දුම්රියක් එනු දැක පාරෙන් ඉවතට පැන ගත් වැඩිහිටියකු කොල්ලුපිටියේ දී අද ගල් දෙබොක්ක සිර විය. ඔහුගේ දෙකකුල් හැර අන්කිසිවක් නොපෙනුණේය. කොල්ලුපිටිය පොලිසිය වහා ක්‍රියාත්මක වී වැල්ලවත්ත ගිනි නිවීම් පුහුණු කිරීමේ ආයතනයේ පිරිසක් ද විශාල දොඹකරයක් ද ගෙන්වා ගල් ඉවත් කර ඔහු බේරා ගත්තේය. සුළු තුවාල ලබා සිටි ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන්නෙ දුම්රියෙන් අහකට බේරෙන්න සිරවුණි ගල් අතර බැරිඋනි ගොඩ එන්න මාමට බැහැ මාමෙ ඔය ගල් පෙරලන්න තමුන්ගෙ තරම දැනගෙන ජීවත් වෙන්න(නු)
මාර ගල් දෙබොක්කාවක්නේ මේ. (නි)
දැන් ඔහු නැවත ඉපදුණාට සමානය (නි)
කොහොම වුණත් දැන් පණ දෙන්න බැහැනේ. (නි)
දේවානන්ද ඔයා දන්නෙ නැද්ද? මේ බලධාරින් කවදාවත් දුම්රිය බස්වල යනවාද? ඒ අය කොහොමද මේවා දන්නෙ..!!(නු)
පවු නේද? වයසක කෙනෙක්නේ. (නි)
ඇති ජීවිතය බේරුණා. (නි)
මොනවද මේ කතා? (නි)
කාටුන් එකක වගේ. දැක්ක ගමන් 'බුග්' ගාලා පනින්න ඇති. (නි)
ප්‍රවෘත්තියට වඩා ප්‍රතිචාර රසවත්ය. (නි)
ඒ කොහොමද ඒක වෙලා තියෙන්නේ..(ස)
ඇති ඔයින් බේරුණා. (ත)
වනේ ගජිඳාය දුටුවොත් වනසාය ළිඳේ පිනිදාය දුටුවොත් වූ කාය අතකින් කරවැලකි අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිහෙක් පැණී කෑය. ලංකාවේ මිනිස්සු ජීවිත වලට පුදුම අනතුරු තියෙන්නේ. (අ)
කෝච්චියක් එනවා මතකයි ඊට පස්සේ මොකුත් මතක නැහැ කියයි එයාගෙන් ඇහුවොත්..!!(නු)
ඕකට තමයි කියන්නේ පනින්න පෙර සිතා බලන්න කියලා..(ස)
රේල්පාර තියෙන්නේ ඇවිදින්න නෙමෙයිනේ...(ස)
ආණුඩුවෙ තමයි වැරුද්ද.. මොකටද දුම්රිය ධාවනය කළේ මිනිස්සු පාරෙ යන වෙලාවට.. විපක්ෂයට මාතෘකාවක්..!!(නු)
යන්න පාරක් හරියට තිබුණනම් මෙහෙම වෙන එකක් නැහැ.. කොහොම නමුත් ජීවිතේ බේරුණ එක ලොකු දෙයක්..!! (නු)
ලංකාවේ දුම්රිය පාරවල් කිසිම ආරක්ෂාවක් නැතුව තියෙන්නේ. මිනිස්සුන්ගේ අනතුරු වැඩිත් එකයි. අනික තමයි කෝච්චියට නගින්න තියෙන විදිහ, වේදිකාවේ ඉඳල කොචියට තියෙන උස. හැම දුම්රිය ස්ථානයකම වේදිකාව ඉස්සුවොත් ලොකු දෙයක්. කාටවත් ඕක පෙන්නේ නැද්ද? (නු)
කෝච්චියක් එනවා දැක්කලු. ඉන් පස්සේ මුකුත් දැක්කේ නැතිලු. ඕක ඉතිං අහන්නත් දෙයක්ද? ගල් ගොඩ අස්සේ ඔලුව ඔබාගෙන ඉන්න කොට කොහොමද මුකුත් පේන්නේ? (නි)
එරංග ඔභ හරි.. නියම කතාව ඔයාගෙ...!!(නු)
ගුණදාස කුමාර- මිනිසුන්ට යන්න ඔතනින් එහා පැත්තේ කොල්ලුපිටියේ ඉඳන් වැල්ලවත්තටම සමුද්‍රාසන්න පාර තියෙනවා. කූඩැල්ලො මෙට්ටෙ උඩ තියන්න බෑ නෙ....!!
අනේ මංදා..!!(නු)
වාසනාවන්ත මනුස්සයෙක් වෙන්න ඇති.නැත්නම් මෙහෙම අනතුරු දෙකකින් බේරෙන්න ලේසි නැ (නු)
වාසනාවන්ත මනුස්සයෙක් වෙන්න ඇති.නැත්නම් මෙහෙම අනතුරු දෙකකින් බේරෙන්න ලේසි නැ (නු)
මේ අය කියන විදිහට දුම්රිය මාර්ගය දෙපැත්තේන් අලි වැට වගේ විදුලි වැටක් ගහන්න වෙනවා.. දුම්රිය පාරවල් තියෙන්නේ මිනිස්සුන්ට යන්න ද?. අනික මිනිස්සුන්ට මොළයක් කියලා දෙයක් තියෙන්නෙ අනතුරු වළක්වාගන්න.. මේවටත් ආණ්ඩුව පළිද?(නු)
කෝච්චියෙන් ගැලවිච්ච මිනිහට ගල හරස් උනා වගෙයි..!!(නු)
මේක අනිවාර්යයෙන්ම යූ.එන්.පී. වැඩක් කියයි..!!(නු)
අනේ කාලේ වනේ වාසේ. (නි)
එක තමි කියන්නේ පාරේ යනකොට හොඳට සෙවිල්ලෙන් යන්න කියල කොහොම උනත් මාමට බුදුසරණයි...!!(නු)
ගම්පහට නුදුරින් දාරළුව දුම්රිය නැවතුම් පලක් තියෙනවා.. ඒකට දුරකථන පහසුකම් නැහැ..බොන්න වතුර නැහැ.. මේතන ඉදලා දුම්රියට ගොඩ වෙන්න නම් ඉනිමගක් තියන්න ඕන.. ඒතර්ම පාතයි.. මම දන්න වැඩිහිටි නායක හාමුදුරුනමක් වැටුනා බහිනකොට.. ළමයි වැටුනා අස්සට... සමහර විට දුම්රිය නවත්වන්නේ වේදිකාව පසුකරගෙන ගිහිල්ලා.. එතකොට කොහොමවත් බහින්න ලැබෙන්නෙ නැහැ.. (නු)
ඒකටත් ආණ්ඩුවට බණින්න එපා..!(නු)
එරංග ආණ්ඩුවෙ කෙනෙක්ද? ජයවේවා.. අපි මීට වැඩිය ටිකක් බැහැල වැඩ කරන්න ඕන..!!(නු)
කමක් නැහැ කොහොම හරි බේරුණා නේ.. කල්පනාවෙන් පාරෙ යන්න..!!(නු)