IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


දුමින්දට රෝහලෙන් එළියට යන්න අමාරුයි

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේ ඡන්ද රැළියක් අසළදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 10.05 ට අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතාට දැන්වීය.

ඔහු එම කරුණු ඉදිරිපත් කළේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේය.

චෝදනා පත්‍රය කියවා ඔහු අත්අඩංගුවට ගෙන නවලෝක රෝහලේ ඔහු සිටින කාමරයට පොලිස් මුර යෙදූ බව ද පොලිස් අධිකාරී උසාවියට සැළ කර සිටියේය.

ඔහුගේ හිසට බරපතල සැත්කමක් කර ඇති හෙයින් රෝහලෙන් එළියට ගියහොත් විෂබීජ ඇතුළු වී ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බව වෛද්‍යවරුන් පැවසීයැයි අබේසේකර මහතා උසාවිය හමුවේ කියා සිටියේය.

දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අනූජ ප්‍රේමරත්න මහතා ඔහුගේ සැත්කම පිළිබඳ සවිස්තරව කරුණු දක්වමින් රෝහලෙන් ගියහොත් තුවාලවලට විෂබීජ ඇතුළුවී ඔහුගේ මරණය පවා සිදුවීමේ ඉඩකඩ ඇති බව කීවේය.

මියගිය ප්‍රේමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියේය. ඔහුට උසාවි පැමිණීමට නොහැකිනම් මහේස්ත්‍රාත්වරයා ඔහු සිටින තැනට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි ද නීතීඥවරයා ඉල්ලා සිටියේය.

නඩුවේ  සැකකරුවෝ ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

 

විනිසුරු නවලෝක රෝහලේ

 


දුමින්ද බලන්න උසාවියෙන් රෝහලට

2013 මාර්තු මස 05 13:30:39 | . , පාරුක් තාජුඩීන්

 

රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බැලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා කොළඹ නවලෝක රෝහලට යෑමට නියමිතය.

ඔහු බරපතල සැත්කමකට භාජනය කර ඇති හෙයින් රෝහලෙන් පිටවී යෑම ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවත්, ඊට හේතුව විෂභීජ ඇතුළුවීමට ඉඩ ඇති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අනුජ ප්‍රේමරත්න මහතා උසාවියට දැන්වීය.


 

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී

පොලිස් රැකවරන මැද රෝහලේ

2013 මාර්තු මස 05 13:00:09 | .

 

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 10ට අත්අඩංගුවට ගත් බවත්, පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් රහස් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් උසාවියට මින් මද වේලාවකට කළින් දැන්වීය.

 

දුමින්ද සිල්වා කොළඹ රෝහලක

රහස් පොලීසිය කටඋත්තර ගන්න සැරසෙයි

2013 මාර්තු මස 05 10:59:00 | දීපා අධිකාරී , තරිඳු ජයවර්ධන

සිංගප්පූරුවෙන් පැමිණි ගමන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරනු ලැබ ඇතැයි පොලීසිය කියයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය ඔහුගෙන් කටඋත්තරයක් ලියා ගැනීමට සැරසෙයි.

 

දුමින්ද සිල්වා එයි

රෝද පුටුවෙන් යයි

2013 මාර්තු මස 05 08:07:08 | දීපා අධිකාරී

 2011 ඔක්තෝබර අට වැනි දා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ  සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුම්න්ද සිල්වා අද අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.

ඔහු  රැගෙන යෑම සදහා ප්‍රාඩෝ වර්ගයේ වාහන හතරක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අංගනයට  පැමිණ ඇති බවත්, ඔහු  එම වාහන වලට ගොඩවී ඇත්තේ  රෝද පුටුවක ආධාරයෙන් බවත් දැනගන්නට ඇත.

අසාධ්‍ය තත්ත්වයෙන් විශේෂ  ගිලන් ගුවන්යානයකින් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගිය දුමින්ද සිල්වා පසුගිය ජනවාරි තෙක් රෝහලේ ප්‍රතිකාර ලැබීය. සැත්කම් කිහිපයකට ලක්වූ ඔහු ඉන් පසු වෙනම විවේක ස්ථානයක කල් ගත කළේය.

ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනයට ලක්වූ වෙඩිතැබීමේදී ඔහුට ද වෙඩි වැදී බරපතල තුවාල සිදු විය.

ඝාතන පිළිබඳ නඩු විභාගයේදී රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ එදා මුල්ලේරියාවේදී සිදුවූ කිසිවක් මතක නැති බව දුමින්ද සිල්වා කියා ඇති බවයි.

