අපි පැවිදිබිමට ඇතුළු වන්නේ මුදල් සෙවීමටවත්, පිණ්ඩපාතය ලැබීමටවත් ජනතා ඡුන්දය අයැද සිටීමවටත් පාර්ලිමේන්තු යාමටවත් නොව සියලූ දුක් නැතිකර ගැනීමේ මාර්ගය අවබෝධ කර ගනිමින් බුදුන් වදාළ දහම මේ මිනිස් සමාජයට කියා දෙමින් අමාමහා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට යැයි ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ කැම්බර්ෆීල්ඞ් සම්බෝධි විහාරාධිපති හොරොව්පොතානේ සතීන්ද්‍රිය හිමියෝ පැවසුහ.
ශ්‍රී ලංකාවේ යුද්ධය නිමවී ඇතත් යුද්ධය තිබුණා නම් මීට වඩා හොඳයැයි පවසන සමාජයක්ද අප අතර ඇති බවද මේ අනුව පැහැදිලි වන්නේ තවම බොහෝ දෙනකු මානසික යුද්ධය ජයගෙන නොමැති බවද ඒ හිමියෝ කීහ.
පරාජිත දෙමළ ජාතික මානසිකත්වයට රජය සමගිය සහ සහජිවනයේ මග පෙන්වා දිය යුත්තේ බුදු දහමේ පදනම මත බවත් වත්මන් බෞද්ධ භික්ෂූන් වහන්සේ දේශපාලන ඇබිත්තියන් නොවී තම කාලයෙන් දෙමළ භාෂා දැනුම වැඩිදියුණු කරගෙන විඩාපත් දෙමළ ජන මනසට බුදු දහමේ පණිවුඩය රැුගෙන යායුතු බවත් ඒ හිමියෝ සඳහන් කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ, ගොඩක් වෙලාවට බුදු දහම නැති කරන්නේ ඔය විශ්ව විද්‍යාලවල ඉගෙනගත්ත හාමුදුරුවරු. (නි)
අපේ හාමුදුරුවනේ, චීන භාෂාවෙන් බණ කියලා හරි අපේ පිරිහෙන සමාජය ගොඩගන්න. (නි)
හාමුදුරුවනේ, ඉස්සෙල්ලා අපේ ජාතිය හදමු. ඉන්පස්සේ හැමදේම හැදෙයි. (නි)
ඉන්ද්‍රජිත් මතාගේ අදහසට ගරු කරමු. (ස)
දේශපාලනයට බැහැලා ඉන්න හාමුදුරුවරුන්ට බුදු බණ ගැන කිසිම උනන්දුවක් නැහැ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ නිවනට යන මාර්ග වගේ ඒවයින් කොමිස් ගහන්න බැහැනේ. (නි)
මේ විශ්වයට සහ සියලු සත්වයනට පොදු ධර්මතාවයන් පිළිබඳ යථාර්තය සහ සත්‍ය අවබෝධ කරගන්න මාර්ගය බුද්ධ දර්ශනයි. ලොව පවතින සියලු ගැටළු මෙතරම් අමානුෂික වී ඇත්තේ මෙම යථාවබෝධය නොලැබීම නිසයි. බුද්ධ දේශනාව මනාකොට අවබෝධ කරගත් ස්වාමින්වහන්සේලා ධර්මය කියාදීම හැර අන් සරණක් නැත. සසර බිය දැක පැවිදිවූ හැම දෙනාම බුදුන් කී දේ කරයි නම්, බුදුන් කළ දේ කරයි නම්, මේ ශාසනය ලෝකයම බබළවනු ඇත. මේ ස්වාමින්වහන්සේගේ අදහසට නමස්කාර කරමින් අනුමත කරමි. මෙත්තා, කරුණා. මුදිතා, උපේක්ෂා ගුණ හැමදෙනා තුළම ඇතිවේවා ! (නි)
