IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


දුමින්දට දුන් නිදහස නිත්‍යනුකුල නෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය  සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන්  නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින්  එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට ‌ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.

දුමින්ද සිල්වාට ලබාදී ඇති ජනපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ සැකකරුවන් ආරක්ෂා කිරීමේ පනත උල්ලංඝනය කරමින් ලබාදී ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

දුමින්ද සිල්වාට ජනපති සමාව ලබාදීමෙන් අගතියට පත් පාර්ශවය ගොනුකර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරුමඩුල්ල හමුවේ සලකා බැලූහ.

 



අදහස් (24)

දුමින්දට දුන් නිදහස නිත්‍යනුකුල නෑ

Nimal Wednesday, 17 January 2024 10:50 AM

පෙනේද මිනීමරුවන් සමග සිටිනා ලස්සන.මේ මිනීමරුවන්ව නැවතත් කූරු ගණන් කරන්න දමන්න

:       149       193

wedage Wednesday, 17 January 2024 10:54 AM

ජය වේවා .නීතියට යටින් දුන්නු නියෝග වලට වැඩිකල් පවතින්න බෑ

:       127       199

Kazi Shajahan Wednesday, 17 January 2024 11:05 AM

අසේවනාච බාලානම් ,පණ්ඩිතානන්ච සේවනා .දුමින්ද ට උන දේ .අද හොඳ මිනිසුන් ආශ්‍රය කළා නම් මෙහෙම වෙන්නේ නැහැ දුමින්ද

:       93       119

Buddika Wednesday, 17 January 2024 11:10 AM

අධිකරණයට ගරු කරනව මේ තීරණය ගැන.දුමින්ද කියන්නෙ මිනීමරුවෙක් විතරක් නෙවෙයි. මැරයෙක් සහ කුඩු ව්‍යාපාරයට සම්බන්ධ අයෙක් බව දැනගෙනත් මේ රටේ පාලකයො ඌව ආරක්ශා කලා

:       21       204

Deepal Nirosh Wednesday, 17 January 2024 11:11 AM

ජනාධිපති පදවියට පත් වුණත් රටේ ව්‍යවස්ථාපිත නීතිය කුමක්ද කියා අධ්‍යයනයක් නො කර සහෝදර හරි හෙංචචයිලාගෙ හරි ඕන එපාකම් වලට වැඩ කරන්න ගිහිල්ල නාගත්තු මඩක තරම?

:       94       144

nalin Wednesday, 17 January 2024 11:11 AM

රටේ අදිධිකරණයට මාගේ උත්තමාචාරය. අදිධිකරණය රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නව කියල දැන් මිනිස්සු දන්නව.

:       231       126

Indhika Wednesday, 17 January 2024 11:39 AM

කට්ටිය වැඩිය කෑ ගහන්න එපා. චන්දේ ඉවර වුනු හැටියේ නිදහස් වෙනවා.

:       72       75

වික්‍රමWednesday, 17 January 2024 12:04 PM

ඒවා කවදාවත් හරි යන්නැ ඉදිරියෙදි AKD තමයි දිනන්නෙ. බය වෙන්න එපා.

:       131       86

Sachith Wednesday, 17 January 2024 11:40 AM

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ සැකකරුවන් ආරක්ෂා කිරීමේ පනත උල්ලංඝනය කරමින්.." මේ විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නියෝග තීන්දු තීරණ ගත්ත අයට විරුද්ධව මොනවද ගන්න ක්‍රියාමාර්ග ?

:       159       98

Rohan Wednesday, 17 January 2024 11:48 AM

රාජපක්ෂලාගේ නඩු තීන්දු නිෂ්ප්‍රභා කල ගරු මහේස්ත්‍රාත් තුමාට රටේ පුරවැසි ප්‍රණාමය

:       180       103

Alfread Wednesday, 17 January 2024 12:09 PM

මේක අධිකරණයත් විධායකයත් අතර ගැටුමකට හේතු වන තීන්දුවක්. මේ තීන්දුව යුක්තිය ඉටු වීමක් වුවත් අනාගතයේ නීතියේ ක්‍රියාත්මක වීම පිලිබඳව බරපතල ගැටලුවක් ඇති කරවීමට හේතුවක් වනු ඇත. එනිසා විධායකයත් අධිකරණයත් ගැටුම් ඇති නොවන ආකාරයෙන් ක්‍රියාත්මක නොවුනොත් ඊලඟ සිරියාව, ලිබියාව, ඉරාකය හෝ යුක්‍රේනය බවට ලංකාව පත් වනු ඇත. එනිසා යුක්තිය පිලිබඳව අධිකරණය හා විධායකය යන දෙකම ඉතාමත් බුද්ධිමත්ව හා දුරදක්නා නුවනින් යුතුව හා යුක්තිගරුකව ක්‍රියාත්මක වීම අනිවාර්ය වේ.

:       26       223

Rata Perata Wednesday, 17 January 2024 12:39 PM

ඊලඟ පියවරට යමු. තීන්දුව දුන්නට මිනිහට ඳඩුවම් දෙමු.