ඔහු මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය. සිංගප්පූරු රෝහලට ඇතුළු කැරුණේ 2011 නොවැම්බර් පළමුවැනිදා ය.

දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13න් දෙනකුට එරෙහිව නඩු පවරණ ලෙස නීතිපති පසුගිය 19 වැනිදා රහස් පොලීසියට උපදෙස් දුන්නේය.

මිනීමැරීම, කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය ඔවුනට එරෙහිව නඩු පැවරීය.

 භාරත ලක්ෂ්මන් වෙඩි තබා ඝාතනය කරයි

 දුමින්ද ශ්‍රීජයවර්ධනපුර රෝහලට

 දුමින්ද බලන්න රට වෛද්‍යවරු එති

 දුමින්ද සිල්වා සුව අතට

 භාරත ඝාතනයේ වීඩියෝව නීතිපතිට

 ‘දුමින්ද සිල්වා සැකකරුවෙක්‘

 දුමින්ද තවමත් සිංගප්පූරුවේ

 දුමින්ද ගැන අදත් ප්‍රශ්න මතුවෙයි

 භාරත ලක්ෂ්මන් මිනී මැරුමේ පහකට ඇප

 ”දුමින්ද මාසේ අන්තිමට උසාවි එනවා”

 දුමින්ද මාර්තු 17 උසාවියට

 



අදහස් (0)

දුමින්දට රෝහලෙන් එළියට යන්න අමාරුයි

ලාල් Wednesday, 06 March 2013 03:21 PM

අනේ මන්දා (දී)

:       0       0

ප්‍රසාද් Wednesday, 06 March 2013 09:31 AM

එයාව එම්.ආර්.අයි. ස්කෑන් එකකට යොමුකරන්න යැයි මම යෝජනා කරනවා. (නි)

:       0       0

රශ්මි Sunday, 10 March 2013 10:15 AM

ඇත්ත ඇත්ත (දී)

:       0       0

ප්‍රසාද් Wednesday, 06 March 2013 09:33 AM

කොහේද එයාගේ මොළය? ඒක තියෙනවා නේද? මොනවද අර පෙන්වන ඡායාරූප? මොළයේ ඒවා නම් නෙමෙයි වගේ. (නි)

:       0       0

නිශ්ශංක Tuesday, 05 March 2013 03:49 PM

රජකම් කෙරුවත් කළ කම් පළදේ... (නි)

:       0       0

යොමිත Tuesday, 05 March 2013 03:47 PM

මොනවා කරන්නද? (දී)

:       0       0

සනත් Tuesday, 05 March 2013 09:47 PM

එය‍ගේ ඔලුව මෙහෙම පැලුනා කියලා මම දන්නෙ දැන්නේ. (නි)

:       0       0

හේමන්ත Wednesday, 06 March 2013 09:40 AM

ඇයි දන්නේ නැහැ එහෙම වෙලා තියෙන්නේ? (දී)

:       0       0

චන්දන Tuesday, 05 March 2013 03:50 PM

කවදද මොහු සුව වෙන්නේ? (දී)

:       0       0

රංග Sunday, 10 March 2013 10:36 AM

ඉක්මනට හොද කරගන්න (දී)

:       0       0

අශාන්ත Wednesday, 06 March 2013 09:50 AM

වැරදිකරුවන්ට දඩුවම් ලැබෙනාතුරු අපි බලා සිටිමු. (නි)

:       0       0

තිලකගේ Tuesday, 05 March 2013 09:59 PM

අපේ බුද්ධිමත් ජනතාවට මෙවැනි දේවලින් දැන් වැඩක් නැහැ. (නි)

:       0       0

උපුල් Tuesday, 05 March 2013 03:55 PM

දැක්කම නම් මිනිසෙක් විදියට පව් කියල හිතෙනවා . එත් ඉතින් මොනවා කරන්නද ? (ස)

:       0       0

තාරක Tuesday, 05 March 2013 10:03 PM

මෙහෙදී මොනවා හරි උනොත් වග කියන්න ඕනේ අපි. ඒ නිසා පරිස්සම් කර ගන්න ඕනේ. (දී)

:       0       0

විරජානු Tuesday, 05 March 2013 04:06 PM

අයියෝ මේ අපේ නලුවෙක් වගේ හිටිය දුමින්ද අයියාමද? (නි)