සමන්, ඔයා ඉන්නෙත් මැදපෙරදිග වගෙයි පෙනෙන්නේ. මොකටද ඔයා ලංකාවට වෙලා කීයක් හරි හම්බකර ගන්නේ නැතුව ඔහේට ගියේ? (නි)
මොන භාෂාවකින් ඉගෙන ගත්තත් තේරෙන්නේ නැති සිංහලයින්ට ඉස්සෙල්ලා කියලා දීලා ඉන්න අපේ හාමුදුරුවනේ. (නි)
මේ දේ කරන්න පුලුවන් වෙන්නේ දෙමළ ජනතාව බුද්ධාගම අදහනවා නම් විතරයි. (නි)
ඉතින් ඔබ වහන්සේත් එන්නකෝ, ඕස්ට්‍රේලියාවේ ඉඳන් බණ කියලා වැඩක් නැහැනේ. (නි)
මේ හාමුදුරුවෝ අවුරුදු ගණනාවක සිට ඕස්ට්‍රේලියාවේ කරන සේවය ගැන අපි සතුටු වෙනවා. (නි)
මැදපෙරදිග ඉන්න ආගමික උමතුවෙන් පෙලෙන අයට බුදුදහම හදුන්වා දෙන විදිහක් ගැන හිතුවොත් නරකද?ලෝකයටම යහපතක් වෙයි! (ස)
මාගේ ගද පිරි ගෞරවය ගරුතර ස්වාමින් වහන්සේට... (නි)
මේ ලුම්බිණි නම් කවදාවත් කිසිම දේක හොඳක් කියනවා මන් නම් දැකලා නෑ (ස)
මට මතක් වෙනවා අපේ සෝම හාමුදුරුවන්ව. උන්වහන්සේත් විදෙස් රටවල සිට ධර්ම ප්‍රචාරය කරන්න හැදුවත් කිසිම මාධ්‍යයකින් ඒවා පළ වුණේ නැහැ. (නි)
ගරුතර ස්වාමීන් වහන්සේගේ අදහසත්, ඉතාලියේ පාලිත මහින්ද මහතා දක්වා අදහස් දැක්වූ අයගේ නිගමනත් අගය කරනවා. මේ රටේ ඇති බහුතරයත්, ඔවුන්ටම ගැලපෙන සේ පත්කරගෙන ඇති පාලකයිනුත් සිතා සිටින්නේ බුදුසමයට කල හැකි ලොකුම සේවය රටේ හන්දි ගානේ බුදුපිළිම හදලා කන පැලෙන්න ස්පීකර් මගින් පිරිත් විකාශනය කරවීමත්, තියෙන වෙහෙරට පෙනෙන දුරින් තව ඊට වඩා උස වෙහෙරවල් සෑදවීමත්, ලෝකයේ උසම බුදුපිළිම ඉදිකිරීමත්, දිග පෝලිම් සැදී දෙතිසක් කතාවේ නිරතවෙමින් ගොස් ධාතු වැඳ පුදා ඊට පසුදා සිට නැවත පුරුදු කුහක දිවියට අනුගත වීමත්, ඔන්න ඔය වගේ දේවල් පමණයි. ඊට අමතරව අනුන්ගෙන් බුදුදහම බේරා ගැනීමට 'ගල් ගසා මැරීම, රජකාලේ දඬුවම් යලි ගෙනඒම' වැනි අබෞද්ධ වැඩත් කට්ටියගේ හිත්වල තියෙනවා. බුදුන්වහන්සේ මෙතරම් දුකක් විඳ සොයාදුන් දහම ජීවිත තුල අත්හදා බලන කෙනෙක් හොයාගන්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ මදිවට එය දැන් භාවිතා වෙන්නේ මිනිසුන් එකිනෙකාගෙන් වෙන් කරන විදියේ ව්‍යාපෘති වලට වීම කණගාටුවක්. (ස)
ලංකාවේ සියලුම හාමුදුරුවරු සහ සෑම ගිහියෙක්ම මේක තේරුම් ගත්තනම් ශ්‍රී ලංකාව කොච්චර ලස්සන වේවිද ? (ස)
