මැදවච්චිය දුම්රිය පොළ අසල උද්‍ඝෝෂණයකින් දුම්රිය ධාවනයට බාධා කිරිම හා මගීනට හිරහැර කළැයි කියන දුම්රිය ගේට්ටුකරුවන් හත්දෙනෙකු අනුරාධපුර හා කුරුණෑගල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
දුම්රිය ආරක්ෂක හමුදාව අද (04) ඔවුනට නඩු පැවරිනි.
මැදවච්චිය දුම්රිය පොළ අසල උද්‍ඝෝෂණයකින් දුම්රිය ධාවනයට බාධා කිරිම හා මගීනට හිරහැර කළැයි කියන දුම්රිය ගේට්ටුකරුවන් හත්දෙනෙකු අනුරාධපුර හා කුරුණෑගල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
දුම්රිය ආරක්ෂක හමුදාව අද (04) ඔවුනට නඩු පැවරිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොඳ වැඩක්. මේක රියදුරන්ට ඇතුළු සියලුම දෙනාට අදාළ කරන්න. වර්ජන කරන දවසේ පඩිය ලැබෙනවා, දුම්රිය ධාවනය කළත් නැතත් බලධාරීන්ට අදාළ නැහැ. (නි)
හිටපු ඇමතියෙක් බුරුතු පිටින් සේවකයක් ඉස්පිරිතාලවල දාලා තියනවා.එයාල එක්ක කතා කරපුවම දොස්තර මහත්තුරුන්ටත් වඩා ඉහලයි. අනියම් කම්කරුවෝ. ගමනාගමන ඇමති එයාට ඡන්දෙදි වැඩ කොරපු අයට දිගට හරහට දුම්රිය දෙපර්තමෙන්තුවෙයි, ලන්ගමෙයි රස්සා දීල ඒ ආයතන කාල දැම්ම. දැන් ඒ පරපෝෂිත ජනතා ද්‍රෝහීන්ගේ ඇම්බැට්ටයෝ තව තව වරප්‍රසාද ඉල්ලනවා. යුනියන්කාරයනුත් එක්කම මෙයාලව පන්නා දමා ජනතාවට බර නොදී මේ ආයතන සුද්ධ කරන්න. ඇමතියට වැඩ කරනඅයට රස්සා දෙන වා නම් ඇමතිගේ සාක්කුවෙන් උන්ට ගෙවන්න කියන්න. අපට ඔය පරපෝෂිතයන්ගේ බර අදින්න ගායක් නැහැ! (අ)
ඉදිරියේදී මේ වගේ ඉදිරියට එන බොහෝදෙනෙක් ඉන්නවා. පාසල් කම්කරුවන් මේ වගේ පිරිසක්. ඔවුන් දැනට කරන්නේ අත්සන්කර ගෙදර යන එක. කාලෙකින් ඔවුන් ගුරු තනතුරු ඉල්ලලා වර්ජන කරාවි. අධ්‍යාපන බලධාරීන්ට හෝ විගණන නිලධාරීන්ට මෙහි සත්‍යතාවය වටහාගත හැකිවේවි. (නි)
මොවුන්ගෙන් බොහෝ දෙනා දේශ පාලන ගැතී කම් කොට අනියම් පත්වීම් ලබාගෙන, ඇතුල් වුනාට පස්සේ යුනියන් අල්ලාගෙන දුක් ගැනවිලි කියන මුවාවෙන් ජනතාවට තවත් බර පටවන්න සිතති. දුක්ගැනවිලි තිබෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටය. ඒවාට කන් දෙන්න කවුරුවත් නැත. දිවයිනේ සමහර රේල්ගේට්ටු කාරයන්ට කරන්න පූර්ණ කාලීන සේවයක් නැත. අසාධාරණ හූනියන් කාරයාත් සමග මේ පිරිස ඉවත් කොට කොන්දේසි මත අලුත් පිරිසක් බඳවා ගන්න.ඇමැතිතුමාලා බුරුතු පිටින් බඳවා ගන්න `උපදේශක නඩයත් ` ස්ථිර කරන ලෙස උද්ඝෝෂණ කෙරුවොත්.. සිංහලයා මලා!(රේ)