:       0       0

සරත් Friday, 08 March 2013 08:43 PM

මොළය ඉවත් කරලා බව පින්තූරයෙන් හොද පැහැදිලිවම පෙනෙනවා. (නි)

:       0       0

අශෝක Tuesday, 05 March 2013 04:06 PM

කාගේ උනත් දරුවෙක්නේ මේ (ස)

:       0       0

දම්මි Tuesday, 05 March 2013 10:09 PM

එතකොට එයා රෝහලට ආවෙ එළියෙ ඉදලා නෙමෙයිද? (නි)

:       0       0

මිතුකුඩ Tuesday, 05 March 2013 04:17 PM

මේ අයගේ ඇගට විෂ බීජ ගියේ කොහෙන්ද? (දී)

:       0       0

උදය Tuesday, 05 March 2013 04:13 PM

කාලය විසින් විනිශ්චය ලබාදෙනු ඇත. (නි)

:       0       0

පොඩි ළමයා Tuesday, 05 March 2013 04:28 PM

තවම හොද නැහැනේ (දී)

:       0       0

රූමි Tuesday, 05 March 2013 04:30 PM

දැං නම් නළුවෙක් වගේ..!(නු)

:       0       0

අනුර Wednesday, 06 March 2013 10:22 AM

මේ එයාගේ පින්තූරයක්ද? (නි)

:       0       0

අචිනි Tuesday, 05 March 2013 04:38 PM

මෙයාවනම් අත්අඩංගුවට ගන්න වෙන්නේ නැහැ..!(නු)

:       0       0

මුතුකුඩ Tuesday, 05 March 2013 04:45 PM

මෙම නඩුවට පෙනී සිටින පෙරකදෝරු මහත්තුරුන්ට නම් නියමයි..!(නු)

:       0       0

ප්‍රියන්ත Wednesday, 06 March 2013 04:48 PM

ඒ කියන්න තවම හොද නැහැ (දී)

:       0       0

රුවන් Tuesday, 05 March 2013 10:58 PM

අරයට දැන් මොනවා හිතෙනවා ඇද්ද? (නි)

:       0       0

ජොනතන් Tuesday, 05 March 2013 04:53 PM

මෙයාට දැං මොනවත් මතක නැහැනේ..!(නු)

:       0       0

සිල්වා තබුක් Tuesday, 05 March 2013 04:54 PM

මේ සියල්ල දැං වෙනස්ව ඇත.. (නු)

:       0       0

සුනිල් Tuesday, 05 March 2013 05:02 PM

අනෙ ඉතිං කාටකියන්නද මෙවා අපිට තියෙන නීති මෙයාලට බලපාන්නෙත් නැහැනේ..!(නු)

:       0       0

කේ.දේවප්‍රිය. Tuesday, 05 March 2013 04:59 PM

හිරුණිකා දුව ඉවසන්න..!(නු)

:       0       0

කළණ Wednesday, 06 March 2013 10:39 AM

ඇත්තටම අපේ මිනිස්සුන්ටත් වෙන වැඩක් නැති හැටි? (නි)

:       0       0

පැතුම් Tuesday, 05 March 2013 05:12 PM

මේක තමයි ලෝ ධර්මතාවය....(නු)

:       0       0

වගුරේ Tuesday, 05 March 2013 05:34 PM

ජනරාල් හිරේ හිටියෙ.. බෝම්බෙකට අහුවෙලත්..!(නු)

:       0       0

මලිත් Monday, 11 March 2013 11:49 AM

මම නම් එකඟයි ඒ තීරණයට (දී)

:       0       0

කුෂාන් Tuesday, 05 March 2013 05:43 PM

දෙවියන්ගේ පිහිටෙන් අපේ රටේ නම් ඔය ඔලුවට යන්න තරම් දරුණු විෂ බීජ යක් නැහැ(නු)

:       0       0

අසෝක Wednesday, 06 March 2013 11:13 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

මදූ Wednesday, 06 March 2013 02:01 AM

කාටවත් කරදරයක් කරලා තව කෙනෙකුට හොදින් නම් එන්න ලැබෙන්නේ නැහැ.(නදී)

:       0       0

පිටිගල Tuesday, 05 March 2013 05:57 PM

මේවා දැං හොදවෙලත් ඇති..!(නු)

:       0       0

ශාන්ත Tuesday, 12 March 2013 09:35 AM

අනේ පවු දුමින්ද! (නි)

:       0       0

තිලක් Wednesday, 06 March 2013 02:48 AM

මේ කරන්නේ බොරුවක්ද?(නදී)