හාමුදුරුවන්ගේ කතාව නම් හරිම ලස්සනයි. ඒත් කියන්න වගේ කරනකොට ලෙහෙසි නැහැ. (නි)
නිලංක, කොයි රටවලද පල්ලි වහලා තියන්නේ? හරියටම විස්තරාත්මකව පැහැදිලි කරන්න. (නි)
උන්වහන්සේගේ හොද අදහසක්.. දමිල බෞද්ධයෝ කොයි තරම් ඉන්නවාද?(නු)
මෙන්න සැබෑ හිමිනමක් (ස)
මෙම හිමි නම ඉතාම කාර්ය බහුලයි ඕස්ට්‍රෙලියාවේ ධර්ම ප්‍රචාරය නිසා දෙමලෙන්... එම නිසා ලංකාවට පැමිණීමට බැරි වෙයි.!(නු)
සිංහලෙන් බණ කියල සිංහල අයව යහමගට හරවා ගෙන දෙමලෙන් බණ කිවුවොත් හොදයි නේද. නැත්නම් අර කකුළුවාගේ කතාන්දරය වගේ වෙයි. (ස)
අනේ හාමුදුරුවනේ, මහමෙවුනා අසපුවට යන අයගේ මනස හරි අමුතුයි. (නි)
ඒ කතාව ඇත්ත
අපේ සංඝයා වහන්ස, ඔබවහන්සේගේ යෝජනාව හරිම ඉහළ එකක්. කාලයට උචිත අවශ්‍යතාවයක්. එය ක්‍රියාවට නගන්න අපි උත්සහ කළ යුතුමයි. ගරු ජනාධිපතිතුමා නම් මේක අනුමත කරන බව අපිට විශ්වාසයි. මෙම ක්‍රියාව සර්වප්‍රකාරයින් සාර්ථක වේවා! (නි)
හාමුදුරුවනේ, ලංකාවටම වැඩම කරලා ඕක පටන් ගත්තන්ම නේද වටින්නේ? (නි)
නිර්මල බුදු දහම ලොව බොහොකල් පවතින්න ජන හදවත්වලට සිසිලස ලැබ දෙන්න ඔබ වැනි උතුම් සමිදුන් ලොව වැඩිවන්න සක් දෙවිදුනේ මේ හෙල බිම රැක ගන්න (නි)
සිංහල බණ අහලා දැන් ලංකාවේ අපරාධ 0% දක්වා අඩුවෙලා. දැන් පටන් ගනිමු දෙමළ බණ. (නි)
ඔබවහන්සේගේ යෝජනාව මට නම් මඩේ පිපුණූ නෙලුමක් වගෙයි. (නි)
හොඳ වැඩක් ,ආරමභ කරමු හාමුදුරුවනේ (ස)
හොඳ අදහසක් හාමුදුරුවනේ ..(ස)
මහමෙවුනාව අසපුවාසී පින්වත් ස්වාමීන්වහන්සේලා සහ පන්සල් වල ස්වාමීන් වහන්සේලා කියන්නේ කවුද . පන්සල්වල තම ජිවිතය කැප කරපු හිමිවරු පුංචිකාලේම මහන වෙලා මෙම සේවාව මීට වසර 2600 ක ඉදන් කරන බව අපි දන්නවා . (ස)
තුන් දොර සදාචාරව රැක ගන්නවද අන්අය තකා තම ශක්තිය යොදනවද වැඩිදුර නොගොස් තනි තනියම සිතනවද කීයෙන් කීදෙනෙක් පන් සිල් රකිනවද (ස)
ඔබ එය නොකරන්නෙ ඇයි? (ස)
අවාවදයට වඩා උතුම් ආදර්ශයයි. එනිසා ලංකාවට ගොස් මෙය ක්‍රියාත්මක කරන එකයි හොද. (නි)
ඇත්තමයි අපේ හාමුදුරුවනේ ධර්මයත් දේශපාලණීකරනය වෙලාද මන්දා (ස)
හොද වැඩක්
