ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේ ඡන්ද රැළියක් අසළදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 10.05 ට අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතාට දැන්වීය.
ඔහු එම කරුණු ඉදිරිපත් කළේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේය.
චෝදනා පත්‍රය කියවා ඔහු අත්අඩංගුවට ගෙන නවලෝක රෝහලේ ඔහු සිටින කාමරයට පොලිස් මුර යෙදූ බව ද පොලිස් අධිකාරී උසාවියට සැළ කර සිටියේය.
ඔහුගේ හිසට බරපතල සැත්කමක් කර ඇති හෙයින් රෝහලෙන් එළියට ගියහොත් විෂබීජ ඇතුළු වී ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බව වෛද්‍යවරුන් පැවසීයැයි අබේසේකර මහතා උසාවිය හමුවේ කියා සිටියේය.
දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අනූජ ප්‍රේමරත්න මහතා ඔහුගේ සැත්කම පිළිබඳ සවිස්තරව කරුණු දක්වමින් රෝහලෙන් ගියහොත් තුවාලවලට විෂබීජ ඇතුළුවී ඔහුගේ මරණය පවා සිදුවීමේ ඉඩකඩ ඇති බව කීවේය.
මියගිය ප්‍රේමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියේය. ඔහුට උසාවි පැමිණීමට නොහැකිනම් මහේස්ත්‍රාත්වරයා ඔහු සිටින තැනට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි ද නීතීඥවරයා ඉල්ලා සිටියේය.
නඩුවේ සැකකරුවෝ ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
විනිසුරු නවලෝක රෝහලේ
දුමින්ද බලන්න උසාවියෙන් රෝහලට
2013 මාර්තු මස 05 13:30:39 | . , පාරුක් තාජුඩීන්
රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බැලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා කොළඹ නවලෝක රෝහලට යෑමට නියමිතය.
ඔහු බරපතල සැත්කමකට භාජනය කර ඇති හෙයින් රෝහලෙන් පිටවී යෑම ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවත්, ඊට හේතුව විෂභීජ ඇතුළුවීමට ඉඩ ඇති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අනුජ ප්‍රේමරත්න මහතා උසාවියට දැන්වීය.
දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී
පොලිස් රැකවරන මැද රෝහලේ
2013 මාර්තු මස 05 13:00:09 | .
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 10ට අත්අඩංගුවට ගත් බවත්, පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් රහස් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් උසාවියට මින් මද වේලාවකට කළින් දැන්වීය.
දුමින්ද සිල්වා කොළඹ රෝහලක
රහස් පොලීසිය කටඋත්තර ගන්න සැරසෙයි
2013 මාර්තු මස 05 10:59:00 | දීපා අධිකාරී , තරිඳු ජයවර්ධන
සිංගප්පූරුවෙන් පැමිණි ගමන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරනු ලැබ ඇතැයි පොලීසිය කියයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය ඔහුගෙන් කටඋත්තරයක් ලියා ගැනීමට සැරසෙයි.
දුමින්ද සිල්වා එයි
රෝද පුටුවෙන් යයි
2013 මාර්තු මස 05 08:07:08 | දීපා අධිකාරී
2011 ඔක්තෝබර අට වැනි දා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුම්න්ද සිල්වා අද අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.
ඔහු රැගෙන යෑම සදහා ප්‍රාඩෝ වර්ගයේ වාහන හතරක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අංගනයට පැමිණ ඇති බවත්, ඔහු එම වාහන වලට ගොඩවී ඇත්තේ රෝද පුටුවක ආධාරයෙන් බවත් දැනගන්නට ඇත.
අසාධ්‍ය තත්ත්වයෙන් විශේෂ ගිලන් ගුවන්යානයකින් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගිය දුමින්ද සිල්වා පසුගිය ජනවාරි තෙක් රෝහලේ ප්‍රතිකාර ලැබීය. සැත්කම් කිහිපයකට ලක්වූ ඔහු ඉන් පසු වෙනම විවේක ස්ථානයක කල් ගත කළේය.
ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනයට ලක්වූ වෙඩිතැබීමේදී ඔහුට ද වෙඩි වැදී බරපතල තුවාල සිදු විය.
ඝාතන පිළිබඳ නඩු විභාගයේදී රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ එදා මුල්ලේරියාවේදී සිදුවූ කිසිවක් මතක නැති බව දුමින්ද සිල්වා කියා ඇති බවයි.
ඔහු මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය. සිංගප්පූරු රෝහලට ඇතුළු කැරුණේ 2011 නොවැම්බර් පළමුවැනිදා ය.
දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13න් දෙනකුට එරෙහිව නඩු පවරණ ලෙස නීතිපති පසුගිය 19 වැනිදා රහස් පොලීසියට උපදෙස් දුන්නේය.
මිනීමැරීම, කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය ඔවුනට එරෙහිව නඩු පැවරීය.
භාරත ලක්ෂ්මන් වෙඩි තබා ඝාතනය කරයි
දුමින්ද බලන්න රට වෛද්‍යවරු එති
දුමින්ද ගැන අදත් ප්‍රශ්න මතුවෙයි
භාරත ලක්ෂ්මන් මිනී මැරුමේ පහකට ඇප
”දුමින්ද මාසේ අන්තිමට උසාවි එනවා”


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද අපිට මෙයාගේ ඡායාරූපයක්වත් බලන්න දාන්නේ නැත්තේ (ස)
දැන් නවලෝකයත් උසාවියක් වෙලා වගෙයි. (නි)
ඒකනම් ඇත්ත (දී)
ඔය නඩුව කවදාද අහන්න ගන්නේ එතකොට? (නි)
කවුද මෙයා ???? (ස)
ඔව් ඔව් පරිස්සම් කරගන්න නැත්තම් විෂබීජ යයි තමයි..!(නු)
සිංගප්පූරුවෙ ඉදලා ආවෙ කොහොමද මෙයා මේ තරම් පරිස්සම් කරගෙන..!(නු)
රෝහලෙන් එළියට යන්න අමාරුයි නම් සිංගප්පුරුවේ ඉඳල එමිරේට් ගුවන් යානයක අනෙක් මිනිස්සුත් එක්ක ගෙනාවෙ ඇයි..!(නු)
හොද වෙලාම එළියට එන්න..!(නු)
තවත් හොද නැද්ද මෙයාගේ තුවාල..!(නු)
දැංවත් පරණ පිංතූර නොදමා දැං ඉන්න විදිය පිංතූරයක් දාන්නකෝ..(නු)
ඉතිරි කාලයත් එහෙ ඉදලා හොද වෙලාම ආවනම් ඉවරයි. (නි)
ඇයි ලංකාවට ආවෙ..!(නු)
අත්අඩංගුවට ගත්තොත් කෙනෙක් ඒ කෙනා ගොඩක් අසනීපෙන් ඉන්නෙ..රෝහලේමයි..!(නු)
අපි බලමු ඊළගට මොකද වෙන්නේ කියලා..!(නු)
සිංගපූරුවෙ ඉන්න තිබුනෙ ලෙඩ හොද වෙලා මතකය ආයෙ එනකම්..!(නු)
මේ තරම් විස්තර දාන්න දෙයක්ද මේක..!(නු)
මට කණගාටුයි. මොකද උනේ එදා..මට මතක නැහැනේ .!(නු)
රජකම් කෙරුවත් කළ කම් පළදේ... (නි)
මොනවා කරන්නද? (දී)
