කොළඹ-මඩකලපු තැපැල් දුම්රිය මනම්පිටිය පසු කරද්දී වල් අලියෙක් ගැටුණේය. අලියා මරුමුවට පත්විය. මේ පාරේ අලින් එහා මෙහා යන නිසා වේගයද අඩුකැර සෝදිසියෙන් දුම්රිය ධාවනය කරන ලෙස රියැදුරනට උපදෙස් දී ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ සම්පත් ටිකෙන් ටික නැතිවෙලා යනවා. (නි)
රජයේ රියැදුරන් හරියට වැඩ කරන්නේ නැහැ. (අ)
අලින්ට මාරුවෙන්න දුමිරිය පාර උඩින් දාල දිගට විදුලි වැටක් ගහලවත් බැරිද මේ සත්තු ටික බේරගන්න. අලිමංකඩ තියෙන තැනවලින් දුම්රිය උඩින් යවන්න අලින්ට යටින් මාරු වෙන්න පුලුවන්නේ (අ)
සද්දන්තයෙකුගේ අවසානය
මොනවා වුණත් වගකිවයුත්තන් බලධාරීන්ම තමයි. (නි)
සද්දන්තයා කියන්නේ මොනතරම් වටිනා සතෙක්ද? ළගදීම උන් රතු දත්ත පොතට ඇතුලු වේවි. (නි)
කෝච්චියට රියදුරන් ගනිද්දී අවිහිංසාවාදය උගන්වන්න ඕනෑ. (නි)
අපේ රටේ අලි ඉතා විශාල වශයෙන් මිය යනවා..! මේවට වගකිවයුත්තන් නැතිද? (නු)
මේ අලියා වතුර හොයාගෙන යන්න ඇති. මේක මොන තරම් අපරාධයක්ද? ඇයි මේකට දුම්රිය දෙපාර්තමේන්තුව, වන සත්ව ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් කට්ටිය එකතුවෙලා විසඳුමක් ගේන්නේ නැත්තේ? දුම්රිය රියදුරා ඇයි හෙමින් ගියේ නැත්තේ, එහෙම උපදෙස් දීල තියෙනවා නම්. රියදුරාට විරුදධදව පරීක්ෂණ කරනවා නම් අඩු වශයෙන් ඒ ගොල්ල මේ ගැන උනන්දු වේවි. (නි)
වන ජීවී ඇමතිතුමාට වෙන වෙන වැඩ ගොඩක් තියෙන නිසා එයාට මුකුත් කියන්න එපා. (නි)
ජිවිතයක් නේද මේ
නැත්තටම නැතිවූ දවසට තමයි අගය දැනෙන්නේ. (නි)
අශාන්, අලියා වාඩි වෙන්නේ මොලේ උඩ . ඒකයි ප්‍රශ්නේ (ස)
දුම්රිය රියදුරන්ට බනින අය කරුණාකර මුතුකුඩ මහතාගේ අදහස කියවා බලන්නකෝ. හැම දේටම කවුරුහරි වැරදිකාරයෙක් හොයලා වැඩක් නැහැනේ. අලි පනීවි කියා බයට ගාට ගාට යන්න තියා ගත්තොත් මගීන් එකතුවෙලා රියදුරා මරා දාවි. දුම්රිය හෝ වනජීවී බලධාරීන් පරීක්ෂණ පවත්වා ලබාගතයුතු නිගමනයක් ප්‍රියන්ත වගේ අය පේලි තුනහමාරක පුවතක් කියවා ගෙදර සිටම ලබාගන්නා අපූරුව අපටත් කියා දෙන්නකෝ.. (ස)
පව් අහිංසක සත්තු . අලියා කියන්නේ අපේ රටේ මිල කල නොහැකි සම්පතක් .අපි සතුන්ව රැක ගන්න ඕනි . හැම සතෙක්ම අපිට සම්පතක් (ස)
පසු ගිය මාසේ 14 දිනත් මඩකලපුවෙන් කොළඹ ඒන රාතී තැපැල් දුමිරිය ට අලියෙක් හැපිලා මැරුණා, දුමිරිය පීලි පැන්නා සිල්බර කොට 250 වඩා විනාශ වූ බවත් ඒම තැපැල් දුමිරිය නැවත ගමන් ආරමීභ කළේ පසුදා උදය 7. 20 ට පමණය මෙය සිදුවුණේ දිවුල්වැව ප්‍රදේශයේදීය තැපැල් දුමිරිය වේගයද අඩුකර ධාවනය වූවා නම් මගීන් අතරමග රස්තියාදු වන්නේ ද නැත දුමිරිය මාර්ගය ට හානි වන්ෙන් ද නැත අලියා මිය යන්නේ ද නැත (ස)