ඔබ වහන්සේ නිවැරදියි. නමුත් අවවාදයට වැඩිය ආදර්ශය උතුම්. (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ දේශනය සහතික ඇත්ත. මේ ලිපිය ඉතාම වටිනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය ....! (නි)
යුද්දෙන් පස්සේ එක බෞද්ධ විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන්න බැරිවුණ කට්ටිය. අනේ ඉතින් කාට කියන්නද? වැව් ගංගා හිදෙන්නේ නිකම්ම් නෙමෙයි. මේක බුදුන් වැඩිය භූමිය බව පාලකයන්ට අමතක වෙලා වගේ. අපේ පොඩි හාමුදුරුවරුන්ටවත් හරි අධ්‍යාපනයක් දෙන වැඩ පිළිවෙලක් හදන්න බැරි බෞද්ධ රටක් මේක. (නි)
මම වැඩකරන්නේ සෞදී අරාබියේ. මෙහෙ පළවෙන ප්‍රධාන පුවත් පත ඇරැබ් නිව්ස් කියන එක. එහි හැමදාම ප්‍රධාන මාතෘකාව වෙන්නේ මෙරටේ ප්‍රධාන ආගම වන ඉස්ලාම් දහමේ යහපත උන්නතිය වෙනුවෙන් රජය රුපියල් වලින් බිලියන් ගණන් මුදල් වියදම් කර සිදුකරන වැඩසටහන්. නමුත් අවාසනාවකට අපේ කැබිනෙට් එකේ ඉන්න 80% ක් වන මැති ඇමති සහ මන්ත්‍රීවරුන්ගෙන් සිංහල ජාතිය සහ බුදුදහම වෙනුවෙන් කටක් අරින, යමක් කතාකරන කෙනෙක් සොයා ගැනීමට නොහැකි වී ඇත. මම දකින ආකාරයට දැනට වසර කිහිපයකට කලින් අන්‍යාගමිකයන් විසින් ආරම්භ කළ සර්වාගමික සංකල්පය දැන් දැන් සාර්ථක වී ඇති බැව් පෙනේ. දැන්වත් සියලු බොදුනුවන් එකාවන්ව එකතුවී අපේ උරුමය වන බුදුදහමට රටේ නිසි තැන ලබාගැනීමට නොපමාව කටයුතු කළ යුතුය. (නි)
හොද අදහසක්. ක්‍රියාත්මක කරන්න ඕනෑ හාමුදුරුවන්ම තමයි ඉතිං. (නි)
මහමෙවුනාව අසපුවාසී පින්වත් ස්වාමීන්වහන්සේලා වසර 10ක සිට මේ ශාසන සේවය කරගෙන යනවා. දැනට ලක්ෂ 10ක් පමණ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, චතුරාර්ය සත්‍යය කියන්නේ මොකක්ද කියලා දන්නවා.දෙමළ මිනිස්සුන්ටත් ඒ දේ කියා දෙන්න ඕනෑ, මීට සමගාමීව. පරක්කු වෙලා හරි පන්සල් වල ස්වාමීන් වහන්සේලා ඒ ගැන කතා කරන එක හොඳයි. (නි)
ඔබවහන්සේ හරි. මහානායක හිමිවරුන්ද සමග හොද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් ඔබවහන්සේට ඒක ලොකු පිනක් වෙයි. (නි)
නියම කතාවක්. දෙමළ දන්නා හාමුදුරුවරුන්ගේ අවධානය යොමු වේවා! (නි)
දෙමල මිනිස්සුන්ට දෙමලෙන් බන කියන්න (දී)
ඕවා ලංකාවේ ඉන්න ගොඩක් අයට තේරෙන්නේ නැහැනේ. දගලන්නේ පාර්ලිමේන්තුවට යන්න. (නි)
අයියෝ සල්ලි ....
