චන්දන ජයවීර සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය කරමින් තිබු දුම්රියක් නානුඔය දුම්රිය ස්ථානයට ආසන්නයේදී පීළි පැනීම නිසා අද එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල විය.
මෙසේ පීලිපැන්නේ කොළඹ කොටුව සිට පෙ.ව 9.45 ට බදුල්ල බලා ගමන් ආරම්භ කර ප.ව 7.30 ට බදුල්ලට ළඟා වීමට නියමිතව තිබූ අංක 1007 දරණ බලවේග කට්ටලය සහිත දුම්රියයි. මෙම දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේදි ප.ව 4.30 ට පමණ බලවේග කට්ටලය පමණක් පිළි පැණිමකට ලක්වු අතර කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නැත.
මෙම දුම්රියේ පැමිණි මගින් වෙනත් දුම්රියක් මගින් බදුල්ල දක්වා ප්‍රවාහනය කරවිමටද පියවර ගෙන තිබේ.
මෙම හේතුව නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පැය කිපයකින් ප්‍රමාධ වු බවත් ඉතා ඉක්මනික් දුමිරිය පිළි ගත කරමින් දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත්කරන බවත් නානුඔය දුම්රිය ස්ථානාධිපති වරයා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හතලිස් ඇඳිරිය හැදිලාත් අවුරුදු පහළොවක් විතර වෙච්ච නිසාද කොහෙද මේ පින්තුරේ බලවේග කට්ටලයක් පේන්නෙම නැහැ .
අවුරුදු පනහ හැට පරණ දුම්රිය පිලි පනින එක අහන්නත් දෙයක් ද වැරදිලාවත් පල්ලමකදී මේ සි දේ සිදුවුණා නම් මොන තරම් හානියක් සිදු වෙනවාද
පීලිපනින එක නියමයි.
ඔය සුද්දා හදපු පරණ කෝච්චි පාරවල පීලි දිගේ දුම්රිය තවමත් එළවන්නේ මොකටද? හත් දෙයියනේ, මෙච්චර අපුරු අධිවේගී මාර්ගවල ඕවා එළවන්නේ නැතුව... එහෙම බැරිනම් කෝච්චි පාරවල් කාපට් කරන්න. එතකොට පීලි පැනීමක් සිදුවන්නේ නැහැ!