තායිලන්තයේ ෆිඩේ ලෝක පාසල් චෙස් තරගාවලිය හා සිංගප්පූරුවේ 11 වැනි ආසියා පාසල් චෙස් තරගාවලියට සුදුසුකම් ලැබීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයේ අට වැනි ශ්‍රේණියේ විනුමි විදාරා ජසෙන්තුලියන සිසුවිය සමත්වූවාය.
2012 දී ආසියාවේ රැෆිඩ් චෙස් තරගාවලියේ අවුරුදු 10න් පහළ නිල ක්‍රීඩිකාව ලෙස ද ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළාය. 2013 වසරේ නව වැනි ආසියා පාසල් චෙස් තරගාවලියේ දී ස්ටෑන්ඩඩ් හා බ්ලිට්ස් අංශ දෙකෙන් ආසියාවේ මුල් විශිෂ්ටයන් දස දෙනා අතරට ඒමට ද ඇය සමත් වුවාය.
2013 දී එක්සත් අරාබි එමීර් දී පැවති ලෝක චෙස් තරගාවලියේ විදාරාට 27 වැනි ස්ථානය හිමිවිය. ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කරමින් සමස්ත ලංකා මට්ටමේ චෙස් තරගාවලි රැසක ජයග්‍රහණ ලැබූ ඇය දක්ෂ මලල ක්‍රීඩිකාවකි. බාලදක්ෂිකාවක ලෙස ද කටයුතු කරන ඇය පියානෝ වාදනයෙන් දස්කම් දක්වන්නියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම පින් පාට මුහුණක් තියෙන ලස්සන දුවක්. දුවේ ශ්‍රී ලංකා නාමය මුළු ලෝකයේම පතුරන්න ඔයාට ධෛර්යය, ශක්තිය ලැබේවා! කියල ඉත සිතින් පතමි. තෙරුවන් සරණයි ! (නදී)
ලක් දුවනියට අපේ ආශීර්වාදය .සිතේ සන්සුන් බව පමණක් වැදගත් වේවි දුවේ, ඔබගේ ජයග්‍රහණයට . (ස)
දයාබර සොයුරිය මුළු හදවතින්ම මම ඔබට සුබ පතනවා. (ස)
දුවට ජය ලැබේවා. (ස)
අපගේ උණුසුම් සුබ පැතුම්.(හේ)