(යොහාන් භාසුර)

ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වැඩවර්ජනයේ යෙදී සිටි දුම්රිය රියදුරන් අතර සාකච්ඡාව සාර්ථකවීමෙන් පසු වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය රියදුරෝ පැවසූහ.

වැඩ වර්ජනය අවසන් වුවද අද පස්වරුවේ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්වයට පත් නොවන බවත් හෙට උදෑසන සිට දුම්රිය ධාවනය සාමාන්‍ය අතට පත් වනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 

(ඡායාරූප: ශාන්ත රත්නායක)