:       0       0

සෙනරත් Wednesday, 06 March 2013 03:07 AM

අවි ගත්තෝ අවියෙන්ම නසී.(නදී)

:       0       0

රත්නායක Wednesday, 06 March 2013 11:40 AM

ජනතාවනි, මුලා නොවන්න. ඇත්ත සදා තිත්තය. (නි)

:       0       0

රංජිත් Wednesday, 06 March 2013 11:41 AM

මොනවා කලත් මනුස්සයෙක්නේ, (දී)

:       0       0

විජයසිරි Wednesday, 06 March 2013 03:14 AM

මෙයාට විෂබීජ හොද නැහැ (දී)

:       0       0

සාරංග Tuesday, 05 March 2013 06:13 PM

අනේ පවු! (නි)

:       0       0

රකිත් Wednesday, 06 March 2013 03:25 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. විෂබීජ නම් ගොඩක් ඉස්සර ඉදන් ඔලුවේ තියෙන්න ඇති නේද? (නි)

:       0       0

දයාහේරත් Tuesday, 05 March 2013 06:20 PM

තමන් වරදක් කලානම් කිසිදාක බේරෙන්න බැහැ තමාගේ හෘද සාක්ෂියෙන්.!(නු)

:       0       0

දෙවුමිනි Monday, 11 March 2013 02:31 AM

ඒකනේ , තවම හොද නැහැ (දී)

:       0       0

හේමසර Tuesday, 05 March 2013 06:19 PM

මේවා ඔක්කොම රගපෑම් කියලයි මට නම් හිතෙන්නේ..!(නු)

:       0       0

ශානිකා Tuesday, 05 March 2013 06:31 PM

මෙයා ආවෙ ඇයි මේ තරම් අමාරුවෙන්..!(නු)

:       0       0

ප්‍රදීප් Wednesday, 06 March 2013 04:28 AM

බුද්ධිමත් මිනිසුන්ගේ මොලයේ අනුමස්තිස්කයේ ගොඩක් රැලි තියෙනවා. මෙයාගේ මොලයේ රූප රාමු බලන්න.(නදී)

:       0       0

සමන් Tuesday, 05 March 2013 06:32 PM

කවුරුඋනත් දැං රෝගියෙක්නේ.. පව්..!(නු)

:       0       0

කසුන්. Tuesday, 05 March 2013 06:35 PM

කොහොමද මේ තරම් අමාරු නම් ආවෙ..(නු)

:       0       0

වරුණ Wednesday, 06 March 2013 12:40 PM

මතක නැහැ මෙලෝ දෙයක් (දී)

:       0       0

අමිල Tuesday, 05 March 2013 01:45 PM

මොකද අපිට මෙයාගේ ඡායාරූපයක්වත් බලන්න දාන්නේ නැත්තේ (ස)

:       0       0

අනුර Tuesday, 05 March 2013 01:56 PM

දැන් නවලෝකයත් උසාවියක් වෙලා වගෙයි. (නි)

:       0       0

නිලන්ති Friday, 08 March 2013 08:48 AM

සාධාරණ තීන්දුවක් ලැබෙන්න යැයි මම දෙවියන් යදිනවා. (නි)

:       0       0

එරංග Friday, 08 March 2013 04:38 PM

මාස ගාණක් ඔලුවට ප්‍රතිකාර කරපු බවක් නම් මට පෙනෙන්නෙ නැහැ. (නි)

:       0       0

උදයංග Tuesday, 05 March 2013 06:53 PM

ඇතුලෙ තිබ්බ දේවලුත් පෙන්නන්න ඔළුවෙ..!(නු)

:       0       0

සමන් Monday, 11 March 2013 09:16 PM

එක මාධ්‍යවේදියෙකුටවත් බැරිවුණානේ දුමින්දගේ පොටෝ එකක් ගහලා පළකරන්න, අපිට බලන්න. (නි)

:       0       0

සිල්වා Tuesday, 05 March 2013 02:03 PM

ඒකනම් ඇත්ත (දී)

:       0       0

දිසානායක Tuesday, 05 March 2013 07:09 PM

අශෝක මහත්තයා තමන්ට අවශ්‍ය නම් කොටි පැටියව ඇතිකරන්න ගන්න හැබැයි ඌ කන්නේ මස් විතරයි..!(නු)