කවදද මොහු සුව වෙන්නේ? (දී)
දැක්කම නම් මිනිසෙක් විදියට පව් කියල හිතෙනවා . එත් ඉතින් මොනවා කරන්නද ? (ස)
අයියෝ මේ අපේ නලුවෙක් වගේ හිටිය දුමින්ද අයියාමද? (නි)
කාගේ උනත් දරුවෙක්නේ මේ (ස)
මේ අයගේ ඇගට විෂ බීජ ගියේ කොහෙන්ද? (දී)
කාලය විසින් විනිශ්චය ලබාදෙනු ඇත. (නි)
තවම හොද නැහැනේ (දී)
දැං නම් නළුවෙක් වගේ..!(නු)
මෙයාවනම් අත්අඩංගුවට ගන්න වෙන්නේ නැහැ..!(නු)
මෙම නඩුවට පෙනී සිටින පෙරකදෝරු මහත්තුරුන්ට නම් නියමයි..!(නු)
මෙයාට දැං මොනවත් මතක නැහැනේ..!(නු)
මේ සියල්ල දැං වෙනස්ව ඇත.. (නු)
අනෙ ඉතිං කාටකියන්නද මෙවා අපිට තියෙන නීති මෙයාලට බලපාන්නෙත් නැහැනේ..!(නු)
හිරුණිකා දුව ඉවසන්න..!(නු)
මේක තමයි ලෝ ධර්මතාවය....(නු)
ජනරාල් හිරේ හිටියෙ.. බෝම්බෙකට අහුවෙලත්..!(නු)
දෙවියන්ගේ පිහිටෙන් අපේ රටේ නම් ඔය ඔලුවට යන්න තරම් දරුණු විෂ බීජ යක් නැහැ(නු)
මේවා දැං හොදවෙලත් ඇති..!(නු)
අනේ පවු! (නි)
තමන් වරදක් කලානම් කිසිදාක බේරෙන්න බැහැ තමාගේ හෘද සාක්ෂියෙන්.!(නු)
මේවා ඔක්කොම රගපෑම් කියලයි මට නම් හිතෙන්නේ..!(නු)
මෙයා ආවෙ ඇයි මේ තරම් අමාරුවෙන්..!(නු)
කවුරුඋනත් දැං රෝගියෙක්නේ.. පව්..!(නු)
කොහොමද මේ තරම් අමාරු නම් ආවෙ..(නු)
ඇතුලෙ තිබ්බ දේවලුත් පෙන්නන්න ඔළුවෙ..!(නු)
අශෝක මහත්තයා තමන්ට අවශ්‍ය නම් කොටි පැටියව ඇතිකරන්න ගන්න හැබැයි ඌ කන්නේ මස් විතරයි..!(නු)
අශෝක මහත්තයා තමන්ට කැමැතිනම් කොටි පැටියව ඇතිකරන්න.. හැබැයි උෟ කන්නේ මස් කියලා අමතක කරන්න එපා..!(නු)
ගොඩක් අමාරුයි නේද? පව් (නු)
මෙයාට හොද සිහියක් තියෙනවානම් වෙඩි තියන්නේ නැහැනේ.. (නු)
පව් කියන අයත් ඉන්නවා නේද?(නු)
දැං මෙයාගේ රෝහල් ගාස්තු ගෙවන්නේ රජයද?(නු)
එලියට නම් දාන එපා (නු)
මහජනයාගේ මුදල් නේද මේ හැමදේටම වියදම් වෙන්නේ..(නු)
කවුරුත් බලන්න ගියේ නැද්ද?(නු)
තවම සුව වෙලා නැද්ද (දී)
මාසෙකින් ලංකාවේ මිනිස්සුන්ට මේ ඔක්කොම අමතකවෙයි. (නි)
එයගේ ඔලුව මෙහෙම පැලුනා කියලා මම දන්නෙ දැන්නේ. (නි)
අපේ බුද්ධිමත් ජනතාවට මෙවැනි දේවලින් දැන් වැඩක් නැහැ. (නි)
මෙහෙදී මොනවා හරි උනොත් වග කියන්න ඕනේ අපි. ඒ නිසා පරිස්සම් කර ගන්න ඕනේ. (දී)
