ගල්ගමුව අඹන්පොළ ගැටදිවුලේ අලිමංකඩ හරහා වැටී ඇති දුම්රිය පාරෙන් මාරුවීමට ගිය අලියෙක් දුම්රියේ හැපී අද අළුයම මරණයට පත් විය.
වයස අවුරුදු 25ත් 30ත් අතර වන මේ අලියා රැලේ අන්තිමයා බවත්, දුම්රියේ ඇමිණී මීටර සියයක් ඇදී ගිය බවත, දුම්රියේ ගමන් කළ හමුදා සෙබළුන් පිරිසක් මළ අලියා ඉවත් කළ බවත් දුම්රිය මගීහු කියති.
අලිමංකඩ ඇති ස්ථානවලදී දුම්රියේ වේගය පැයට කිලෝමීටර 20ට අඩු කරන ලෙස නාම පුවරුද ප්‍රදර්ශනය කර ඇත.
මෙවැනි අනතුරුවලින් මෑතදී අලි ඇත්තු අත් අට දෙනෙක්ම මරනුවට පත්වූහ.
රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියවලට ගල්ගමුව හා මහව අතර අලි ඇතුන් පෙන්වීමට ස්වේඡ්චා සේවකයන් බඳවා ගැනීමේ වැඩ පිළිවෙලක් ඇතැයි අඩවි වන නිලධාරී අයි එම් ජී සෙනවිරත්න මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන අවාසනාවක්ද මන්දා අපේ රටට වෙලා තියෙන්නේ? (නි)
අනේ පවු! ඇත්තටම දුකයි (නි)
අයියෝ සල්ලි
මේ අලියාව වැටිලා හිටපු වෙලාවේ ඌව අයින් කරන්න අපිට උදවු කළේ මරදාන දුම්රිය ස්ථානයේ සේවය කරන පිරිසක්. (නි)
ඇත්තටම මෙහෙම ඇයි දුම්රිය සේවකයන්ට චෝදනා කරන්නෙ.. මේක ඇත්ත කතාව දන්න අය ඉන්නවාද? එවේලේ සිද්ධිය උනා අවස්ථාවේ ඡායාරූප තියෙනවාද? අපේ ළග නම් ඒවා තියෙනවා ඇත්තටම මේ වෙලාවේ යුද හමුදා සෙබලා නෙමෙයි අලියාව අයින් කලේ මරදානෙ දුම්රිය ස්ථානයේ සේවය කරන සේවක මහත්තුරු ටිකක්.. ඒක කවුරුවත් දන්නෙ නැහැ.. ඇත්තටම මේ වෙලාවෙ ගම්වැසියෙක්වත් උදව් දුන්නේ නැහැ.. පොලිස් නිළධාරින් බලාගෙන හිටිය ඔන්න ඕකයි ඇත්ත..!(නු)
මේකට කවුද වගකියන්නේ .....ඒකට බැරිද වල් අලි සංඥා පද්ධති සවිකරන්න (ස)
අලිමනකඩවල් ඇති ස්ථාන හරහා දුම්රිය මාර්ගයට යටින් භූගත ගමන් මාර්ගයක් නිර්මාණය කිරීම ප්‍රශ්නයට පිලියමක්. ශ්‍රීලංකාව තරම් නොදියුණු කෙන්යානුවන් අලින්ගේ වටිනාකම හඳුනාගෙන මෙවැනි මාර්ග දුම්රිය මාර්ගවලට යටින් ඉදිකර අලි සම්පත රැකගෙන ඇත.අපට වී ඇත්තේ උවමනාවක් නැතිකම පමණි.(ස)
මෙවැනි ස්ථාන වලදී වේගයෙන් යන රියැදුරන්ගේ රැකියාව තහනම් කරන්න. (අ)
වැඩි වී ඇති අලි ගහණය අඩු කිරීමට දායක වන දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන්ට අපගේ ප්‍රණාමය! (නි)
කතා කරන්න ප්‍රවාහන ඇමතිට. දාන්න කියන්න අලි ගේට්ටුවක්. (නි)
ඇයි ඔච්චර වේග සීමා තියෙද්දිත් මිනිස්සු අනුගමනය නොකරන්නේ?(නදී)
අලි සම්පත වදවීගෙන යන හැඩයි. (නි)
හැමදේටම දුම්රිය රියදුරන්ට වැරදි කියන්න එපා. (නි)
දැන් දුම්රිය වලටත් අලි ගේට්ටු සවි කරන්න ඕනෑ අලියන්ට රේල් පාර මාරුවීමට. (නි)
කොහොමහරි අපේ අලි ටික නැතිවෙනවා. (නි)
අලි ගැන මීට වැඩිය සිතිය යුතුයි. (නි)
ලලිත් ඔයා කටාර් වල ඉන්න නිසා දැකලා තියනවා නේද ඔටුවෝ නොඑන්න පාර දෙපස දැල් ගහලා තියෙනවා . දුම්රිය එකපාරට නවත්තන්න බැහැ. හොඳම පිළියම වැට ගැසීමයි. පරිසරවේදියෝ, සත්ව හිංසනය වෙනුවෙන් කතා කරන අය කෝ ,නිදිද ? (නි)
සතුන් ගැන තැකීමක් නැති මිනිස්සුන්ට වෙන රටක නම් උපරිම දඩුවම් දෙනවා. (නි)
කොයිතරම් නාම පුවරුද ප්‍රදර්ශනය කර තිබූනත් රියදූරන් එය පිළිපදින්නේ නැතිනම්,තේරෙන්නෙත් නැතිනම්, ගහලා තියෙන බෝඩ් පේන්නෙත් නැතිනම් තවත් බලාගෙන ඉන්නේ ඉතිරිවෙලා ඉන්න අනෙක් අලි ටිකත් මරනකන්ද....? සෙනවිරත්න මහත්තයෝ අලි ඇත්තු මළාට පසූවද ස්වේඡ්චා සේවකයන් බඳවා ගැනීමේ වැඩ පිළිවෙළවල් සකස් කරන්නේ...? රට වටේ ඉන්න අනිත් නිළධාරිත් ඔබ තුමන්ලා වගේ උනාම තව අවරැදූ කිහිපයකින් අලි ඇත්තුත් පිට රටින් අපනයනය කරන්න වෙයි...? ඊට පස්සේ ඒකෙනූත් කොමිස් නේද...? මේ වටිනා සත්තු ආරක්ෂා කර නොගත්තොත් ඉදිරියේදී බළන්න දකින්න වෙන්නේ කකුල් දෙකේ අලි නමි තමයි. ඒක නේද ඇත්ත...!! ඉක්මන් විසදුමකට ගරැ ජනාධිපති තුමාගේ අවධානය යොමූ වේවා......!! (අ)
මාර්ග නීති කඩකරන දුම්රිය රියදුරන්ට දැඩි දඩුවම් දියයුතුයි. (නි)
අපිමයි අපේ රටේ සම්පත් නැතිකරගන්නේ. (නි)