දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරුට වහාම ස්ථානමාරුවක් ගෙන මාරුවී යන්නැයි ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (04) දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ පැවැති රැස්වීමක දී නියෝග කළේය.
පසුගිය පොහෝ දින තමා බඩ ඉරිඟු මිල දී ගැනීමට ආර්ථික මධ්‍යස්ථානයට යන විට කළමනාකරු නොසිටි බව ද ඇමැති කීවේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු කියනුයේ පොහොය දිනවල එම මධ්‍යස්ථානය වසා තැබෙන බවයි.
අද ඇමැතිවරයා අතින් දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 30ක් සඳහා තිස් අවුරුදු බදු ඔප්පු බෙදා දෙනු ලැබීය.
ඇමැතිවරයා පිටව ගිය පසු එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා නැවත එම සහතිකපත් එකතුකරගෙන ගියේය. ඔහු කීවේ එ්වා රෙජිස්ටර් කර නැති බවයි. ඔප්පු රෙජිස්ටර් කර නැවත දෙන දිනයක් කිව නොහැකි බව ද ඔහු කීවේය.

![DSC03778[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC037781.jpg)
![DSC03796[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC037961.jpg)
![DSC03813[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC038131.jpg)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේ පරිපාලනය මෙහෙමනම්... (ර)
තවත් එක විහිළුවක් පමණි (බ)
අනේ මෙහෙමත් නරිනාටක! මේවට වශී වෙලා දෙකොන මාරුවුණ අයත් වැහිවැහැලානේ රටේ...? (නි)
ගාමිණි ජයවික්‍රම කියන්නේ දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙක්. එතකොට මේ වගේ වැඩ කරද්දී ඒකේ අවාසිය එතුමාට වගේම පක්ෂයටත් එනවා (නි)
අනේ මන්දා කවුරු හරිද කවුරු වැරදිද කියලා? (නි)
ජයවික්‍රම පෙරේරා කියන්නේ හිටපු දිසාපතිවරයෙක් නේද? බදු ඔප්පු ලියාපදිංචි කර නැති බව නොදැනද ඒවා බෙදුවේ කියන එක හිතන්න අමාරුයි. මෙතන වෙනත් යමක් තිබෙන හැඩයි. (නි)
අජිත්ල වගේ දෙපැත්තට වැනෙන අය නිසා තමයි රට අරාජික වෙන්නෙ. (ස)
බලලෝභී දේශපාලනයට අවතීර්ණ වුණාම කාටත් රජයේ සේවකයෙකු වශයෙන් සේවය කළ කාලයේ තිබුන දැනුම අමතක කරන්න වෙනවා. (නි)
අපි දන්න විදියට නම් පොසොන් පෝය කියන්නේ රජරට පළාතට වෙසක් පෝයටත් වඩා විශේෂ දිනයක්.ආගමික කටයුතු පහසුවෙන් කරගැනීම සඳහා ගොඩක් ආයතන එදාට වසා දමනවා. ආර්ථික මධ්‍යස්ථානය දින දෙකක් වසා තබනවා. (නි)