කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ එක්ව අද (3) ‘දමිළ ප්‍රගතිශීලී සන්ධානය‘ නමින් නව සන්ධානයක් පිහිටුවාගනු ලැබූහ.
පී.දිගම්බරන්, වී.රාධ ක්‍රිෂ්ණන් හා මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද කොළඹ හෝටලයකදී එම එකඟතා ගිවිසුම අත්සන් කළහ.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කුඩාබණ්ඩා මහත්තය කියන්නේ සිංහල අපිට බලාපොරොත්තුවක් ඇත්තෙම නෑ කියලද. හැමදාම සුළුතර පක්ෂ වල පදේට නටාගෙන රක්ෂිත වනාන්තර එලි කරලා පදිංචි වෙන්න දීලා, අපිට විදේශගත වෙන්න තමයි වෙන්නේ. රටේ අයිති කාරයන්ට බාර දීල. සිංහලයාගේ ඔය නිවට කම තමයි හැමදාම අපිට හරහට හිටියේ. (බ)
බලාගෙන ගියාම සිංහල ජනතාව මාර පොහොසත්නේ. මේ ගෙවල් ඔක්කොම හදල දෙන්න ඕනේ සුළු පක්ෂ වල අයට. සිංහල දුප්පත් ජනතාවට ගෙවල් හදල දෙන ප්‍රොජෙක්ට් ගැන මම අහලාම නෑ. (බ)
නුවන් මහත්තයා කියන "බලාපොරොත්තුව" ඉස්සර දවසක අපේ හිත්වලත් කැටිගැහිලා තිබුණ තමයි. අපේ ගං වලට තිබිච්ච මරණ බය නැතිකරලා රට එකසේසත් කොරපු යුගෙන් පස්සේ. ඒත් ඒ උත්තමයෝත් ජයෙන් මත්වෙලා ඇහැකන පියාන සංවර්ධනෙත් කරන ගමන් ගසා කන්නන්ට ඒවටත් ඉඩ දීලා සැප විදන් ඉන්නංවාලේ හිටියා මිස ජනතාවගේ හිතුම් පැතුම් තේරුම් ගත්තේ නැති කමින් උන්දැලත් එක්ක රටම අගාධයට අද වැටුණා. එයින් පස්සේ පේනවානේ දැන් වෙන දේවල්? අපේ මාළු අපේම ඇඟේ තියං කපද්දී ඔන්න කවදාකවත් නොතිබිච්ච සන්ධානත් බිහිවෙනවා. ඉතින් කොහොමද නුවන් මහත්තයෝ අපි එකමුතු කොරන්නේ.? අපිත් අනාගතේදී " ආමඟ දොරේ සාමි" කියන්ට බලාගෙන ඉමු. (බ)
ශ්‍රී ලංකාවේ අලුත් රජවරු මෙන්න ...(හේ)
දෙමල ප්‍රගතිශීලී සංවිධානය. මේක ජාතිවාදී සංවිධානයක් නෙමෙයිද? (ම)
දෙමළ කට්ටිය එකතු වෙනවා, අපේ සිංහල අය බෙදා ගන්න මරාගන්නවා. (ම)
සිංහල ප්‍රගතිශීලි කියල හැදුවොත් එ්ක සිංහල ජාතිවාදය (බ)
ආගම් හා සිංහල,දමිළ ,මුස්ලිම් ආදී ජාතිකත්ව පදනමින් පක්ෂ හදන එක ව්‍යවස්ථාවෙන්ම තහනම් කළ යුතුයි...ඒකීය රට කැඩීමට ,බෙදීමට රටේ සමගියට, සන්හිදියාවට මූලිකම හේතුව එයයි...(ම)
පිවිතුරු යහපාල යනු හරියට ගම්මන්පිල වගේ. (බ)
රට ඉවරයි (බ)
සිංහල ප්‍රගතිශීලි නමින් පක්ෂයක් පිහිට වීමට කටයුතු කළානම් ඒ ඔක්කම සිහල ජාතිවාදීන් වෙනවා.අනේ! හෙළ දිවයිනට ගිය කලක්. (බ)
ජාති වාදියෝ රැළම එකතු වෙලා (බ)
කෝ මේ ටොයියෝද බයියෝද? අපිට දුකයි රටගැන (බ)