මේ අනුශාසනය නම් ඉතාම වටිනවා.අපේ රටට වෙච්ච ලොකුම අඩුපාඩුව නම් විද්‍යාලංකාර හා විද්‍යෝදය පිරිවෙන් දෙකම බටහිර විශ්වවිද්‍යාල බවට පත්කිරීම. යුද්ධය අවසන් වුණාට අපේ පාලකයන්ට තවම බැරි වුණා අඩුම ගානේ එක බෞද්ධ විශ්ව විද්‍යාලයක් මේ රටේ හදන්න. ඉන්දියාවේ හදන ඒවාට මුල්ගල තිබ්බට අපිට වැඩක් නැහැ.ඉන්දියාව ගොඩක් දුර හිතලා වැඩකරන රටක්.එම රටේ පාලකයෝ දන්නවා තව අවුරුදු 10කින් 15 කින් බුදුදහමට ලෝකයාගේ තියෙන උනන්දුව වැඩිවෙනවා කියල. එතකොට ඔවුන් එනවා මේ වගේ විශ්ව විද්‍යාල වලට ඉගෙනගන්න. ඒක රටට විශාල ගෞරවයක් වගේම ආදායම් මාර්ගයකුත් වෙනවා. දෙමල, හින්දි, ඉංග්‍රීසි, ජර්මන් වගේ භාෂා අපේ පොඩි හාමුදුරුවන්ට ඉගෙනගන්න ලංකාවේ තැනක් නැහැ. අධ්‍යාපන ක්‍රමයකුත් නැහැ.අද බටහිර රටවල පල්ලි වහන්න වෙලා.මිනිස්සු ඒවාට යන්නේ නැහැ.ඉතින් අපි කොච්චර ආඩම්බර වෙන්න ඕනෑද මේ වටිනා දහම රැකගත්ත ජාතියක් විදියට.අපේ පාලකයන්ගේ බුදුදහමට තියෙන සැළකීම ගැන නම් හරිම කණගාටුදායකයි. (නි)
කරුණාකරලා ආදර්ශයක් දෙන්න..!(නු)
ඒක නම් ඇත්ත තමයි හාමුදුරුවනේ..!(නු)
අදහස නම් බොහොම අගෙයි. (නි)
බණ ඇසීමෙන් හෝ කීමෙන් පමණක් ප්‍රශ්න විසදෙන්නේ නැහැ. බෞද්ධ විශ්ව විද්‍යාලයක් හැදුවයි කියල අපේ හාමුදුරුවරු සියලු දෙනාම ඒකට යනවද? හැම දේකටම ඉස්සර වෙලා මිනිසුන්ට පදිංචි වෙන්න තැනක්, ඉන්න තැනක් තියෙන්න ඕනෑ. ඒ අයිතිවාසිකම් නැතුව බණ කියල හරි යනවද? බුදු හාමුදුරුවොත් බණ කිවුවේ මිනිසුන්ගේ බඩ පිරුණට පස්සේ. (නි)
හාමුදුරුවනේ, අපි පැවිදිබිමට ඇතුළු වන්නේ මුදල් සෙවීමටවත්, පිණ්ඩපාතය ලැබීමටවත් ජනතා ඡන්දය අයැද සිටීමවටත් පාර්ලිමේන්තු යාමටවත් නොවන බව සියලු පැවිදි අය දන්නේ නැද්ද? ශ්‍රී ලංකාවේ යුද්ධය නිමවී ඇතත් යුද්ධය තිබුණා නම් මීට වඩා හොඳයැයි කියන්නේ පිටරටවල වීසා නැතිව ඉන්න ද්‍රවිඩ ජනතාවයි. (නි)
ලංකාවේ සියලුම ජන වර්ග ලාංකිකයින් ලෙස සළකන තෙක් මෙම ගැටලු විසදෙන්නේ නැහැ. එක් ජනවර්ගයකට වෙනත් ජනවර්ගයක් ආගම වටහා දෙන්න යාමෙන් ආගම් භේදයන් ඇති වෙන්ව පුළුවන්.ඒ නිසා ආගමක් ලෙසින් නොව සියළු ආගම් වල ඇති පොදු සත්‍යය තේරෙන සරල භාෂාවෙන් සියළු මාධ්‍ය වල විකාශනය කළ යුතුය. (නි)
