( මහින්ද නිශ්ශංක )
සාමාන්‍ය කාලසටහනට අනුව අද (18) සිට දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන් පෙරේදා (16) මධ්‍යම රාත්‍රීයෙන් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කිරීමෙන් අනතුරුව දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයට වාර්තා කිරීම ආරම්භ කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.
දුම්රිය ස්ථානාධිපතිවරුන් බදවාගැනීමේ හා උසස්වීම් ක්‍රියාවලියේ පවතින ගැටළුවලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා වර්ජනය ක්‍රියාත්මක කළ අතර එම ඉල්ලීම්වලට විසදුම් ලබාදීම සදහා ආණ්ඩුවට ලබන බදාදා දක්වා කල් ලබා දෙන බව සභාපති සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ධාවනය වර්ජනය ක්‍රියාත්මක වූ කාලය තුළ දුම්රිය ගමන් වාර 80 ක් 100 ත් අතර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි
Nimal 1 Sunday, 18 May 2025 12:18 PM
නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ. මේ කාලකණ්ණි රාජ්‍ය සේවකයින්, තම සේවා දායකයින් වෙත දක්වන සැලකිල්ල මේ... මොවුන්ට කිසිම ඉල්ලීමක් නොදිය යුතුයි.