(විනීතා එම් ගමගේ)
දුම්රිය දෙපාර්තමේන්තුව හා තැපැල් දෙපාර්තමේන්තුව, පාලක මණ්ඩල මගින් පාලනය වන ආයතන බවට පත් කළ යුතු යැයි රාජ්‍ය ආයතනවල වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වන අමාත්‍ය කමිටුවට සහයවීම සඳහා පත්කළ නිලධාරි කමිටුව යෝජනා කර ඇත.
එම නිලධාරි අනු කමිටුව විසින් අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වෙත ඉදිරිපත් කිරීමට සකස් කළ වාර්තාවේ මේ බව සඳහන් වේ.
මෙම දෙපාර්තමේන්තු ව්‍යුහාත්මක ප්රතිසංවිධානයකට භාජනය නොකොට විසඳුම් සෙවීම අසීරු බවත් පාලක මණ්ඩලයක් මඟින් පාලනය වන ආයතනයන් බවට පත්කර අදාළ තනතුරු වැටුප් පරිමාණයන් හා සේවක සංඛ්‍යාව නිශ්චය කිරීම එකී ආයතනවල පාලක මණ්ඩලය මඟින් සිදුකරනු ලැබිය.
දැනට එකී දෙපාර්තමේන්තු සතු සියලූ වත්කම් විධිමත්ව අදාළ සේවාවන් වෙත පැවරිය යුතු අතර ඒවා නිසි පරිදි ආයෝජනය කර ආදායම් උපදවා ගැනීම එකී සේවාවන් මගින් සිදුකළ යුතු බවත් එහි සඳහන් වේ.
දුම්රිය සේවාව හා තැපැල් සේවාව වෙනුවෙන් ආරම්භ වන නව ආයතනවල දැනට සිටින සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය තහවුරු කරමින් අලූතින් බඳවා ගන්නා සේවකයින් දායක වැටුප් ක්‍රමය හෝ සේවක අර්ථසාධක අරමුදල යන දෙකින් සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි ද එහි සඳහන්ව ඇත.
සේවා මෙහෙයුම් ආදායම් මාර්ග තුළින් ස්ථාවර තත්ත්වයකට පත්වන තුරු නිශ්චිත කාලයක් සඳහා භාණ්ඩාගාරය මඟින් නියමිත ප්‍රතිපාදන ලබාදිය යුතු බවට ද එම කමිටුව නිර්දේශ කර ඇත.
මෙම සේවා ගාස්තු තීරණය කිරීම පාලක මණ්ඩලය විසින් තීරණය කළ යුතු බව ද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳයි...
මගීන් තලා ඉල්ලීම් කරන බූරුවන්ට හොඳ පිළිතුරක්...
ඉතා යහපත් අදහසක්. මේ දේ ඉක්මනට කරන්න. වගකීමෙන් තොරව ක්‍රියා කරන අය නිසා ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය සහ තැපැල් සේවය ගල් යුගයේ පවතිනවා. පෞද්ගලික කළමනාකරණය නිසා සමහර රටවල සුපිරි දුම්රිය සේවයන් පවතිනවා. උදා: ඉන්දියාවේ මෙට්‍රෝ දුම්රිය සේවය (ප්‍රධාන නගර තුල පමණක් ධාවනය) සියලුම නවීනතම දුම්රිය මැදිරි ආනයනය කරන්නේ බ්‍රසීලය වැනි රටවලින්. රජයේ කළමනාකරණය ඇති රටවල සුපිරි සේවාවන් කළ නොහැකියි.
අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොව රැඳෙ කියා තිබේ අලුතෙන් මොනදේ ආරම්භ කරන්න හැදුවත් එයට විරුද්ද වන අය බලන්න අපේ රට හැමදාම එකම තැන නේද .
දුම්රිය දෙපාර්තමේන්තුව පිරිහෙන්නේ අධික වැටුප් සහිත සේවකයන් විශාල සංඛ්‍යාවක් ඉන්න නිසා යි. දුම්රිය ඇතුළේම ඉන්න නියාමක , රියදුරු සහයක වගේ අයට මාසික වැටුප රුපියල් ලක්ෂයකට වැඩියි. ඒත් ඔවුන් කරන සේවය ඊට වඩා සෑහෙන්න අඩුයි. පිටරටවල්වල බොහෝ විට දුම්රිය නියාමක කියලා කෙනෙක් නෑ. සමහර රටවල්වල සාමාන්‍ය වැටුපක් ලබන කොන්දොස්තර කෙනෙක් ඉන්නේ. අපිට දුම්රිය දීපු එංගලන්තයෙත් එහෙමයි. රියදුරු සහයක, නියාමක වගේ තනතුරු සුළු පුහුණුවක් සහිතව "මෑන්පවර්" මට්ටමින් පවත්වාගෙන යා හැකියි. දුම්රිය ඇතුළේ ඒ තනතුරුවල කාර්යයන් සමාජගත වෙන්න ඕනෑ. ඒ පිළිබඳව පුවත්පත් පවා වගකියන්න ඕනෑ. එතකොට තමයි බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ. නමුත් ඒ තනතුරුවල පුද්ගලයන් කියන්නේ ඔවුන්ගෙන් තොර විකල්ප නෑ කියලා. ඒත් ඔවුන් සමාජගත කරන ඔවුන්ගේ රාජකාරිවලින් බහුතරයක් දෛනිකව සිදුකරන දේවල් නෙවෙයි. එවන් රාජකාරි ඉතා කලාතුරකින් තමයි කරන්න සිදුවන්නේ. දුම්රිය ක්‍රමවේදය ගැන නොදන්නා නිසා මාධ්‍යවේදීන්, බලධාරීන්, සාමාන්‍ය මගීන් හිතාගෙන ඉන්නේ දුම්රිය නියාමක, රියදුරු සහයක එහෙම මහා විශාල කාර්යයක් කරනවා කියලයි.
රියදුරු සහයක කරන්නේ නියාමකගේ සංඥාව බැලීම, ඉදිරි සංඥා බැලීම, රියදුරු කාමරය පිරිසිදු කිරීම වගේ වැඩ තමයි. ඒත් ඔවුන්ගෙන් ඇහුවම කියන්නේ අතරමඟදී තාක්ෂණ දෝෂ නිවැරැදි කිරීම, ශන්ටින් කිරීම වගේ වැඩ අනිවාර්යයෙන්ම කරනවා වගෙයි. නීති විරෝධී වුනත් නියාමක පෙට්ටියේ හෝ රියදුරු කුටියේ යන්න පුළුවන් නම්, මේ ටික හොඳින්ම තේරුම් ගන්න පුළුවන් ඔබට....
ඒක ඉතාමත් හොඳ දෙයක්...
මේවත් එක්කම මේවට ඉන්න ඇමතිලාවත් ගෝල බාලයන්වත් පුද්ගලික අංශයටම දෙන්න. එතකොට හිමිකරුවන් අමතිලාවත් ගෙදර අරීවි.
මෙයාලා මේවා කරන්න දෙන එකක් නෑ. මේවා ඒවගේ ඉන්න අයගේ බූදල් වෙලා තියෙන්නේ. බොරු සෝබනේ දාගෙන ඉන්න බලන්නේ. අඩු ගානේ එළියේ ටිකට් මැෂිමක් හයි කරන්න. අබාධිතයින්ට යන්න විදිහක්... හරියට ගමේ පාරවල් වල කොන්ක්‍රීට් දානවා වගේ...
තැපෑල රජයකට වටිනවා