කවුරු මොනවා කිවුවත් මේක හොඳ ප්‍රවණතාවයක් (නි)
බණ්ඩාර දැන් එළිවෙලා නැගිටින්න. ඔයා තාම නිදි වගේ (බ)
උතුර මුළුමනින්ම,නැගෙනහිර වැඩි කොටසක්,කොළඹ නගර සහා සිමාවේ වැඩිම කොටසක්. දැන් මේ සුදනම් වන්නේ මුළු රටේම රජ කිරීමටද? (නි)
උණුසුම් සුබපැතුම්! සිංහලයින් දෙපසකට බෙදී මරා ගන්නවා. සුළු ජාතින් එකතු වී සන්ධානගත වෙනවා. එකතු වී ඉන්න උදවිය දැක්කහම ගොඩාක් දේවල් කියන්න හිතෙනවා.එතකොට අපිට ජාතිවාදී ලේබලය ගසාවි. නමුත් එකමුතුව ගැන සතුටුයි. සිංහලයින්ට ආදර්ශයක්. (නි)
කොටින්ට එළිපිට කඩේ ගිය සමහරු දැන් කියනවා ආයේ මහින්ද මහත්තයාට එන්න දෙන්නේ නැහැ කියලා.අපි කියනවා අපි මහින්ද මහත්තයාව ගේනවා, පුලුවන්නම් නවත්තන්න කියලා. (නි)
දැන් වෙනසකට රට බාරදුන්නා නම්, හැමෝම කටවහගෙන හිටියොත් හොඳයි. " සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා " කිවේ කටකහනවට නෙමෙයි. ජනවාරි 08 කරපු හපන්කමේ තරම දැන් තේරුම්ගන්න පුළුවන්. (නි)
මේක හොඳ පෙරනිමිත්තක්. මෙයාලා කොටින්ට කිරිපොවන එකක් නැහැ. බොරුවට කලබලනොවී ඉන්න (නි)
නිමල්ගේ අදහසට මාත් එක පයින් එකගයි. ඕක තමයි මුලිකම හේතුව රටේ නස්පැත්තියට! (ම)
තමන්ගේ ජනවාර්ගික අනන්‍යතාවය මත දේශපාලනය කරන සෑම දෙනාම ජාතිවාදියෝය. මැතිවරණ නීති හා පාර්ලිමේන්තු ව්‍යවස්තා මඟින් මේ තත්වය පාලනය කරන්න තිබුනේ ඊනියා නිදහස ලැබූ දා පටන්ය. නමුත් අවස්ථාවාදී වාමාංශික මෙන්ම ධනවාදී කොටස් කියන දෙවර්ගයම සුළු ජන කොටස් තම ගොඩට එකතුකර ගැනීමට ජාතික මට්ටමේ දේශපාලනයට ජාතිවාදය ඈඳාගත්තා. 30 අවුරුදු යුද්ධයටත් මේ තත්වය යම් තරමකට බලපෑවා. අහෝ මගේ ලක් මෑණි! (නි)
දිනු දේශය නැවත කොටියා ඩැහැ ගැනීමට පෙර මහින්ද ඇතුළු ප්‍රගතිශීලින් එක්වෙමු. යහපාලනය යටතේ රට අනතුරේ,(ම)
ජාතිවශයෙන් හෝ ආගම වශයෙන් දේශපාලන පක්ෂ ඇතිවීම රටකට හානිදායක වියහැකිය. මේ තත්ත්වය රටෙන් තුරන් කර ගැනීමට හැකි ක්‍රමයක් ඇතිකර ගැනීමට හැකි වන්නේනම් එය රටේ සාමයට ඇති එකම දොරටුවයි. (ම)
මුළු රටේම ඉන්න කට්ටිය එකතු වුණත් ඔයගොල්ලෝ මුලු රටේම 13% නේ. ඉතින් තව මොනවද කතා? සුළු ජාතින් ඔක්කොම එකතු වුණත් 25% යි. (නි)
ඔය මනෝ ගනේෂන්ලා 2009 පෙර හිටියේ කොහේද? (නි)
මෙතැන එකතුවෙලා තියෙන්නේ වතුකර පක්ෂ. ප්‍රධාන දෙමළ පක්ෂය වෙන ටී.එන්.ඒ මෙතැන නැහැ.සමහරුන්ට "දෙමළ පක්ෂ එකතුවුණා" කියලා පුදුම අමාරුවක්නෙ තියෙන්නේ. ඇයි දකුණේ සිංහල පක්ෂ වලට සන්ධාන ගහන්න පුලුවන් නම් දෙමළ පක්ෂ වලට බැරිද? (නි)