හාමුදුරුවෝ හොරොව්පතානේ වෙලත් "යුද්ධය තිබුණා නම් මීට වඩා හොඳයි " කියන අයගේ කතාවට පොහොර දාන්නේ මොකද? යුද්ධය තිබුණා නම් හොඳ කාටවත් නොවෙයි ඕස්ට්‍රේලියාවට පැනගන්න විදියක් නැතුව දඟලන අනිත් අයට විතරයි. කැමති නම් හොරොව්පතානේ ගම් වැසියන්ගෙන් අහල බලන්න. (නි)
ස්වාමින් වහන්සේ බෞද්ධාගමේමද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අවවාදයට වඩා ආදර්ශය උතුමය කියලා ඔබ වහන්සේගේ මූලිකත්වයෙන්ම මේ පිළිඹඳව ආරම්භයක් දෙනවනම් හොඳයි (ස)
හාමුදුරුවනේ, මම ඕනෑ නම් සිංහල මාධ්‍යයෙන් කියන බණ දෙමළට පරිවර්තනය කරලා දෙන්නම්. (නි)
හාමුදුරුවනේ, කරන්න පුලුවන් නම් ලොකු පිනක්. හැබැයි හතුරන්ගෙන් පරිස්සම් වෙන්න. (නි)
හාමුදුරුවනේ ඉතාලියේ සිට මෙයලියන්නේ,අපිත් මේ ගැන හුගක් කතා කරනවා...නමුත් ඒවා දේශපාලනිකයන්ගෙන් පිට වෙන්නේ නැහැ..(නු)
ඔක්කොටම කලින් අපේ සිංහලයින්ට මේවා කියාදිය යුතුයි. (නි)
සායි බබා අදහනකොට ඔය කියන බණ මතක් වුණේ නැද්ද ? (ස)
අවසර හාමුදුරුවනේ, ලංකාවේ ඉදගෙන ඕක කරන්න බැරිද? (නි)
මෙහෙම කළොත් ඔවුන් කියාවි ඔවුන්ගේ ආගම නැතිකරන්න හදනාව කියලා. එතකොට හාමුදුරුවනේ? (නි)
බලෙන් මිනිස්සුන්ව බුද්ධාගමට හරවාගැනීමේ කුමන්ත්‍රණයක්ද මේ (ස)
බොහොම හොද වටිනා අදහසක්. නමූත් සිත්වලම පල්වෙන්න නොදී දැන් කළ යූත්තේ ක්‍රියාවට නැගීමයි. හැබැයි ඊට පසූව බෞද්ධ ආගමට බලෙන් හරවා ගන්න බණ කිය කියා යනවා කියන්නත් පූථවනි. ඒ කොහොම වෙතත් මේ ධර්මද්දීපේ මෙපමණ සිංහලෙන් බණ කියලත්, බණ අසලත් සිතා ගන්නටත් අපහසූ දරුණු අපරාධ සිදූවෙමින් පවතින බව කාටත් පෙනී යන කරුණකි. බූදූ බණ කිවුවා නිරන්තරේ. බූදූ බණ ඇසූවා නිරන්තරේ. ගති ගූණ අතින් අපි තවමත් වනන්තරේ... බෝසත් ගති ගූණ පිහිටන්නේ නැති ගතියක් අපි හට ඇතිවද මන්දා.... මේ තරමට බූදූ බණ අහනා රට දින දින පිරිහෙන කරුමය මන්දා... (නි)
අජරාමර ශාන්ත වු ලෝකෝත්තර අමා මහ නිර්වාණ ධාතුව අවබෝධකර ගැනිම පිණිස අප සැමට හේතු වාසනා වේවා! (නි)