
(රංජිත් රාජපක්ෂ සහ ප්‍රසාද් රුක්මල්)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ගත් විදේශිකයෙකු දුම්රිය උමගේ ගැටි (03) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.
උඩරට මැණිකේ දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කල විදේශිකයා (03) දින පස්වරු 4 ට පමණ මෙසේ දුම්රිය උමගේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇත.
නානුඔය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන දෙක අතර 19 දුම්රිය උමග අසලදි විදේශිකයා උමගේ ගැටි ඇති බවත්, මියගිය විදේශිකයාගේ සිරුර එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් හපුතලේ දුම්රිය ස්ථානය දක්වා රැගෙන ගොස් ඇති බවද එම නිලධාරියා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමන් කරන දුම්රියේ පාපුවරුවේ එල්ලිලා ඡායාරූප ගන්න එක මෝස්තරයක් වෙලා, මේ විකාර වැඩ නිසා ජීවිත නැතිවෙනවා..
රු.8000ක් ගෙවා ලබාගත් දුම්රිය ටිකට් එක කිසිදු වටිනාකමක් නැත. අපිරිසිදු අප්‍රසන්නයි. මාර්ගය පිලිබද විදේශිකයන් කිසිදු දැනුවත් කිරිමත් නැහැ , මේ අනතුර එහි ප්‍රතිඵලයක් . ඒ වගේම ඇල්ල දුම්‍රිරිය ස්තානයේ අක්‍රමවත් බව හා සේව්‍ය කරන අය හරි අකාරුනිකයි
දෙමෝදර දුම්රිය ස්ථානයේ ඉන්න නිලධාරීනුත් හරිම අකාරුණිකයි. කිසි සැලකිමත් නැග ටිකට් එක ගාන වැඩි වුනත් හරිම අපිරිසිදුයි
බොහොමයක් දුම්රිය ස්ථාන කාර්යය මණ්ඩල හැසිරීම අන්තිමයි,
මරුවාට සමච්චල් කරන්න වගේ, වවුලෙක් මෙන් දුම්රිය පාපුවරුවේ එල්ලී සෙල්ෆි ඡායාරූප ගහමින් සිය අවසන් ගමන ශ්‍රී ලංකාවේ සිදුකළ මෙම මැටි මොල් සංචාරකයාගේ වැරැද්ද ගැන විවෙචනය කරනවා වෙනුවට අපේ කමෙන්ට් කරුවන් අපෙ දුම්රිය ස්ථාන, දුම්රිය සෙවකයන් පතුරු ගහන බව පැහැදිලිවම පෙනෙනවා... මෙම විදෙස් සංචාරකයාගෙ රටෙත් මෙවැනි අන්දමට පාපුවරුවේ එල්ලී සෙල්ෆි ගහමින් යන්න බැරිබව මෙම කමෙන්ට් කරුවන් නොදන්නා බව පැහැදිලිවම පෙනෙනවා!!! බනින්න ඕන අයට සාධාරණ විදියට බෙරිහන් දෙන්න....
පාපුවරුවෙන් එලියට ඇලවෙලා පින්තුර ගන්න සහ රේල් පාරේ අනවසර ලෙස ඇතුළුවෙලා පින්තුර ගන්න සංචාරකයෝ සහ දේශීය මග පෙන්වනන් සහ වෙළෙන්දෝ නිසා බොහෝවිට උඩරට ප්‍රදේශයේදී රියදුරන් දුම්රිය ධාවනය කරන්නේ ඉතා හෙමින් , බදුල්ල , ඇල්ල ,දෙමෝදර වැනි දුම්රිය ස්ථානවල සේවකයන් බොහෝ දෙනෙක් නිතරම මාන බලන්නේ සංචාරකයන්ගෙන් කියක් හරි කඩා ගන්න ,සමහර වෙලාවල් වලට මොවුන් කීයක් හෝ ලබාගෙන සංචාරකයෝ රියදුරු කුටියේ පවා ප්‍රවාහනය කරනවා , මේවා ඉතා භයානක නීති විරෝධී වැඩ ,රාජකාරිය , දෙපාර්තමේන්තුවේ නීති රෙගුලාසි මේගොල්ල ක්‍රියාත්මක කරන්නේ නැහැ , එම නිසා දුම්රිය ප්‍රමාදවීම් සහ වෙනත් ප්‍රශ්න නිසා දුම්රියේ ගමන් කරන සාමාන්‍ය මගින් අපහසුත්වයට පත්වෙනවා , කරුණාකර දෙපාර්තමේන්තුවේ නීති රෙගුලාසි ක්‍රියාත්මක කරන්න ,සංචාරක වියපාරේ දියුණුවට කියමින් රටේ නීති කඩ කිරීම මෙම සංචාරකයන් පැමිණෙන බටහිර රටවල හෝ සිංගප්පූරුව , ජපානේ වගේ දියුණු ආසියාතික රටවල හෝ සිදු වන්නේ නැහැ
ලෝකේ කිසිම රටක සිදු නොකරන දෙයක් ලංකාවේ බළධාරීන් කරනවා. ඒ තමයි මේ උඩරට දුම්රියේ අනාරක්ෂිත හැසිරීම් වලට ඉඩ දීලා උඩ බලන් ඉන්න එක. ඒවා ඡායාරූපගත කරලා සමාජ මාධ්‍ය වල දැම්මාම කුඩා දරුවන් පවා ඒ දේවල් කරන්න පෙළඹෙනවා. මේ අනාරක්ෂිත ක්‍රියාවන් වලට ඉඩ දීම සංචාරක ව්‍යාපාරය වර්ධනයට හේතු වෙනවා යැයි හිතනවා නම් ඒක මහ මෝඩ කමක්. මේකෙන් ලෝකෙට යන පණිවිඩය තමයි ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය අනාරක්ෂිත බව.