කොලොන්නාවේදී හිටපු මන්ත‍්‍රී භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතන සිද්ධියේ සැකකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබන රෝහල හා ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව අපේ‍්‍රල් 4 වැනිදාට විස්තර වාර්තාවක් ගොනු කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා රහස් පොලිසියට නියෝග කළේය. රහස් පොලිසියට මේ පරීක්ෂණ හරිහැටි කළ නොහැකි නම් ඒ බව දන්වන ලෙස ද මහේස්ත‍්‍රාත් කීවේය. රහස් පොලිසිය පරීක්ෂණවලින් මගහරිතියි භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් සොයා බලන ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා පැවසූවේ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි. සැකකරුවෝ 16 දෙනා අපේ‍්‍රල් 4 වැනිදා තෙක් යළි රිමාන්ඞ් කරනු ලැබූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි. රතු වරෙන්තුවක් ඕනේ. ඕක යට ගහන්න කලින්
දුමින්ද ඉන්න තැන රහස් පොිස් දන්නැත්නම් රාජිත සේනාරත්න ඇමතිතුමා දන්නවා. ඒ මැතිතුමාගෙන් අහගන්න
ජනපති බබාද....මේ සේරම දැනගෙන හොර වගේ ඉන්නේ
ජනාධිපතිතුමනි, මෙයට නීතිය ක්‍රියාත්මක කරන්න.
ඇයි මේක ජනතාව ගොනාට අන්දන ආණ්ඩුවක් ද ? ලිපිනයක් නොදන්වා ඉදිරිපත්කළ ලිපියකට ද පාර්ලිමේන්තුව දුමින්ද සිල්වා ට නිවාඩු අනුමත කළේ. මේ ඔක්කෝම පට්ටපල් හොරු. ජනතාවත්, අධිකරණයත් හෑල්ලු කළා.
ජනාධිපති ගාව තමන්ගේ මිනිස්සු අල්ලලා දෙන සිරිතක් නැහැ. ජනාධිපති තමයි දුම්න්දව රට ඇරියේ. කේ.පී.වත් අල්ලලා මෙහෙට ගේන්න පුළුවන්නම් දුමින්දව ගෙන එන එක ප්‍රශ්නයක් ද ?
අපේ රටේ මානව හිමිකම් තියෙනවද නැද්ද කියා ලෝකයට පෙන්වන්න මේක හොද අවස්ථාවක්.
නීතියක් ගැන විශ්වාස කරන්න දුමින්ද අත්අඩංගුවට ගත යුතුයි. ජනාධිපතිතුමනි මෙන්න ඔයාගේ අවස්ථාව. ඔයාගේ නිර්දෝශී බව පෙන්වන්න.
දේශපාලන ඇගිලි ගැහීම් නොකර විමලරතන හිමින්ගේ අවවාදය දැන්වත් පිළිපැද්දොත් හොදයි.
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති..ඇත්ත කථාව..එහෙම නම් දුමින්ද අත් අඩංගුවට නොගෙන ඉන්නේ? අපේ ඉහල පුටුවල ඉන්න කට්ටියටත් වෙන්නේ භාරතට වුනු දේමද?
පාදඩයින් කුඩුකාරයින් මන්ත්‍රීවරු සහ උපදේශකයින් හැටියට තියාගෙන ඉන්න තුරු ජනාධිපතිට ලේසියෙන් නිර්දෝෂී වෙන්න බෑ.
යුක්තිය ඉටුකරන තීරණයක් දෙන්න
ඩීසල් මිල, උසස් පෙළ ප්‍රතිඵල වගේ තමයි මේකත්
ජනාධිපතිතුමනි, නීතිගරුකබව ඔප්පුකරන්න මෙන්න හොදම අවස්ථාව. මේවා එම්බසි හරහා ඔබාමාට යනවමයි.
ජිනීවා අවුල ඔය වගේ වැඩ හින්දා තමයි මහින්ද අයියේ, මිනිස්සුත් මේවා දිහා ඇස් ඇරලා බැලුවොත් හොදයි.
මේක සම්පූර්ණ අසාධාරණයක්, සිංගප්පූරුවේ දුමින්දට කරන ඕනම පිළිගතහැකි ප්‍රතිකර්මයක් ලංකාවේත් කළ හැකි බවට මට සියයට සියයක්ම විශ්වාසයි. මෙතන වෙන්නේ ප්‍රතිකාර කිරීමක් නොවේ. නීතියට වැලි ගැසීමක්. නමුත් කවදා හරි පවු ගෙවන්න වෙනවා. , ප්‍රභාකරන්, රජීව්. ලලිත්, සියා උල් හක්, සදාම්, හිට්ලර්........... තව කොච්චර උදාහරණ ඕනෙද ?
මේ විදියට ගියොත් ලංකාව ආසියාවේ අවීචිමහා නරකාදිය වෙනවා.
විමලරත්න හාමුදුරුවන්ගේ අවවාද පිළිපැදීම සිදු නොවුනොත් මොකක්ද සිදුවන වෙනස? ඉස්සර වැඩහිටපු කෙලින් හාමුදුරුවරු නම් මුන්ට 'පත්ත නිකුජ්ඣන කම්ම' කියලා එකක් පනවාවී. එහෙම කලාම සංඝ සමාජයෙන් අදාළ වරද කල එකා ප්‍රතික්ෂේප වෙනවා. වඩුග රජවරු පවා ඊට බිය වුනා. එත් දැන් ඉන්න උන්නාන්සේලා වැරදි කරන්න කරන්න තව තව පෝලිමේ ගිහින් පිරිත්නූල් බදිනවනේ...
කෝ අපේ රටේ නීතිය. බලධාරීන් තාම නිහඩයි. දුමින්දව අත්අඩංගුවට ගන්න