දෙමළ ජාතික සන්ධානය ප්රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය වන දෙමළ ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් ඉදිරියේදී පිහිටුවා ගැනීමට නියමිත බව රාජ්‍ය භාෂා හා ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය
දකුණේ දේශපාලන පාර්ශවයන් හා සාකච්ඡා කිරීමකින් තොරව දෙමළ ජනතාවගේ අර්බුදවලට විසදුම් ගෙන ඒමක් සිදුකළ නොහැකි බව මේ සදහා තමන් විසින් දෙමළ ජාතික සන්ධානය ඊ.පී.ඩී.පී සංවිධානය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දෙමළ දේශපාලන පක්ෂ වෙත විවෘත ඇරයුමක් සිදුකර තිබෙන බවත් මනෝ ගනේෂන් මහතා සදහන් කළේය.
දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් පිහිටුවා ගැනීමෙන් අනතුරුව එම සංසදය විසින් එක්සත් ජාතික පක්ෂය ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික පක්ෂ ආගමික සංවිධාන සමගින් මෙන්ම මහානායක හිමිවරුන් ඇතුළු සියළුම ආගමික නායකයින් හා විවෘත සංවාදයකට අවතීර්ණ වී දෙමළ ජනතාවගේ ගැටළුවලට ස්ථීර විසදුම් ගෙන ඒම මෙහි බලාපොරොත්තුව වන බවද මනෝ ගනේෂන් මහතා තවදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙන කුණු ගොඩවල් මදිවාට තවත් කුණු ගොඩ ගහන්න හදනවා. (ම)
ඇයි මන්ත්‍රී තුමා තියන සංසද දැන් මලකඩ කාලද? මම මේ ගැන මුකුත් දන්නේ නැහැ. ඔබ තුමාලගේ වර්ගයාට විතරද අර්බුද තියෙන්නේ?. ඒ පැත්තට පනිනවා, මේ පැත්තට පනිනවා. උදරය වඩා ගන්නවා. (අ)
මංජුල සමග සියයට සියයක් එකඟයි.... (අ)
දෙමල මන්තිවරුන් සංසදයක් හදා ගත්තම මොකද්ද එකේ ඇති වැරැද්ද? සිංහලයන්ට ඒකෙන් වෙන හානිය කුමක්ද? ඒකෙන් ඔවුන්ගේ ජනගහනය වත් බල ශක්තිය වත් වැඩි වෙන්නේ නැහැනේ. (බ)
සිංහල දේසපාලු නායකයන්ගේ බල පෙරේත කම නිසා අද නැතිවෙමින් පවතින්නේ සිංහලයාගේ අනාගත අයිතිය, සිංහල බෞද්ධ පුද බිම්. එබැවින් කව්රු මොන සංවිධාන සදා වරප්‍රසාද,තෑගී බෝග වලට පෙරේත සිංහලයන් කැමති කරවා ගත්තට නියම සිංහලයන් මේ රටේ අනාගත සිංහල ජාතිය වෙනුවෙන් සිටිනවා. අද සිංහලයන්ට හිමි, අසින්හලයන්ට අහිමි වරප්‍රසාද කරුණාකර දක්වන්න. ආක්රමණික එළාරගේ සහ ඔහුගේ ගැහැණුන්ගේ ප්‍රතිමා නැගෙන හිර කාත්තන්කුඩි පැත්තේ මහා පාර මැද හදන්න පුළුවන්.නමුත් සිංහල අපිට ගැමුණු මහරජතුමාගේ පිළිරූ සිංහලයන් වැඩි ප්‍රදේශවල හදන්න බැහැ. සහජීවන ද්‍රෝහියන් මේවාට කියන්නේ කුමක්ද? (අ)
මෙතන අදහස් දාපු උදවිය තාම ඉන්නෙ, පහුගිය ආණ්ඩුවේ මානසිකත්වයෙන්. ඇහුනෙ නැද්ද නිදහස් දිනේ තේමාව වුනේ "ජාතික සමගිය සහ සංහිඳියාව " කියලා. (අ)
මේවට ඉතින් අපි මොනවා කියන්නද? (නි)
තව මොනවද ඕනෑ? (නි)
එතකොට ඒක ජාති වාදය නෙවෙයිද හා , මේක තේරෙන්නේ නැත්තෙ සිංහල පාලකයන්ට නේ ..(බ)
මුගේ ඇමතිකම ජාතික සංවාද ද ජාතිය සංවාද ද ? (බ)
ටෝනි රියාද් "ජාතික සමගිය සහ සංහිඳියාව" කියන එක ඇසුනනේ. ඉතින් මොනවද ඔබ කියන්නේ ජාතික සමගිය සහ සංහිඳියාවට රටෙන් කෑල්ලක් දෙන්න කියලද? (නි)
මේක දැක්කම හිතෙන්නේ දෙමල අයට තමන්ගේ ජාතිය ගැන කතා කරන්න පුළුවන් එතකොට ජාතිවාදය නැ. සිංහල අපි අපේ ජාතිය ආගම ගැන කතා කළොත් ඒක ජාතිවාදය වෙනවා අනේ අපේ සිංහල රටට ගිය කල (බ)
මනෝ ගනේෂන් මොනවා හැදුවත් සිංහල මිනිසුන්ගේ කැමැත්ත ලැබෙන්නෙත් නැහැ ඔබලාගේ ජනගහනය වැඩි වෙන්නෙත් නැහැ. (බ)