:       0       0

දිසානායක Tuesday, 05 March 2013 07:09 PM

අශෝක මහත්තයා තමන්ට කැමැතිනම් කොටි පැටියව ඇතිකරන්න.. හැබැයි උෟ කන්නේ මස් කියලා අමතක කරන්න එපා..!(නු)

:       0       0

දර්ශන Tuesday, 05 March 2013 02:10 PM

ඔය නඩුව කවදාද අහන්න ගන්නේ එතකොට? (නි)

:       0       0

දීපානි Wednesday, 06 March 2013 07:20 AM

ඔය තරම් අමාරුනම් ලංඩන් යන්න තිබුනා. මතක නැති වෙන්න ඇති. (නදී)

:       0       0

වසන්ත Tuesday, 05 March 2013 07:16 PM

ගොඩක් අමාරුයි නේද? පව් (නු)

:       0       0

ශානකී Tuesday, 05 March 2013 02:11 PM

කවුද ‍මෙයා ???? (ස)

:       0       0

නිහාල් Tuesday, 05 March 2013 07:26 PM

මෙයාට හොද සිහියක් තියෙනවානම් වෙඩි තියන්නේ නැහැනේ.. (නු)

:       0       0

සමන් Wednesday, 06 March 2013 07:53 AM

බලන්න ආසයි මට එයාව. (නි)

:       0       0

රොහාන් Tuesday, 05 March 2013 02:11 PM

ඔව් ඔව් පරිස්සම් කරගන්න නැත්තම් විෂබීජ යයි තමයි..!(නු)

:       0       0

එරංග Thursday, 07 March 2013 11:12 AM

ඇතුලෙම ඉන්න (දී)

:       0       0

නිරන් Tuesday, 05 March 2013 02:17 PM

සිංගප්පූරුවෙ ඉදලා ආවෙ කොහොමද මෙයා මේ තරම් පරිස්සම් කරගෙන..!(නු)

:       0       0

ලුම්බිණි Tuesday, 05 March 2013 02:26 PM

රෝහලෙන් එළියට යන්න අමාරුයි නම් සිංගප්පුරුවේ ඉඳල එමිරේට් ගුවන් යානයක අනෙක් මිනිස්සුත් එක්ක ගෙනාවෙ ඇයි..!(නු)

:       0       0

තිසල් Wednesday, 06 March 2013 08:19 AM

විෂබීජ ඇතුළු වෙනවාට නම් අපිත් බයයි. (නි)

:       0       0

දිසානායක Tuesday, 05 March 2013 02:30 PM

හොද වෙලාම එළියට එන්න..!(නු)

:       0       0

පීරිස් Tuesday, 05 March 2013 02:35 PM

තවත් හොද නැද්ද මෙයාගේ තුවාල..!(නු)

:       0       0

සිල්වා තබුක්. Tuesday, 05 March 2013 02:41 PM

දැංවත් පරණ පිංතූර නොදමා දැං ඉන්න විදිය පිංතූරයක් දාන්නකෝ..(නු)

:       0       0

පෙරේරා Wednesday, 06 March 2013 08:41 AM

ඊළගට මොනවා වේවිද? (නි)

:       0       0

රිස්වාන් Tuesday, 05 March 2013 02:44 PM

ඉතිරි කාලයත් එහෙ ඉදලා හොද වෙලාම ආවනම් ඉවරයි. (නි)

:       0       0

හේමාල් Wednesday, 06 March 2013 08:43 AM

අපිට මේ දේ වුණා නම්.... (නි)

:       0       0

රසික Monday, 11 March 2013 10:43 PM

හොරෙන් ගෙනාවා වගේ හොරෙන්ම අරන් යයි (දී)

:       0       0

යොහාන් Tuesday, 05 March 2013 02:47 PM

ඇයි ලංකාවට ආවෙ..!(නු)

:       0       0

උදයංග Tuesday, 05 March 2013 02:49 PM

අත්අඩංගුවට ගත්තොත් කෙනෙක් ඒ කෙනා ගොඩක් අසනීපෙන් ඉන්නෙ..රෝහලේමයි..!(නු)

:       0       0

ක්ලෑරන්ස්--ඉතාලිය Tuesday, 05 March 2013 08:40 PM

පව් කියන අයත් ඉන්නවා නේද?(නු)

:       0       0

උදය Wednesday, 06 March 2013 08:50 AM

දැන් ඔලුව ඇතුළේ විෂබීජ නැද්ද එතකොට? (නි)

:       0       0

උදාර Sunday, 10 March 2013 05:25 PM

කොහේ යයිද දන්නේ නැහැ, මොකුත් මතක නැහැනේ ඒ මනුස්සයාට (දී)