අයියෝ සල්ලි
මමත් හිතන්නේ මෙම දුම්රිය මාර්ග කොටස වසාදැමීම සුදුසුයි. (නි)
රියදුරා සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා නිසි දඩුවම් දියයුතුයි. (නි)
අපේ රටේ තියන මහපරිමාණයේ අනවශ්‍ය වියදම් කපාහැර හෝ සමස්ත ලංකාවේම රටවෙනුවෙන් තේරීපත්වුණු අයගේ මසක වැටුපක් පරිත්තියාග කලොත් අවශ්‍ය සියලු ස්ථානවලට අලිවැට ගසා නිමකලහැකිවේ(නු)
ලෝකයේ ලස්සනම අලියා ඉන්නේ ලංකාවෙයි. ප්‍රවේශමෙන් මෙම ජාතික සම්පත රැකගත යුතුයි. (නි)
අලියා කියන්නේ මොන තරම් වටිනා සතෙක්ද ? දැන් දවසගානේම අලි මැරෙනවා (ස)
හේමන්ත ඔබ හරි (ස)
රටේ අවාසනාවද ? සතුන්ගේ අවාසනාවද ? කියලා මට තේරෙන්නෑ (ස)
සුන්දර පරිසරය ලස්සන වැඩි කරන අපේ අලි රැලට අයියෝ කාගේ සරණ (ස)
උපදෙස් දුන්නාට කල්පනා කරන්න මොලේ තියෙන්න එපා (ස)
කැලේ රජා සිංහයානේ.!(නු)
තනිකරම දුම්රිය රියදුරා මේකට වග කියන්න ඕන.. ඒත් ඉතිං මොනවත්ම කියන්න බැහැ වර්ජනය කළොත් එහෙම...!(නු)
මුලු රටේම ඉන්න සත්තු මැරි මැරී යනවා.. මෙයලා ආරක්ෂක වියදම් වලට.. බිලියන ගනන් වෙන් කරනවා.. පව් අහිංසක සත්තු.. (නු)
වේගයද අඩුකැර දුම්රිය ධාවනය කරන ලෙස රියැදුරනට උපදෙස් දී තිබියදීත් මෙවැනි අවාසනාවන්ත සිදූවීම් තුලින් පෙනී යන්නේ රියදූරන්ගේ නොසැළකිල්ල නිසාම නිසි උපදෙස් පිළි පදින් නැතිබවයි. මින් ඉදිරියටවත් මෙවැනි විපත් අවම කර ගෙන යම් ක්‍රියා මාර්ග ගැනීමට ඉහළ බළධාරින්ගේ නූවන පහළ වේවා...! (නු)
මේ නැති වෙන්නේ අපේ සම්පත් .(ස)
අපි අද ඉදලා හරක් ගැන කතා නොකර අපේ ඉන්න අලි ටික රැකගන්න බලමු. (නි)
මේ අදහස් සියල්ල සළකා බැලූ කල පෙනීයන්නේ මෙම දුම්රිය මාර්ගය මෙම ප්‍රදේශයෙන් ඉවත් කළයුතු බවයි. (නි)
දුමිරිය කියන්නේ වෙනත් වාහන වාගේ හිටිගමන් නවත්වා ගතහැකි වාහනයක් නොවේ. එම නිසා මෙය රියදුරුගේම වරද කියන්නට පුලුවන් කමක්නැත. තිරිසන් සතාද කිසිවක් නොදනී. හිටි අඩියේම රේල්පාර මැදට පැමිණීමෙන් මෙවැනි විපත් සිදුවීම නොවැළැක්විය හැකිය. එවිට අලියාත් අසරණය. රියදුරුත් අසරණය. මෙවැනි අභාග්‍යය සම්පන්න සිදුවීම් සිදුනොවීමට නම් මේ සම්බන්ධව දුරදර්ශීව සිතාබලා කටයුතු කිරීම වගකිව යුත්තන්ගේ ප්‍රධාන වගකීමක් වනු ඇත. (නි)
අලි භාෂාවෙන් දුම්රිය යන එන වෙලාවල් ලියලා බෝඩ් එකක් ගහන්න ඕන..!(නු)
අනේ පවු. වතුර නැතුව දුක් විදලා වැස්ස පටන් ගත්තා විතරයි. (නි)
අහිංසක සත්තුන්ගෙ අගේ තේරෙන්නෙ වඳ වෙලා ගියාට පස්සෙ තමා. (නි)
අලි වැටක් සවිකළොත් නරකද, අවශ්‍යම තැන් බලලා. මොකද මේ සීමාවේ හැමදාම අලි ගැවසෙනවනේ. මේ මිහිතලය මිනිසාට වගේම සතා සිවුපාවටත් ස්වභාවයෙන්ම උරුමකරලා තියෙන්නේ. (නි)
සතෙක් උනත් ජිවිතයක්