අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග පිළිබඳ වහාම වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මානව හිමිකම් කොමිසම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හා ප්‍රවාහන අමාත්‍යංශයෙන් ඉල්ලයි.
පසුගියදා දුම්රිය අනතුරුවලින් සිදවූ ජීවිත හානි සැළකිල්ලට ගෙන ආරක්ෂක පියවර ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන බව කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මහතා පවසයි.
අනාරක්ෂිත දුම්රිය මාර්ග ගේට්ටු සවි කිරීම සඳහා 2012 සිට රුපියල් සිය කෝටියක් පමණ වෙන් කර ඇතැයි ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධෙ තියෙනකල් හිඟන්නාගේ තුවාලේවගේ ඒකෙන් වවාගෙන කෑවා. මෙයාලා ඕවා නැවත්තුවොත් එයාලාගේ අනාගත මුදල් උල්පත් වැසීයනවා. ඉතින් එයාලට ඕන හැමදාමත් ඔය ප්‍රශ්න ඔය විදියටම තියන්න. මිනිස්සු වැඩියෙන් මැරෙනකොට එයාලට වැඩියෙන් ප්‍රතිපාධන. මැති ඇමතිවරුත් දන්නෙ නැතිව වගේ ඉන්නවා. මොකද එයාලා ඕවා නැවත්තුවොත් එයාලට කොමිස් දෙන්නේ කව්ද? ඕක තමා ගොඩාක් ආණ්ඩුවේ ආයතනවල තියෙන කෙළිය.(නදී)
අපේ දේශපාලකයන් දේශප්‍රේමය ගැන කෑ ගගහා රට වටේ දුවනවා, රටින් ගෙනාපු පැජෙරෝ ප්‍රාඩෝ වල නැගලා. අපේ රටේ නව සොයාගැනීම් සහ දේශීය නිපැයුම් වලට කිසිම තැනක් දෙන්නේ නැහැ. ඔය ගේට්ටු රටින් ගෙනත් ටික දවසකින් අහක දමන්න වේවි අමතර කොටස් නැහැ කියලා. කරුණාකර ඉක්මනට මිල අඩු උණ බම්බු ගේට්ටු ටිකක් සවි කරන්න. පස්සේ පුළුවන් නවීන තාක්ෂණය ගැන කතා කරන්න (නි)
ඇයි අපේ අය නව නිර්මාණ කොමිසමෙන්වත් ඔය ගැන අහලා හොඳ එකක් තෝරා නොගන්නේ? (දී)
දුම්රිය ගේට්ටු වලට වෙන්කළ මුදල් යකඩ යකා කාලද? කාපු යක්කුන්ව කෝච්චියට යටකරපල්ලා.(නදී)
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 800 ක් තිබෙන බවක් මින් පෙර කිසිවෙකු සඳහන් කළා. එය නිවැරදිනම් එක ගේට්ටුවකට රුපියල් ලක්ෂ 6ක් පමණ ලැබෙන නිසා ඉතාමත් අනර්ඝ තත්වයේ ගේට්ටු සවිකල හැකි බව පැහැදිලියි. ඒඅනුව මේ මුදලින් ස්වයංක්‍රීය ගේට්ටු සවිකිරීමට හැකියාව තිබීමෙන් මාසික වැටුප් ගෙවා සේවකයින් නඩත්තු කිරීමට යන වියදමත් ඉතිරි කරගත හැකියි.(නදී)
ආ එහෙම ගේට්ටු දාන්න සල්ලි පාස් උනා නම් දුම්රිය ලොක්කන්ගේ හා එයට අයත් අමත්‍යංශයේ හා දෙපාර්තමෙන්තුවේ ලොකු ලෝක්කන්ගේ ගෙවල්වල ගේට්ටු දාගන්න පාස් කරගෙන ඇති. මොකද සල්ලි ආණ්ඩුවෙන් පාස් කරන්නේ එයාලටනේ මජනයාට මොන බම්බුවක් වත් නැහැ.(නදී)