:       0       0

ලක්විදු Monday, 11 March 2013 10:50 PM

ජනතාව අතරට නොගිහින් කොහොමද ජනතා සේවයක් කරන්නේ? (නි)

:       0       0

ජසීම් Tuesday, 05 March 2013 03:00 PM

අපි බලමු ඊළගට මොකද වෙන්නේ කියලා..!(නු)

:       0       0

සංජය Wednesday, 06 March 2013 09:00 AM

අනේ විශබීජ නම් යන්න දෙන්න එපා. (නි)

:       0       0

නාරද Tuesday, 05 March 2013 08:48 PM

දැං මෙයාගේ රෝහල් ගාස්තු ගෙවන්නේ රජයද?(නු)

:       0       0

මාලා Wednesday, 06 March 2013 09:08 AM

අපරාදේ අරන් ආවේ (දී)

:       0       0

රත්න Tuesday, 05 March 2013 08:52 PM

එලියට නම් දාන එපා (නු)

:       0       0

ජීවන්ත Tuesday, 05 March 2013 08:54 PM

මහජනයාගේ මුදල් නේද මේ හැමදේටම වියදම් වෙන්නේ..(නු)

:       0       0

කැළුම් Tuesday, 05 March 2013 03:18 PM

සිංගපූරුවෙ ඉන්න තිබු‍නෙ ලෙඩ හොද වෙලා මතකය ආයෙ එනකම්..!(නු)

:       0       0

අචිනි Saturday, 09 March 2013 11:03 AM

කොහොම හරි මතකය ගන්න බලන්න (දී)

:       0       0

ලලිත් දෝහා Tuesday, 05 March 2013 03:19 PM

මේ තරම් විස්තර දාන්න දෙයක්ද මේක..!(නු)

:       0       0

අසංක Tuesday, 05 March 2013 09:10 PM

කවුරුත් බලන්න ගියේ නැද්ද?(නු)

:       0       0

නිලන්ත Tuesday, 05 March 2013 09:11 PM

තවම සුව වෙලා නැද්ද (දී)

:       0       0

උදය Tuesday, 05 March 2013 03:28 PM

මට කණගාටුයි. මොකද උනේ එදා..මට මතක නැහැනේ .!(නු)

:       0       0

ජසීම් Tuesday, 05 March 2013 09:17 PM

මාසෙකින් ලංකාවේ මිනිස්සුන්ට මේ ඔක්කොම අමතකවෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලි වැටක් නිසා ජීවිත රැසක් අනතුරේ
2024 මැයි මස 16 166 0

මහවැලි සී කලාපයට අයත් දමනේවැව, නවගහඇල, මීවත්පුර, පහළ යක්කුරේ, යන ගම්මාන හා කුඹුරු බිම් ආවරණය වන පරිදි මීට වසර තුනකට ඉහතදී වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉ


ගුවන්තෝටේ සිද්ධියට ඇමැති ප්‍රසන්න මෙසේ කියයි
2024 මැයි මස 16 1882 0

කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන පෝටර් වරයාට තමා කනේ පහරක් ගැසු බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍


සෙබළ ජාවාරමේ මේජර් ජනරාල් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
2024 මැයි මස 16 716 0

විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඇතුළු ශ්‍රී ලංකිකයන් රුසියාවේ හමුදා සේවයට යැවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත


ගමන නිමා කරන්න ග්‍රාම සේවා වර්ජනය හරහට
2024 මැයි මස 16 409 0

පානදුර අසරණ දුප්පත් නිවසක මියගිය පුද්ගලයකු ගේ මෘතදේහයක් මල්ශාලාව විතර රැගෙන යාමට ග්‍රාම නිලධාරී වර්ජනය හේතුවෙන් නොහැකිව නිවැසියෝ දැඩි අපහසුතාවයකට


මහනුවර යටවේ
2024 මැයි මස 16 2115 0

මහනුවර නගරයට අද සවස ඇද හැළුනු මහා වර්ෂාවත් හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බව ආපදා ක


මිනුවන්ගොඩ සාපෙළ විභාග මධ්‍යස්ථානයක අවුලක්
2024 මැයි මස 16 466 0

මිනුවන්ගොඩ අල් අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේ පෙනී සිටි සිසුන් පිරිසකට භූගෝල විද්‍යා පළමු ප්‍රශ්න පත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 738 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2274 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1950 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site