අප්‍රේල් මස 14 වැනි දා පෙරවරු 1.29 ‘විජය‘ නම් සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි.
අවුරුදු සිරිත් විරිත්වල සිංහල සහ දෙමළ සංස්කෘතීන් අතර සුළු සුළු වෙනස්කම් දැකිය හැකිය.
ද්‍රවිඩ චාරිත්‍ර අනුව අළුත් අවුරුද්ද උදාවීමට පෙර පැය හතරක් සහ උදාවූවාට පසුව පැය හතරක් ‘විෂු‘ කාලය ලෙස හැඳින්වේ.
මේ විෂු කාලය තුළ දෙමළ වැසියෝ හිසතෙල් ගෑම, දිය නෑම, සිදු කරති.
මේ වසරේ අලුත් අවුරුදු උදාව මධ්‍යම රාත්‍රියේ සිදු වන නිසා 14 වැනිදා හිරු උදාවීමත් සමග දිය නෑමෙන් පසු හිරු දෙවියාට පොංගල් සාදා නමස්කර කිරීම සිදු කරයි.
විෂු කාලයේ කහ, නිල් පැහැති පට්ටු රෙහි ඇඳ නිල් ගල් පැළඳ කෝවිලට ගොස් දේවාශිර්වාද පුජා පවත්වති.
දෙමළ චාරිත්‍ර අනුව අලුත් අවුරුද්දේ ඥාති මිත්‍රාදීන්ගේ නිවෙස්වලට ගොස් සංග්‍රහවලට සහභාගීවීමට ඇත්තේ අප්‍රේල් 15 වැනිදා උදේ 9.14න් පසුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේමන්ත, දකුණු ඉන්දියාවේ හැමෝම මේ අවුරුද්ද සමරනවා. නමුත් උතුරු ඉන්දියාවේ බෞද්ධ කට්ටිය නම් මෙහෙ ඉන්නවා එයාලා නම් සමරන්නේ නැහැ.(නදී)
සුබ්‍රමනියම්, දෙමළ අවුරුද්ද අපි ගන්නම්. සිංහල අවුරුද්ද ඔයාලා තියාගන්න. අපි මොකටද ආයේ ඕකට රණ්ඩු වෙන්නේ? (නි)
මේක දෙමල අපේ අවරුද්දයි.(නදී)
සිංහල දෙමල විතරක් නෙමෙයි, මේක විවිධ ඉන්දියානු ජාතීන් සහ අග්නිදිග ආසියාතික රටවල උත්සවයක්. නිකම් බොරුවට රණ්ඩු කරන්න ඕනෑ නැහැ. (නි)
ජාතිවාදය අවුස්සා ගන්නේ නැතුව හැමෝම සමාදානෙන් හිටියා නම් හොදයි. (නි)
හොඳ ලිපියක් (නි)
ඕක දෙමල අවුරුද්ද නම්, එක සමරන්න ඕනෑ තමිල්නාඩු වල. නමුත් එයාලා එහෙ සමරන්නේ නැහැනේ. මේ අවුරුද්ද බෞද්ධ අපේ අවුරුද්ද නිසයි තායි කාම්බෝජ බුරුම ලාඕස් ථෙරවාද බෞද්ධ රටවල් එය සමරන්නේ. (නි)
ෂෙරීෆ්, ඔයා අනුන්ගේ දේවල් වලට හොට දාන්න එන්න එපා (නි)
මේක හින්දු අවුරුද්ද. (නි)
බාලසුබ්‍රමනියම්, ඇයි තමිල්නාඩුවෙ අයට අළුත් අවුරුදු නැත්තෙ මේ දවස්වල? (නි)
නියම අයිතිකාරයෝ දැන ගන්නම වුවමනාමද? කරුණාකරලා සෙල් අංකය ලියලා එවන්න (නි)
ඔව් සහෝදරයා, දෙමල වගේම සිංහල අපෙත් අවුරුද්ද. (නි)
මටත් හරි ආසයි නියම අයිතිකාරයෝ දෙමළද නැත්නම් සිංහලද කියල දැනගන්න. (නි)
සතික ඇත්ත බාලසුබ්‍රමනියම්. මේක ඔයාලගේ අවුරුද්ද. සිංහලයන්ගේ අවුරුද්ද ලබන මාසේ.. මේ දවස්වල අවුරුදු කන්න දගලන්නේ සිංහල හින්දු අය (නි)
බාලසුබුමනියම්, ඒක ඇත්ත. දෙමළ සහෝදරවරු කොහොමත් සාමකාමීව තම අවුරුද්ද සමරනවා. ඒක කාටත් ආදර්ශයක් (නි)
මේක අපි සියලු දෙනාගේම අවුරුද්ද (නි)
හේරත්ගේ අම්මා දමිල, තාත්තා සිංහලද? මට නම් හිතෙන්නෙ එහෙමයි. (නි)
එසැණ පුවත් ආයතනයේ සහ ලංකාවාසී සියල්ලන්ටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
කොහොමටත් ඕක සිංහළ බෞද්ධයන්ට අයත් දෙයක් නෙමෙයි.(නදී)
බාලසුබ්‍රමනියම් වනකකම් අයිය වනක්කම්.(නදී)
ඔය ෂෙරිෆ් වැඩක් බලාගෙන ඉන්නවා. අනවශ්‍ය දෙයට හොට දාන්නේ නැතුව. අවුරුද්ද ගැන ඔයා දන්නේ මොනවාද? නිකන් රණ්ඩු හදන්නේ නැතුව ඉන්න.(නදී)
ඔව් මේක දෙමල අවුරුද්ද , අපිට අයිති එකක් නෙමෙයි.(නදී)
මේක අපිට නම් බැදගන්න ඕනේ නැහැ. කවුරුත් සතුටින් සමගියෙන් සමරනවා නම් වෙන මොනවද ඉතින්.(නදී)
අම්මා තාත්තා ගැන දැනගන්න කැමති නම් කේන්දරයත් එක්ක මාත්තියා එන්න මාව හම්බවෙන්න. (නි)
අපේ මිනිස්සු ඉදිකටුවක් හැදුනත් ඒකත් බෙදාගන්න හදනවා. කවදා මේ අයිතිවාසිකම් කියන එක නතර කරයිද? පොඩ්ඩක් හිතන්න බලන්න ස්වාදීන සිතකින් මේ ලෝකය ආරම්භායේදී ජාති ආගම් කුල මොකුත් කිබුනද කියා. සමාජයේ මේ බෙදාගැනීම් එක්ක තමයි සේරම ආවේ.(නදී) .
හේරත්, ඔහේ නොදන්නවා වුණාට තමිල්නාඩුවේ තමයි මේක ඉතා ඉහළ අන්දමින් සමරන්නේ (නි)
සිංහල දෙමළ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා! (නි)
අනේ ෂෙරිෆ් හැම දේකටම ඔලුව දාන් නැතුව ඉන්න, ඒ කට්ටිය ඒවා බලා ගනියි.(නදී)
මට හින්දු අලුත් අවුරුද්ද පිළිබඳ විස්තරයක් දානවද?