුවෙන් කරගැනීම සඳහා ගොඩක් ආයතන එදාට වසා දමනවා. ආර්ථික මධ්‍යස්ථානය දින දෙකක් වසා තබනවා. (නි)