සල්ලි නිකම් තිබිලා වේයෝ කාලා වෙන්න ඇති. අයියෝ සල්ලි කාගේ සක්කුවේද බලන්න ඕනේ.(නදී)
2012 සිට සිය කෝටියක පමණ මුදලක් දුම්රිය ගේට්ටු සවිකිරීමට වෙන්කළානම් ඒ මුදලට මොකද වුනේ. මේ විෂය බාර ඇමතිලා ඒ සල්ලිවලින් රට ගිහිල්ලා විනෝද වුනාද? විඝනාකාධිපතිලා මේකට මොකද කියන්නේ. දුම්රිය ලොක්කෝ මොකද කියන්නේ. පුදුම රටක් තමයි ලංකාව.(නදී)
මානව හිමිකම් කොමිසමටත් ගානක් දෙන්න එපායැ.(නදී)
රටේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වලට ගේට්ටු යොදන ක්‍රමයක් හොයාගන්න බැරි බලධාරීන් රටේ ඊට වඩා ලොකු ප්‍රශ්න විසදයි කියලා හිතන්න පුලුවන්ද???? (නි)
ගේට්ටුවක් දැම්මොත් මිනිහෙකුත් ඉන්න එපායැ ගේට්ටුව වහන්නයි අරින්නයි එහෙම නේද? එහෙනම් ගේට්ටු දාන තුරු මිනිහෙක්ව රතු කොඩියක් සමග තියමු කෝච්චිය එන වෙලාවට වනලා වාහන නවත්වන්න.(නදී)
දැන්වත් ඔවුන්ගේ ඇස් කන් ඇරෙයිද?(නදී)
වෙන් කළ මුදල් බළධාරීන්ගේ සුඛ විහරණය දුමිරිය දාවනයට යොදා ගෙන ඇති.(නදී)
මේ ඉන්න උන්ට කියන්න වචන නැහැ මටනම් ...? ඔය කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ඉතුරුවෙන්න ඇති ....? දුප්පත් අපි හැමදාම මහා පාරේ ....? (අ)
මන් ඉන්නේ ස්වීඩන්වල , මෙහෙත් 600 ක් විතර ගේට්ටු නෑ. 3-4 මැරෙනවා අවුරුද්දකට. (අ)
හෙට අනිද්දා ලංකාවේ වෙසිකිලි වලටත් මානව හිමිකමකාරයෝ බහීවි. මොකද ගොඩක් මහජන වැසිකිලි වල දොරවල් නැහැ. තිබුනත් වහන්න දෙයක් නැහැ. මේ මානව හිමිකම්කාරයෝ අපේ රටේ මානව හිමිකම් ගැන හෙවුවට කෑ ගෙහුවට බලවත් රටවල කඩ වන මානව හිමිකම් ගැන කිසි කතාවක් නැහැ (දී)
අර ඩොක්ටර්හදපු ලක්ෂ 10 කින් සවි කරන්න පුළුවන් ස්වයංක්‍රිය ගේට්ටුවට මොකද කරේ අපේ අයට කොමිස් නෙති නිසා ලක්ස 40 ක් වියදම් කරලා රටින් ගේට්ටු ගේනවා. (අ)
මාතර මහත්තයෙක් Rs 50000 ට ස්වන්ක්රීය ගේට්ටු හැදුව නේද?.... අනේ මේවා මාදයෙන් වත් මතක් කර දෙන්ඩ...කීපදෙනකුට රස්සවලුත් හම්බවෙනවා. නව නිර්මාණ වලට අත හිත දෙන්ඩ.. (අ)
සුද්දන්ට පින්සිද්ද වෙන්න රේල්පාරවල් ටික දාලා දුන්න එකේ , අපේ පාලකයන්ට අතුරු ගේට්ටුවක් දාගන්නවත් වත්කමක් නැද්ද ? කතා කරන විට නම් සියල්ලම සම්පුර්ණ වෙලා අවසන් (දී)
ලංකාදීපයෙන්වත් අර දොස්තර හදපු ගේට්ටුව ගැන ඇමතිගේ මතය අහන්නකො ජනාධිපතිට වත් කියන්න. මෙහේ මිනිස්සු මැරෙනවා ලොකු ලොක්කෝ කොමිස් ගහන්න විදිහක් හොයනවා.(නදී)