දුම්රියෙන් ගමන් කරමින් සිටියදී වනවාසල - කැළණිය අතර දුම්රිය ස්ථානයේ දී පිටතින් එල්ල වු ගල් ප්රහාරයක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි කේ.ඒ.පුෂ්පකුමාර (49) පෙරදින රාත්රී මිය ගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
ඔහු උතුරුමැද පළාතේ විභාග සම්බන්ධීකරණ නිලධරයකු ලෙස සේවය කළේය.
COMMENTS
මේක නම් සහ ගහන අපරාධයක් . (ම)
මේ වගේ රටකනේ අපිත් ඉපදුනේ,,, (ම)
කවුද දෙවියනේ මේ අපරාධය කළේ? (නි)
කවුරු මොනවා කිව්වත් ලංකාව කියන්නේ තවමත් ගෝත්රික මිනිසුන් ජිවත් වෙන රටක් මොරටුවේ සිට අලුත්ගම දක්වා හැමදාම දුම්රියට ගල් ගහනවා (බ)
රටේ නීතිය 100% සාධාරණව ක්රියාත්මක වෙන දවසක් උදාවේවා! මමත් දුප්පත් දුම්රියේ යන මගියෙක්. (නි)
මිනිස්සු මේ ගල් ගහන්නේ රටේ පොදු සම්පතට නේද? ඒ ගහන ගලින් ජීවිත නැතිවෙන්නේ අහිංසක මිනිසුන්ගේ නේද? දහමක් හිත්වල නැතිවුණාම එහෙම වෙනවා (නි)
දුම්රිය මාර්ගවල දෙපෙත්තෙන්ම අටවල තියන මුඩුක්කු වලින් තමයි මෙවෙනි දේවල් සිද්ධ වෙන්නේ ... දුෂණයෙන් පිරිණු මෙවෙනි ජීවිත රටාවන් .. දුම්රිය මාර්ග අසලින් ඉවත් කළ යුතුයි ... (බ)
පාද යාත්රාවට ගිය කෙනෙක් ද දන්නේ නැහැ (බ)
ලංකාව වගේ මෝඩ මිනිස්සු ගොඩක් ඉන්න රටක ජීවිතය බේරාගෙන ඉන්න එකත් වාසනාවක්... (නි)
මිනිස්සු මොනතරම් වනචාරීද? අපරාදේ ජීවිතයක්! (නි)
මොනතරම් අවාසනාවන්ත සිදුවීමක්ද? (නි)
හරිම කණගාටුදායක පුවතක් (නි)
මෙහෙමත් විකෘති මානසිකත්වයක් තියෙන මිනිස්සු මේ රටේ ඉන්නවනේ? (නි)
මග දෙපස සියලු අනවසර නිවාස ඉවත් කරන්න (ම)
මගේ රටට මක්වෙලාද? මිනිස්සු තනිකරම ම්ලේචච ජාතියක් වෙලා.අනේ මේ වගේ අපරාධයක් කලේ මොන හිතකින්ද.රටේ සාරධර්ම බල්ලාට ගිහින්.මෙම සාපරධිත අනතුරෙන් මියගිය සහෝදරයට නිවන් සුව අත්වේවා.(ම)
මේ වගේ උන් තනිකරම මානසික ලෙඩ්ඩු, (ම)
මානසික අතින් පිරිහුණු මිනිසුන්ගේ වැඩ (නි)
මෙවන් අවාසනාවන්ත දේ යළි අසන්නට නොලැබේවා! (නි)
කැලණියේදී ගල් වැදුනා නම් අැයි අනුරාධපුරේ හොස්පිටල් එකට ගෙනියන්නේ? එතකන් ලෙඩා හිටියේ කෝච්චියේද? (බ)
මට ලොකු කණගාටුවක් දැනුනා මේ පුවත අහලා (නි)
මේක පළමුවෙනි සිද්ධිය නෙමේ මේ වගේ සිද්ධ වුණ වනචාරීන් ජීවත් වෙන රටක් (බ)
මේ වගේ අහිංසක ජිවිත නැතිවෙනතුරු ඉන්නෙ ඇයි? යහපාලනය මොකද කරන්නේ? (නි)
තිරිසන් මිනිස්සු! පව්, මේ මනුස්සයා ගැන දුකයි (නි)
අවාසනාවන්ත මරණයක්. හරිම දුකයි (නි)
තිරිසනුන් මෙවැනි අපරාද කරන්නේ නැහැ. මේවා කරන අය තිරිසනුන්ට වැඩා පහත් ජාතියක්. (ර)
නොමිනිසුන්ගේ තිරිසන් වැඩවලට ඔහු මුහුණ දුන්නේ. ඔය වගේ මිනිසුන්ට ස්වභාව ධර්මයාම දඬුවම් දෙන්න ඕනෑ. (නි)
මෙවැනි තොරතුරු - සිදුවීම සිදු වූ ස්ථානය අවට ප්රදර්ශනය කළ යුතුයි මේ අමන කටයුත්ත කරපු එකාට පෙනෙන්න. (ම)
ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා කිවුවට අන්තයට පිරිහිච්ච රටකයි අප ජීවත් වෙන්නේ. අපේ රට මේ වලෙන් කවදා ගොඩ එයිද? (බ)