(ටී.කේ.ජී.කපිල)
රූපවාහිනියක් සහ මේස විදුලි පංකාවක් රැගෙන එන මුවාවෙන් ඒවා අඩංගු පෙට්ටි තුළ නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් සඟවා ගෙන ඩුබායි සිට පැමිණි තරුණයක් අද (29) කටුනායක ගුවන් තොටුපොළේ අත් අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි.
මොහු කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
එහි දුම්වැටි කාටූන් 117 ක් තුළ දුම්වැටි 23,400 ක් තිබූ බවත් ඒවායේ වටිනාකම රුපියල් 12,50,000 ක් බවත් රේගුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගුවට හොරෙන් දුම්වැටි ගෙන එ්ම අත්අඩංගුවට ගතහැකි වරදක්ද? අහු වුණොත් දඩ ගසා බඩු රාජසන්තක කල හැකි වුවත් දුම්වැටි වැනි දෙයක් හොරෙන් ගෙන ඒම අත්අඩංගුවට ගත හැකි වරදක්ද? රූපවාහිනියක් සහ විදුලි පංකාවක් ලෙස හඟවා දුම්වැටි 20000 ක් ගෙනාවම අත්අඩංගුවට ගත්තත්, ට්‍රැක්ටර් ලෙස හඟවා ප්‍රාඩෝ, ලෑන්ඩ් කෘෂර් 100 ගණන් ගෙන්වපු අයට මොන ප්‍රශ්නයක්වත් නැහැ නේද ?