(ගයාන් සූරියආරච්චි)
අවිස්සාවේල්ල තුම්මෝදර ප්‍රදේශයේදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් දුම්රිය මාර්ගයක ධාවනය කළ සැකකාර රියැදුරු අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
රත්නපුර කොළඹ මාර්ගයේ තුම්මෝදර ප්‍ර දේශයේ පැවැති රථවාහන තදබදයක් පවතින අවස්ථාවක සැකකරු අන්තරාදායක ලෙස බස් රථයක දුම්රිය මාර්ගයක ධාවනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (2) අවිස්සාවේල්ල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
මිනී මැරීමට තැත් කිරීම, රියැදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය හා රජයේ දේපොළවලට හානි කිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගයාන් තමුන්ට පිස්සුද ඒ බස් එක දුම්රිය මාර්ගයේ ධාවනය කර තියෙන්නෙ පුවක්පිටියේ සිට මිසක් තුම්මෝදර නොවෙයි ඇඹිලිපිටිය කොළඹ බස් කිසිදාක තුම්මෝදරට යන්නෙ නම් නැහැ
ඒ මනුස්සයාට තියෙන චෝදනා ගොඩ !! මේ වගේ තව කොච්චර ඇත්ද ? නළාව හයියෙන් ගහගෙන තරඟෙට පාරෙ යන අසංවර රියදුරන්
මුන් නම් මිනිස්සු වෙන්න බැහැ. එහෙම නොවේ නම් මුන්ට අමු කැවිලා
මෙම රියැදුරා ගේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීම කර ඇත්තේ බී මතින් රිය පැදවීම නිසා. බලපත්‍රය අක්‍රිය කල රියැදුරා සේවයේ යෙදවූ බස්රථ අයිති කරු ගේ ධාවන බලපත්‍රය අහෝසි කල යුතුයි. එය ප්‍රවාහන නීති සංග්‍රහයේ එන වගන්තියකි. එය සිදුවීමට සම්භාවිතාව ඉතාම අඩු අගයක් වෙන්නේ, බස් අයිතිකරු නාකි මයිනා, පොඩි මයිනා සහ කපුටා ගේ සමීපතයෙක් වීම. අධිකරණ ක්‍රියාවලිය හරි ආකාරව ඉටු වේ යැයි සිතමි
මම නම් කොහොමත් දැනගත්තා මූ කුඩු ගහලා ඉන්න ඇත්තේ කියලා.භාගෙට භාගයක් කොන්දොස්තරලා රියදුරෝ පුද්ගලික බස් වල කුඩු ගහලා ඉන්නේ.මුන් වෙනමම සත්තු කොට්ඨාශයක්
කැට තියලා කියන්නම්.ඔය යකාටවත් ,බස් හිමියාටවත් මුකුත් වෙන්නේ නෑ .තව සති කිහිපයකින් අගේට ආපහු එලවන්න පටන් ගනී .ලංකාව එපා වෙන්න් වෙන හේතු ඕනද ?