(තිලකරත්න දිසානායක,අමල් වික්‍රමරත්න)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය රියදුරන් විසින් අරඹා ඇති වර්ජනය හේතුවෙන් අද (7) උදෑසන සිට දුම්රිය මගීහු දැඩි අසීරුතාවයට පත්වුහ.
කොළඹින් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් සිදු නොවන බව ගම්පහ දුම්රිය ස්ථානයෙන් මගීන්ට දැනුම් දුන් බවත් කොළඹ දෙසට පමණක් දුම්රිය කිහිපයක් ධාවනය කෙරිණි.
කොළඹට පැමිණිට තිබු බොහෝ දුම්රියන් අද දින ධාවනය නොවු බවත් දුර ගමන් සේවා සඳහා ඇති දුම්රියන් අවලංගු කර තිබිණි.
අද (7) අලුයම 4.15ට ගාල්ලේ සිට පිටකොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ධාවනය නොවූ බව ගාල්ල දුම්රිය ස්ථානය පවසයි.
දුම්රිය එන්ජින් රියදුරු සහායකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ඇති ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන දුම්රිය එන්ජින් රියදුරන් වැඩවර්ජනය ආරම්භ කර තිබේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මේ ආණ්ඩුව ආපු දවසෙ ඉදන්ම රටේ ප්‍රශ්න විතරමයි අහන්න තියෙන්නෙ.
මිනිසුන් තම බලය පෙන්වන දිනය වැඩි දුරක නොවන බව මෙසේ වර්ජන කරන සැවොම ඉතා හොඳින් දැන ගත යුතුයි.
දුම්රිය ධාවනය කොරන්නේ නැති එක මෙරටට අලුතක් නෙවෙයිනෙ?
" වර්ජනය " අපේ රටේ වගේ විප්ලවකාරයෝ, වර්ජනකාරයෝ ඉන්න රටක් තවත් ලෝකේ නැහැ. අවුරුද්ද පුරාම වර්ජන.... උදේට නම දාලා, වර්ජනය කරනවා. හවස ගෙදර ගිහින් රජයට බැණ වදිනවා. අපේ රට දියුණුවෙන්නේ නැහැ කියලා..
රුවන් ජනතාව තම බලය පෙන්නන්න ඕනේ වැඩ වර්ජනය කරන අයට නෙමෙයි පාලකයන්ටයි. රට හරියට පාලනය කරන්න බැරි වුණාම මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙමෙයි.
රාජ්‍ය අංශයේ සේවකයන් උඩ තියාගෙන ඉන්නකන් මේ වගේ තමයි. කුරුඳු පොලු අතට ගන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. එක්කෝ අධිකරණයෙන් නියමයන් දෙන්න ඕනේ...
රවී මෝඩයෙක් වගේ ප්‍රශ්න දිහා බලන්න එපා. ආපු ආණ්ඩුවත් එකයි. හිටිය ආණ්ඩුවත් එකයි. අවුරුදු 70ක් තිස්සේ රටට කල සෙතක් නැත. මිනිසුන් වෙනස් විය යුතුය. පත් කරගන්න පාලකයන් ගැන වගකීම මිනිසුන් දැරිය යුතුය. එය වෙනම ප්රශ්නයකි.. නමුත් මේ වර්ජන හේතුවෙන් අසීරුතාවයට ලක් වෙන්නේ දුගී ජනතාව,. මෙයට විරුද්ධව ආණ්ඩුව නෙවෙයි... ජනයායි පිළිතුරු දිය යුත්තේ. වර්ජනයේ නියුතු සෑම නිලධාරියෙක්ම ඉවත් කර අලුත් පත්වීම් දිය යුතුය. රට තුළ දුගී ජනතාව අසීරුතාවයට ලක් කරන ඕනෑම ක්‍රියාදාමයකට දැඩි පියවර ගත යුතුයි.
සුනාමියක් ඇවිත් මේ දුම්රිය දෙපාර්තමේන්තුවම ගසාගෙන මුහුදයට ගියානම් කොතරම් හොඳද? එතකොට අලුත් ආයතනයක් විදියට දියුණු නවීන ක්‍රමයට දුම්රිය ධාවනය කරන ආයතනයක් පිහිටවන්න පුළුවන්. ඒ තරම් මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ. අපේ බදු සල්ලි වලින් පඩි අරගෙන අපිට ගහනවා.
රැවන් වගේ හින මානෙන් පෙලෙන කට්ටිය හිතන් ඉන්නෙ එයා වගේ කියල අනිත් අයත්. රටේ බහුතරයක් දන්නව රටේ මොන ප්‍රශ්නයක් වත් විසදිලා නැහැ කියල. ඒ වුනාට එයාට විතරක් පේන්නෙ ප්‍රශ්න විසදිලා කියල වෙන්න ඇති. රුවන් අනිත් කට්ටියටත් පැහැදිලි වෙන්න කියන්නකො දැන් මේ රජයෙන් විසදපු ප්‍රශ්න මොනවද කියල. එතකොට ඔයාගේ බුද්දි මට්ටම අනික් කට්ටියත් තේරුම් ගනීවි. මේ ආණ්ඩුව අාවේ රාජපක්ෂ ආණ්ඩුව හොද නැති නිසානෙ. එතකොට මේ අවුරුදු ගාන ඇතුලත විසදපු ප්‍රශ්නයක් තියෙන්නත් ඕනෙනේ.
දැනගැනීමට ඇති පරිදි මෙමෙ කරණය උසාවිය එදිර්යට ගොස් ඇත . තවද මෙම වර්ජනය මෙහෙයවන්නේ සමහර දේශපාලන හස්තයක් කියල . කරුණු මෙසේනම් රජය මේගැන කෙලින් තීරණයක් ගන්න ඕනේ . සිරිසේන මහත්යා පුරදු පරිදි හතර අතේ වැනි වැනි ඉන්නේ නැතිව මෙය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම හොදයි.