IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දමාම් ලංකා කණ්ඩායම දිනයි

සෞදි අරාබියේ  නැගෙනහිර කලාප අල් මරායි අන්තර් නිවාස ක්‍රිකට් ශුරතා  තරගාවලියේ අර්ධ අවසන්  සහ  අවසන් පුර්ව තරගදමාම්  ජකා ක්‍රීඩාංගණයේදී අවසන් විය.

 අල් මරායි අන්තර්  නිවාස කණ්ඩායම්  අටකින් සමන්විත වු  මෙම තරගාවලියෙහි  අර්ධ අවසන්  තරඟාවලි සදහා  අල් මරායි ජුබෙල් , බේකරිචිලා , අල් මරායි දමාම්, අල් මරායි හපුප් යන කණ්ඩායම්  තරග වැදුණු අතර අවසන් පූර්ව වටය සදහා  අල් මරායි දමාම්  අල් මරායි ජුබෙල්  යන කණ්ඩායම් සුදුසුකම් ලැබීය.

 අවසන් පුර්ව  තරඟ සදහා රකා ක්‍රීඩාංගණයේදී  තරග වැදුණු  අල් මරායි ජුබෙල් කණ්ඩායම  හා අල් මරායි දමාම් ශ්‍රි ලංකා  කණ්ඩායම ජයග්‍රණය අත්කර ගත්තේය. ඕවර 15 කට සීමා කර තිබු මෙම තරගාවලියේ අවසන් පුර්ව තරගය සදහා  කාසිය වාසිය දිනාගත් ජුබෙල් කණ්ඩායම ලබාගත් ලකුණු 166 හඹා ගිය දමාම් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ජයග්‍රහණය අත්කර ගත්තේය.

ජුබෙල් කණ්ඩායමට ඕවර 15 තුල ලබා ගත්  ලකුණු 116 තුලදී කඩුලු 6 ක් දැවී ගියේය.

තරගාවලියේ වීරයා සම්මානය ජුබෙල් කණ්ඩායමේ  මේතාවද් වකාර් ලබාගත් අතර දක්ෂතම පන්දු යවන්නා ලෙස දමාමි  සංගීත් නාවල් ද දක්ෂම පිතිකරු ලෙස  ඇන්ඩෘ ද සිල්වාට හිමිවිය. අවසන් තරගයේ  වීරයා ලෙස අල් මරායි දමාම් කණ්ඩායමේ  චතුරද සිල්වාට හිමි විය.

අනුශුරතාවය ජුබෙල්  කණ්ඩායමට හිමි විය.මෙම තරගාවලියේ විශේෂත්වය වුයේ තරඟාවලියේ සියළුම ක්‍රීඩකයෝ ශ්‍රී ලාංකිකයෝය.

ජයග්‍රාහි දමාම් ශ්‍රී ලංකා කණ්ඩායම නායක - චතුරද සිල්වා, උපනායක සුමීරද සිල්වා ඇතුළු ඩිලාන් ලක්මින්ද, නිශ්ශංක ඒ. ගමගේ,එම්.හසාජි ඉලන්ගෝ,සුසිත් රංජිත් ,දිලාන් පෙරේරා, සංගීත් නාමල්, රොෂාන්  සමරසිංහ, හර්ෂ දොඩංගොල්ල, සංජය සතරසිංහ, එම් සකරිගා, චන්දන නානයක්කාර,  ප්‍රෙශාන් කුමාර්



අදහස් (0)

දමාම් ලංකා කණ්ඩායම දිනයි

සංඛ Tuesday, 23 April 2013 09:05 AM

ලංකාවෙනෙ. ඒ ගැන සතුටුයි. ඔහොම යමු කොල්ලනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site