පසුගිය ජනාධිපතිවරණයට පෙර පොදු විපක්ෂ අපේක්ෂකයාවූ මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉදිකරමින් තිබූ වේදිකාවට වෙඩි තැබීමට පිරිස පැමිණි රථය හා ඔවුන්ට නවාතැන් දීම සම්බන්ධයෙන්ද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි පිරිසකට පහර දීම සම්බන්ධයෙන්ද පොලිස් විශේෂ විමර්ශන අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් අද (28) පැය 3කට වැඩි කාලයක් ප්‍රශ්න කළේය.
එම ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා සහ සහකාර අධිකාරී ගුණසේකර මහත්වරුන් ඔහුගෙන් ප්‍රශ්න කළ බව දැනගන්නට ඇත.
ඔහු යළිත් එහි කැඳවීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සුදනෝ වෙන්න හදනවා. මහානාම මහතාණෙනි, ඔබ හරි (නි)
කමක් නැහැ මහානාම, ඔන්න ඔහේ කාටත් වගේ ගාලා දාන්න. විහිලුව තමා "මෙහෙම වුණා නම් මෙහෙමයි වෙන්නේ" කියලා කියන එක. නීතියක් එහෙම එපාද? (නි)
කෙක්කෙන් බැරිනම් කොක්කෙන් .. වගේ මට පෙන්නේ. තියෙන චෝදනා මේවා නෙවෙයි..(හේ)
මර්වින් සිල්වා ගස් බැඳපු එකට මොකොවත් නැහැනේ ...හිතට හරි මදියි වගේ (බ)
මෙතුමා ගැන නම් අදහස් දාන්න යන්නේ නැහැ . මෙතුමාට සුදු ගානවා කියන්නේ වහ කනවා වගේ වැඩක් , නමුත් මෙතුමා මිනි මරුවෙක් කියලා නම් ඔප්පු කරන්න බැහැ නිතිය ඉදිරියේ හිරුනිකා කොතරම් කැගහුවත් . ඒ වගේම එදා භාරත ලක්ෂමන් මහතා බේරිලා , දුමින්ද සිල්වා මැරුණා නම් එ්ත් මේ විදිහට තමා ප්‍රතිචාරය . මොකද ඔය දෙන්නගේ තියෙන වෙනස වයසේ වෙනස විතරයි (බ)
කලින් වරු ගණන් ප්‍රශ්න කිරීම් වල ප්‍රතිපල නැද්ද (බ)
මට මතක නැහැ! (නි)