නාමල් සිංහල අය එකතු වුණාට වෙනම රටක්, වෙනම ජාතික කොඩි,ජාතික ගී ඉල්ලන්නේ නැත. (නි)
20 සම්මත වෙනවා වගේනේ. එහෙමනම් මෙහෙම සන්ධානයක් ඇතිවිය යුතුයි. මෙතන ඉන්න සියල්ලෝම වාගේ යහපාලන සාමාජිකයෝ. මෙහෙම සන්ධාන ගතවීම පමණක් නොවෙයි. ඊටත් එහා ගිය පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකකනට සහ පසුව අගමැතිකමටත් මෙයාලා අනාගතයේදී (ඉදිරි) පත්වනු ඇති. එය එසේ වෙන්නේ මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ අරුමය නිසාය. එය රටටත් ජනතාවටත් කරුමයකි. මෙවැනි අවස්ථාවන් අපට අහන්නට ලැබෙන්නේ 2015 ලැබීමෙන් පසුවය. (නි)
එකතුවීම හොඳ වේ අරමුණ හොඳ නම්....... (නි)
කොටින්ට එළිපිට කඩේ ගිය මනෝ ගනේෂන් කියනවා ආයේ මහින්ද මහත්තයට එන්න දෙන්නේ නැහැ කියල..මෙයා කවුද එහෙම කියන්න..අපි කියනවා එයාට අපි මහින්ද මහත්තයව ගේනවා පුලුවන්නම් නවත්තන්න කියල..මේ අය හිතන් ඉන්නේ මේ රටේ මිනිස්සුන්ගේ මරබිය නැති කරපු අපේ දරුවන්ට හෙටක් ඉතුරු කරලා දීපු ඒ අපේ සිංහල නායකයාව එයාල එකතුවෙලා 8 වෙනිදා වල දැම්ම කියල..වැරදිලා මහත්තුරුනේ..පොඩි විවේකයක් ගත්ත විතරයි.ආයේ ඉක්මනින් එනවා. (ස)
කොහොම කරත් යාපනේ දෙමළ අයට වතු දෙමල කුලයෙන් අඩු සුළු ජාතිකයෙක්. එකනේ මහා පක්ෂය නැත්තේ. ඒ වුනත් ඔය ජාතියේ මැරුන කෙනා සහ පොටෝ එකේ ඉන්න කෙනා පමණයි විස්වාස කරන්න පුළුවන්. පන පිටින් ඉන්න කට්ටිය විස්වාශ කරන්න එපා කියලයි අපේ පැරැන්නෝ කියල තියෙන්නේ. (ස)
කියලවත් කරගන්න බැරි වැඩක් කරලා දුන්නේ. නියමයි. දැන් තියෙන්නේ වැඩිම ඡන්ද තියෙන සිංහල පක්ෂ දෙක සන්ධානගත වෙලා, ආණ්ඩුවක් හදන්න. එතකොට ජාතිවාදී අයගේ පදේට නටන්නේ නැතුව හරියට රටක් කරන්න පුළුවන්. සිංහලයාගේ අතේ රට තියෙනකම් සුළු ජාතීන්ටත් සෙතක් වෙනවා. නැත්නම් මේක තමිල්නාඩුවේ ප්‍රාන්තයක් කරගෙන අපිව රටින් පන්නනවා ඉක්මනට. (නි)
කවුරු කොහොම කීවත් මෙරට දියුණුවට මොවුන්ගෙන් කිසිම දෙයක් සිදු නොවේ.රටක් හැටියට හිතන්න කොහෙත්ම දන්නේ නැහැ. (කේ)
නිල් කොළ දෙපිරිස එකිනෙකට වාද කර කර සිටිති.සුළුතරය නැගිටිති...(ම)
නුවන් මහත්මයා. නුවනින් බලන්ට. නුවණින් සිතා බලන්ට. මහ පක්ෂ දෙක එකතුවීම තෙල් එක්ක වතුර එකතු කරන්ට ගන්නා උත්සාහයක් වගේ නොවේද.? (ම)