(ගයාන් සූරියආරච්චි)

රාගම දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක ගැටී අද (22) පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ගල්කිස්ස සිට කන්කසන්තුරේ බලා ධාවනයවූ දුම්රියක ගැටීම හේතුවෙන් මියගොස් ඇත්තේ රඹුක්කන ප්‍ර දේශයේ පදිංචි ටී.බී. අත්තානායක (69) නැමැති පුද්ගලයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා සතුව රුපියල් 600 ක මුදලක්, ජංගම දුරකතනයක් සහ රෙදි බෑගයක්ද තිබූ බව පොලිසිය කියයි.