එතකොට එයා රෝහලට ආවෙ එළියෙ ඉදලා නෙමෙයිද? (නි)
අරයට දැන් මොනවා හිතෙනවා ඇද්ද? (නි)
කාටවත් කරදරයක් කරලා තව කෙනෙකුට හොදින් නම් එන්න ලැබෙන්නේ නැහැ.(නදී)
මේ කරන්නේ බොරුවක්ද?(නදී)
අවි ගත්තෝ අවියෙන්ම නසී.(නදී)
මෙයාට විෂබීජ හොද නැහැ (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. විෂබීජ නම් ගොඩක් ඉස්සර ඉදන් ඔලුවේ තියෙන්න ඇති නේද? (නි)
බුද්ධිමත් මිනිසුන්ගේ මොලයේ අනුමස්තිස්කයේ ගොඩක් රැලි තියෙනවා. මෙයාගේ මොලයේ රූප රාමු බලන්න.(නදී)
ඔය තරම් අමාරුනම් ලංඩන් යන්න තිබුනා. මතක නැති වෙන්න ඇති. (නදී)
බලන්න ආසයි මට එයාව. (නි)
විෂබීජ ඇතුළු වෙනවාට නම් අපිත් බයයි. (නි)
ඊළගට මොනවා වේවිද? (නි)
අපිට මේ දේ වුණා නම්.... (නි)
දැන් ඔලුව ඇතුළේ විෂබීජ නැද්ද එතකොට? (නි)
අනේ විශබීජ නම් යන්න දෙන්න එපා. (නි)
අපරාදේ අරන් ආවේ (දී)
එයාව එම්.ආර්.අයි. ස්කෑන් එකකට යොමුකරන්න යැයි මම යෝජනා කරනවා. (නි)
කොහේද එයාගේ මොළය? ඒක තියෙනවා නේද? මොනවද අර පෙන්වන ඡායාරූප? මොළයේ ඒවා නම් නෙමෙයි වගේ. (නි)
ඇයි දන්නේ නැහැ එහෙම වෙලා තියෙන්නේ? (දී)
වැරදිකරුවන්ට දඩුවම් ලැබෙනාතුරු අපි බලා සිටිමු. (නි)
මේ එයාගේ පින්තූරයක්ද? (නි)
ඇත්තටම අපේ මිනිස්සුන්ටත් වෙන වැඩක් නැති හැටි? (නි)
අයියෝ සල්ලි (දී)
ජනතාවනි, මුලා නොවන්න. ඇත්ත සදා තිත්තය. (නි)
මොනවා කලත් මනුස්සයෙක්නේ, (දී)
මතක නැහැ මෙලෝ දෙයක් (දී)
අනේ මන්දා (දී)
ඒ කියන්න තවම හොද නැහැ (දී)
ඇතුලෙම ඉන්න (දී)
සාධාරණ තීන්දුවක් ලැබෙන්න යැයි මම දෙවියන් යදිනවා. (නි)
මාස ගාණක් ඔලුවට ප්‍රතිකාර කරපු බවක් නම් මට පෙනෙන්නෙ නැහැ. (නි)
මොළය ඉවත් කරලා බව පින්තූරයෙන් හොද පැහැදිලිවම පෙනෙනවා. (නි)
කොහොම හරි මතකය ගන්න බලන්න (දී)
ඇත්ත ඇත්ත (දී)
ඉක්මනට හොද කරගන්න (දී)
කොහේ යයිද දන්නේ නැහැ, මොකුත් මතක නැහැනේ ඒ මනුස්සයාට (දී)
ඒකනේ , තවම හොද නැහැ (දී)
මම නම් එකඟයි ඒ තීරණයට (දී)
එක මාධ්‍යවේදියෙකුටවත් බැරිවුණානේ දුමින්දගේ පොටෝ එකක් ගහලා පළකරන්න, අපිට බලන්න. (නි)
හොරෙන් ගෙනාවා වගේ හොරෙන්ම අරන් යයි (දී)
ජනතාව අතරට නොගිහින් කොහොමද ජනතා සේවයක් කරන්නේ? (නි)
අනේ පවු දුමින්ද! (නි)