( ක.ග කරුණාරත්න,චාපා මධුභාෂිණි සහ ඩබ්ලිව්.ඒ පියතිලක )
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ ඉන්ධන රැගත් දුම්රියකට අද (18) අලුයම 4.30 ට පමණ හබරණ පලුගස්වැව පුවක්පිටිය ප්‍රදේශයේදී දී අලි රංචුවක් හැපීම නිසා දුම්රිය පීලි පැන පෙරළී ගොස් ඇතැයි හබරණ පොලිසිය කියයි.
මේ අනතුරින් ගැබ්බර ඇතින්නක හා ඇගේ කුස සිටි පැටියාද තවත් අලියෙ දෙදෙනකු ද මියගොස් ඇත.
අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි. හබරණ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ අලින්ට මහා නරක කාලයක් එක්කො මරනවා නැතිනම් කෑම සොයා යද්දි මේ වගෙ අනතුරු සිදුවෙනවා. අලි ටික නැත්තටම නැති වෙලා යනකම් කව්රුත් ඇහැක් ඇරලා බලන්නෙ නෑ. රටේ පාලකයොයි හිටපු අයයි රට කනව මිසක් මේවනතුරු රටේ ජාතික සම්පත් ගැන නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලත් නැහෑ කරන්නෙත් නැහෑ.
දවසින් දවස වන සතුන් රංචු පිටින් විනාශ වෙමින් පවතී ,ඇමතිවරුන්ට හෝ රටේ නායකයාට වගේ වගක් නැත, අපි ඔවුන්ගේ කජු කතා රසවිදිමින් සිටිමු...
දැන් කියයිද දන්නේ නැහැ අලි ටික "ස්විසයිඩ්" කරගන්න ආවා කියලා
මේ රටේ පාලකයන්ට තේරෙන්නේ නැද්ද මේ සත්තුන්ට එහා මෙහා යන්න හැකිවෙන විදිහට ඔය සත්තු ගැවසෙන ඒ අලි මංකඩවල් වල පාලම යොදන්න ඕනෙයි කියලා. මහජන බදු වලින් යැපෙන ඇමතියෙකුයි, නියෝජ්‍ය ඇමෙතියෙකුයි ඉන්නවා නේද වනජීවීන් සම්බන්ධව. අමාත්යන්සේ පුටු රත් කරනවා හැර මොනවද ඔවුන් කරන සහ කරපු සේවය.
මේ ප්‍රදේශයේදී දුම්රිය හෙමින් යන්න ඕනේ . රියදුරුගේ සම්පුර්ණ වරද
තෙල් හොරකම් කරන අතරේ ගින්නක් ඈති උනානම්, කොච්චර විපතක්ද? මේ වගේ දෙයක් පකිස්තානෙ වෙලා 500 එහා මෑරුනා. පසුගිය සුමාන 2 අතරේ අලි ඈතුන් 15 වෑඩිය මෑරුන නිව්ස් පලවුනා. අලින් මේ රටේ ඉපදුනෙ උන්ගේ පෙර කරුමයකට. දුම්රියට අවම වේගයක් දාන්න අලි මන්කඩ පෙදෙස්වලදි.
අලි හතරක් හැප්පෙනකල් කොච්චර හයියෙන් යන්ඩ ඇතිද? අපේ සම්පත් ගැන තැකීමක් නැති මෝඩයෝ .
දුම්රිය වේගය කොතරම්ද මෙම විපතින් හිතා ගත හැකී. අවම වසයෙන් අලි මංකඩවල් පිලිබදව නොදන්නා රියදුරෙක් බවනම් පැහැදිලියි.
මේ ප්‍රශ්නෙට විසදුමක් හෙයාගන්න තාම නොහැකිවීම පාලකයන්ගේ නොහැකියාවට හොද උදාහරණයක්... දිනෙන් දින රටේ සෑම සම්පතක්ම මෙලස විනාශවීමට ඉඩදිය යුතුද ?
තව ටික කලකින් ඔහොම දේවල් වෙන්නේ නැහැ අලි ටික වඳ වුනාම.
මේ තරම් ව්‍යසනයක් වෙලා තිබියදීත්, තුන්වෙනි පින්තුරයෙන් දැක්වෙන්නේ, තුන්වෙනි ලෝකයේ රටක නියම ස්වභාවයයි. දුම්රියක් කොතරම් සෙමින් ගමන් කලයුතුද? මා සිතන්නේ මෙයට ඇති හොඳම පිළියම නම් යෝජිත අලි වැට ඉදි කිරීමයි. නමුත්, යථාර්තය නම් එයින් 100% අලින් අනතුරට පත්වීම වැලැක්විය නොහැකි වීමයි.
තවත් රියදුරු ඉල්ලීම් දෙන්න, වර්ජන කර ලබාදුන්න වැටුප් නිසා සිදුකල තවත් වැරදි ක්‍රියාවකි.