:       114       44

Aravinda Monarawila Wednesday, 17 January 2024 01:02 PM

හොරුන්ගේ, දූෂිතයන්ගේ හා මිනීමරුවන්ගේ කාලය අවසාන වේගෙන එන බව තමයි මේ පේන්නේ. රටේ නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට ක්‍රියාත්මක කරන යුගය අතළඟ බව පෙනෙනවා..

:       92       37

nanda Wednesday, 17 January 2024 01:37 PM

විධායක බලතල තියෙන්නේ රටට යහපත් දේවල් කරන්න මිසක් තමන්ට ඕනෑ විදිහට මිනීමරුවන් ආරක්ෂා කරගන්න නෙවෙයි.

:       1       159

siri Wednesday, 17 January 2024 01:40 PM

රටේ අධිකරණය උත්තරීතරයි. ජනතාව ඒ ගැන විශ්වාස කරනවා... ගරුකරනවා.

:       136       30

ashok Wednesday, 17 January 2024 01:47 PM

පව්කාරයින්ට කවදාවත් ගැලවීමක් නැහැ. පොහොට්ටුවත් මේ පවුවලට කරගහලා... ඒකත් දියවෙලාම ගියා...

:       1       126

පිටිගල මිලානෝ Wednesday, 17 January 2024 02:17 PM

විරුවාගේ මොළේ තරම කියන්නේ ඒකවත් හරියට කරගන්න බැරිවුණා. අනිත් හැම වැඩක්ම වාගේ…

:       112       53

daya Wednesday, 17 January 2024 02:19 PM

බලය, මිලමුදල් තිබුණා කියලා පුරවැසියකුට වැඩි අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ... නීතිය හමුවේ එක සමානයි. දේශපාලන නායකයන්ටත් හොඳ පාඩම්... මේවා මෝඩ වැඩ... මින් ඉදිරියටවත් නොකරන්න.

:       59       27

චන්දන නන්දන Wednesday, 17 January 2024 02:19 PM

විරුවා මරුවා සමග වාසේ.!

:       32       53

achini Wednesday, 17 January 2024 03:12 PM

අධිකරණයට ජයවේවා...!

:       129       46

sudesh Wednesday, 17 January 2024 03:24 PM

විරුවා කරපු එක හොඳක් නෑ...

:       99       55

එස් ජයරත්න Wednesday, 17 January 2024 05:06 PM

එක හොඳක් තියෙනවා. අරගල කාලේ කුමක් හෝ හේතුවක් නිසා තුවක්කු බලය භාවිතා නොකිරීම සහ රටෙන් පැන්න එක...

:       0       85

Pradeep Wednesday, 17 January 2024 04:48 PM

මන්නාරම් තෙල් නිධි මතුවීම.. ලසන්ත ඝාතකයින් සෙවීම.. තාජුඩීන්ගේ ඝාතකයින් සෙවීම... මහ බැංකු හොරු ඇල්ලීම.. වගේ .. ඡන්දෙ කාලෙට මතක් වෙන ලිස්ට් එකට අලුතින්ම එකතු වුණු එක...

:       3       46

පුරවැසියා Thursday, 18 January 2024 09:47 AM

යක්ෂයාගේ හෝරාව උදා වී ඇත පාලන බලය හොර නඩයෙන් සාමාන්‍ය ජනතාව අතට පත් වෙන එක වලක්වන්න සියලුම උත්සාහ ය න් යොදනු ඇත. මෙහි ඇති ජනතාවාදී අදහස් වලට අකමැත්ත ප්‍රකාශ කර ඇති ආකාරයෙන් එය දිස් වේ.

:       2       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසසි
2024 මැයි මස 16 155 0

පවතින අධික වර්ෂාවත් සමඟ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12, සහ 13 කනුව ප්‍රදේශයේදී මාර්ගය ට විශාල පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමත්, කරදගොල්ල මලිත්තගොල


‘‘වත්මන් පාලනය මහින්ද අසරණ කරලා‘‘
2024 මැයි මස 16 408 0

රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විජාතික කරණය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට කිසිදු අයිතියක් හෝ ජනවරමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්ප


රුසියාවට සෙබළු පැටවූ රට රැකියා අයතන හිමිකරු - කළමණාකරු අත්අඩංගුවට
2024 මැයි මස 16 822 0

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ නුගේගොඩ ප්‍රදේශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගත


’’සුරක්ෂා’’ රක්ෂණයට යළි පණ එයි
2024 මැයි මස 16 434 0

සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.


ලක්ෂ 80 කොල්ලය වරදී:පොලීසියේ දෙකක් ඇතුළු හතරක් මාට්ටු
2024 මැයි මස 16 1566 0

මහනුවර පූර්ණවත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80 ක මුදලකට ව්‍යාජ මුදල් දමා එම ව්‍යාපාරිකයා පොලිසියට හසුකොටදී ,ම


උසස් පෙළ පන්ති 4 වැනිදා ඇරැඹෙයි
2024 මැයි මස 16 317 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා රජයේ පාසල්වල උසස් පෙළ පන්ති ජූනි මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 731 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2271 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1942 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site