යුද්ධයේ අවසන් සමයේ මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල්හිදී දෙමළ ජාතිකයන් ඝාතනය වූ බවට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා විසින් ගෙන එන්නට සැරසුණු යෝජනාව මෙවරද කල් ගියේය.
සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා එම යෝජනාව 24 වැනි සැසිවාරයට කල් තැබුවේය. නිසි සාක්කි නැතිව මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළ හැකිද යන්නද යන ප්‍රශ්නයද මතු කළේය. මීට හය මාසයකට පෙරද මෙම යෝජනාව ඉදිරිපත් විය. මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතාද ඒ අවස්ථාවේදී පැවසූයේ සාක්කි නැතිව මෙම යෝජනාව ඉදිරිපත් කළ නොහැකි බවයි.
උතුරු පළාත් සභාවේ 24 වැනි සැසිවාරය පෙබරවාරි 10 වැනිදාට කල් ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක පාර්ලිමේන්තුවට දැම්මා නම් නේද හොඳ? (නි)